(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනයවීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව කොළඹ වරාය වෙත අද (28) පෙරවරුවේ සුඛෝපභෝගී මගී නෞකාවක් පැමිණියේය.
‘ක්‍රවුන් ප්‍රින්සස්’ නැමති ඇමෙරිකානු මගී නෞකාව 2,098 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද සමඟ මෙසේ කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වරායෙහි සිට දින 15ක පමණ ගමනක් අවසන් කරමිනි.
එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් විවිධ රටවල අය වන අතර ඔවුන් සිට රටවල් වෙත යැවීම හෙට (29) සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා මගින් සිදුකෙරෙන බව වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙය විශේෂ අවසරයක් මත මාස ගණනාවක් රට රටවල සංචාරයක නිරත වූ නෞකාවක් බව ද එම නිලධාරියා සඳහන් කළේය.
පිලිපීන ජාතිකයින් 1,466ක්, ඉන්දියානු ජාතිකයින් 380ක්, ඉන්දුනීසියානු 113ක්, ඉතාලි 28ක්, චීන ජාතික 22ක් හා ඕස්ටේ්රලියානු, යුක්රේන්, බල්ගේරියානු, ජපන්, දකුණු අප්‍රිකා ආදී රටවල් 28ක වැසියන් මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරන අතර එය කාමර දෙදහසකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.
මේ කාර්ය මණ්ඩලය අතරින් ඉන්දියානු ජාතිකයින් 310 දෙනකු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් අද (29) සියරට බලා ගමන් ගන්නා බව ද එම නිලධාරියා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි, නියෝජ්‍ය පාලක කේසි ප්‍රනාන්දු සහ තොටුපල හා වරාය භාර සහකාර පාලක ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
සෙසු පිරිසද ඉදිරියේදී ගුවන් මගින් සිය රටවල් බලා පිටත් කිරීමෙන් අනතුරුව නෞකාව ඇමෙරිකාව බලා ගමන් අරඹනු ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
මෙම මෙහෙයුම් කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉතා ආරක්ෂාකාරී අයුරින් සිදුවන බව කී හෙතෙම එහි නිෂ්කාෂණ කටයුතු හා බැඳුම්කර ලබාගැනීම සිදුකරන්නේ ද ආගමන විගමන නිලධාරීන් පිරිසක් නෞකාව තුළට ගොස් බව ප්‍රකාශ කළේය.
ඒ අනුව විශේෂිත ආරක්ෂක ඇඳුම්වලින් සැරසුණු නිලධාරීන් හය දෙනෙකු සමඟ තමන් ද වරාය භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රොෂාන් සම්පත් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකළ බව ද ඔහු කීවේය.
මෙවැනි තවත් නෞකාවක් ලබන 31 වැනිදාත් කොළඹ වරායට පැමිණෙන බව හෙතෙම පැවසීය.
කොරෝනා වසංගතය සමඟ ලෝකය මුහුණ පා ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් සේවය විසින් කරන මෙම කාර්යය මානුෂීය මෙහෙයුමක් බව ද ඔහු පැවසීය.
මෙයින් ශ්‍රී ලංකාවට ආදායමක් මෙන්ම මෙවැනි මානුෂීය මෙහෙයුමක් තුළින් ලෝකය තුළ ශ්‍රී ලංකාව ගැන යහපත් ප්‍රතිරූපයක් ද ගොඩනැගෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු අරඹයි
Nandalal DE SILVA - France Thursday, 28 May 2020 06:43 PM
ශ්‍රී ලංකා ජනාධිපති, විශ්‍රාමික කර්නල්, ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක යන අය මේ නෞකාව හරහා තවත් කොරෝනා අාසාධිතයින් කොතරම් ගානක් අපේ රටට මේ දායාදය ගෙනාවාද කියා තව ටික දිනකින් දැනගැනීමට පුළුවන් වේවි. මෙතන මානුෂික මෙහෙයුමකට වඩා තිබෙන්නේ ආදායම ලබා ගැනීම බව පැහැදිලිවම පේනවා. රට ඇද වැටි තිබෙන ආර්ථික අහේනියට නැව් මගින් කාසි හොයාගන්න උත්සාහ කිරීම "ලේනෙක් වලිගයෙන් මහ මුහුද හිස් කර මුහුදට වැටුන සිය පැටියා බේරා ගැනීමට ගත් උත්සාහය වගේ" කියා මගේ ආච්චි හිතනවා ! එහෙමවත් කරලා බලන්නකෝ...!!!