(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ගයාන් අමරසේකර)
පකිස්තානයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (18) ප්‍රකාශ කළාය.
පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයක නිරතවීම ඉමහත් සතුටක් යැයි ද පකිස්තාන විදේශ ලේකම්වරිය කීවාය.
පකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත ‘පාකිස්තාන ආදී විද්‍යාර්ථීන්ගේ ශ්‍රී ලංකා සංගමය’ ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් විදේශ ලේකම්වරිය එම කරුණු කීවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ ලේකම්වරිය තවදුරටත් මෙසේ කීවාය.
“ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අපි ඉමහත් සතුටට පත්වෙනවා. එය අප ලද ගෞරවයක්. පකිස්තාන ජාතිකයන් පකිස්තාන කණ්ඩායමට හා සමානව ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජයඝෝෂා නගනවා. මම ඒ ගැන සුරක්ෂිත වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් පකිස්තානයේ දී ඉතා හොඳ කාලයක් ගත කරාවි. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් අවශ්‍ය කරගත යුතු නැහැ. පාකිස්තානයේ ලාහෝර් නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වුණා. ඒ නිසා අපි ගැන ඒ ගැන වදවිය යුතු නැහැ” යැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් නෑ - පාකිස්තානු විදේශ ලේකම්
de silva Wednesday, 18 October 2017 12:22 PM
ඔය මෙලේච්ඡ තලෙයිබාන් කාරයෝ අපේ ක්‍රීඩකයින්ට කොහොම හරි ප්‍රහාරයක් එල්ල කරන එක සිකුරුයි. කරුණාකර අපේ කොල්ලෝ ටික නම් මරන්න දෙන්න එපා. ඔය සෙල්ලම් කරන විදිහට අපිට පුළුවන් පකිස්තානෙත් එක්ක එමිරේට්ස් රටේ ක්‍රීඩා කරන්න. මේ ගොල්ලන් හොඳට සිත කාමර වල ඉඳන් කෑවට, බිව්වට මේ ගොල්ලන් යන්නේ නැහැනේ දංගෙඩියට බෙල්ල තියන්න...
de silva Friday, 20 October 2017 02:46 PM
ආරක්ෂක තත්වය හොඳින්ම බලාගන්න නම් ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු පාලක මණ්ඩලයේ නිලධාරින් ටික සති 2-3 පාකිස්ථානයේ ක්‍රිකට් සභාපති සහ නිලධාරීන් සමග ක්‍රීඩා කරන්න යවන්න. ඊට පස්සේ තත්වය හොඳ නම් අපේ ක්‍රීඩකයන් යවන එක ගැන සලකලා බලන්න පුළුවන්...