පිලීපීනයේ නිල සංචාරයක් සදහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු විය.
එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි
හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ.
එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
(36698)
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකා - පිලිපීන ජනපතිවරු සාකච්ඡා අරඹති
siri Wednesday, 16 January 2019 02:33 PM
කුඩු මුදලාලිලාට දෙන බෙහෙත අහගන්න පුළුවන් වෙයි. පිලිපීන ජනාධිපති තුමා ළඟ තියෙනවා එතුමා ඒවගේ අයට දෙන කියාපු බෙහෙත් වට්ටෝරු ගණනාවක්ම...
RaveendraWednesday, 16 January 2019 03:27 PM
ඇත්තෙන්ම ඒ දෙන බෙහෙත් වලින් ප්‍රතිඵල තිබෙනවා නේද? ඉතින් කව්රු කෙසේ කීවත් ඒ වට්ටෝරුවම ගන්න පුළුවන් නම් අපේ රටේ අනාගතේටත් හොඳයි.
විජිත් Wednesday, 16 January 2019 05:00 PM
රවින්ද්‍ර මල්ලි, හොඳම බෙහෙත තමයි ' හෙලිකොප්ටරයෙන් උඩට අරන් ගිහින් බිමට අතහරින ' කෙම් ක්‍රමය. ' හැබැයි ඉතින් අපේ රටේ ඒ බෙහෙත දෙන්න හොඳ දොස්තර මහත්තයෙක් තවම ඉදිරිපත්වුනේ නැහැ. මොකද ..ඒ බෙහෙත් ක්‍රමය පටන් ගත්තානම් .. දියවන්නාව පැත්තේ තියෙන, මුළු රටම ගඳ ගහන ' ඌරු කොටුවේ ' එකෙක්වත් ඉතිරි වෙන්නේ නැහැ.
සමීර Wednesday, 16 January 2019 02:43 PM
පිලිපීන ජනාධිපති කියන්නේ ලෝකෙම පිළිකුල් කරන මිනීමරු පාලකයෙක්. ඔහුගේ සෘජු අණදීම යටතේ 'මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්' යන ලේබලය යටතේ පුද්ගලයන් 5,000 කට වඩා ඝාතනය කර තියෙනවා. ලංකාවේත් ඔය අයුධ පෙන්නන්න යනවා වගේ.
Chanak los angrles Wednesday, 16 January 2019 02:44 PM
වංචාවට, දූෂණයට කප් ගහපු අපේ ජාතියේම රටක්.. අපේ කෝලමා මොනවා කියවලා, මොනවා ගෙනේවිද දන්නේ නැහැ?
nanda Wednesday, 16 January 2019 03:25 PM
ජනප්රියභාවය සියයට 60කට වඩා වැඩියි.
මන්ත්‍රී Wednesday, 16 January 2019 03:56 PM
කොහොමද මචන්.. කොළඹට හරියට වහිනවා හිටන් .. වෙන මොනවා කියන්නද?
ලුම්බිණි Thursday, 17 January 2019 03:47 AM
58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව මේක වීමෙන්ම තව දුරටත් හිතන්න ඕන නැහැ.
a.b. Srila Thursday, 17 January 2019 04:53 AM
අපේ ගරු නිශාන්ත මුතුහෙට්ටිගම මැතිදුන් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සමග ආරාධනා ලැබීම රටට ආඩම්බරයක්...
aksam Thursday, 17 January 2019 10:27 AM
ආසියාවේ දුප්පත් රටක් .මැදපෙරදිග වැඩිම ගණිකාවෝ පිලිපීනයෙන්.අපේ අය මෙහෙ දෙවෙනි පවුල් කන්නේ පිලිපින් දත් දොස්තොර වරුන් සමග ....