IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් බර අදින අපේ දුප්පත් වැසියෝ

දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 2270 ක මුදලක් සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි සඳහන් පුවතක් ඉකුත් දා වාර්තා විය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ආදී අත්‍යවශ්‍ය කාරණා සඳහා මෙම මුදල් ඉල්ලා තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ගුවන් සමාගමක් යනු පාඩු ලබන ආයතනයක් නොවිය යුතුය. එය සෑහෙන තරමේ ලාභයක් සහිතව පවත්වාගෙන යා හැකි ආයතනයකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉතිහාස කතාව අතිශයින්ම ඛේදනීය වේ. එය ආරම්භයේ සිටම පාඩු ලබන ආයතනයකි. අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය නිසාම එම ඉරණමට එම ආයතනය ගොදුරු වී තිබේ.

කොරෝනා මාරක වසංගතය හමුවේ ගුවන් ගමන් සංචරණය නැවතීම මෙවර අත්‍යවශ්‍ය වියදම් සඳහා හෝ ආදායමක් නොමැති වීමට හේතුවකි. එම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණක් නොව ලෝකයේ සෑම ගුවන් සමාගමකටම පොදු තත්ත්වයකි. කෙසේ වෙතත් මෙබඳු අවස්ථාවකදී නඩත්තු වියදම් පියවා ගැනීමට සමත් ඉතුරුවක් ගුවන් සමාගමකට තිබිය යුතුය. නිසි කළමනාකාරිත්වයක් වේ නම් එය අපහසු ඉලක්කයක්ද නොවේ. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉතිහාසයක් පුරා එම අනගි නායකත්වය නොලැබීමේ තාර්කික පංගුව අද ප්‍රදර්ශනය වෙමින් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් ඔක්තෝබර් මාසය දක්වා පියවා ගැනීමට රුපියල් කෝටි 1385 ක් ඉකුත් අප්‍රේල් මාසයේදී මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබේ. රුපියල් කෝටි 2270 ක මුදල ඉල්ලා තිබෙන්නේ එයට අමතර වශයෙනි.

රටේ මහා භාණ්ඩාගාරයට බරක්වන ආයතන රාශියක් තිබේ. ලංගම, දුම්රිය, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ අතර ප්‍රධාන වේ. ලංගම සහ දුම්රිය සේවා සපයන ආයතන වුවද පාඩු නොලැබ පවත්වාගෙන යා හැකිය යන්න අසත්‍යයක් නොවේ. එහෙත් මෙම ආයතන බලයේ සිටින දේශපාලන පක්ෂයේ ශාඛා කාර්යාලයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මහජනයාට ඔසොවාගෙන යාමට සිදුවී තිබේ.

2010 – 2015 අතර කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්‍රියාකාරකම් පරික්ෂා කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. සෑම කාලයක් සඳහාම විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කර විමර්ශනය කළයුතු බොහෝ දේ අන්තර්ගතය. එහෙත් පෙර වැරැද්දම නැවත නැවත සිදුවනවා මිස තත්ත්වය යහපත් අතට පත් නොවීම ඛේදවාචකයකි.

අප රටේ බරපතළම ප්‍රශ්නයක් වන්නේ සියල්ලටම පෙර දේශපාලන සුදුසුකම සලකා බැලීමය. යම් ආයතනයක වගකීමක් යම් අයකුට පවරන්නේ නම් එම විෂය සම්බන්ධ විශේෂඥ දැනුමක් එම පුද්ගලයාට තිබේද යන්න විමසා බැලිය යුතුය. විශේෂඥ දැනුම තිබුණද පරිපාලන හැකියාව තිබේද යන්න විමසිය යුතුය. මේ සියල්ලෙන්ම සපිරි දක්ෂයන් සිටීද යනුවෙන් අතුරු ප්‍රශ්නයක් යමෙකුට මතු කළ හැකිය. එහෙත් ඒවා ප්‍රශ්න නොවේ. එබන්දෝ සිටිති. එහෙත් ඔවුන්ට දේශපාලන සුදුසුකම් නැත. එහෙයින් අවස්ථා හිමි නොවේ.

දේශපාලන සුදුසුකම් මත පත්වීම් ලබන්නෝ එම ආයතනය තමන්ට ලැබුණු නින්දගමක් යැයි සලකා කටයුතු කරති. ඔහු ළංකර ගන්නේද තමන්ට ආවතේව කරන තම මතය ඉස් මුදුනින් පිළිගන්නා දේශපාලන බත්බැලයන් පමණි. රාජ්‍ය ආයතන විනාශයකරා ගමන් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 2270 ක මුදලක් ඉල්ලා සිටින්නේ එම ආයතනයේ නඩත්තු කටයුතු වෙනුවෙනි. මේවා මහජන මුදල්ය. ඒවා පරිහරණය කළ යුත්තේ ඉමහත් වගකීමෙනි. එහෙත් එම වගවීම නොමැතිකම රජයේ සේවයේ ආවේණික ලක්ෂණයකි. එම ආවේණික ලක්ෂණ එලෙසින්ම තිබියදී ගමන් කරන්නේ නම් මේ ආයතනවල බරද ඔසොවාගෙන යාමට ජනතාවට සිදුවනු ඇත.

(***)



අදහස් (22)

ශ්‍රී ලංකන් බර අදින අපේ දුප්පත් වැසියෝ

Puppa Wednesday, 25 November 2020 06:34 AM

ඔය විනාශය මුලින්ම කළේ ලොකු අප්පු... 35 දෙනෙකු එක්ක එංගලන්තයේ සවාරි ගිහිල්ලා. ලොකු අප්පු පළමු පන්තියේ ටිකට් 35 ඉල්ලලා එන්ගලන්තේ ඉඳලා ලංකාවට එන්න හදලා තියෙන්නේ.

:       2       31

ලුම්බිණි Wednesday, 25 November 2020 06:44 AM

දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි නේද? මේකේ පාලනය කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන එක කළ යුතුයි කියලා... පටන් ගත්ත දා ඉඳලාම පාඩුයි...

:       1       32

de silva Wednesday, 25 November 2020 08:09 AM

එමිරේට්ස් සමග මගී පාලනය වුණු කාලේ මෙයා ලාබ ලැබුවා... ආණ්ඩුවට ගත්ත දවසේ ඉඳලා පාඩු. මුලින් අවුරුදු වල පාඩුව වසරකට රුපියල් කෝටි 1000-2000 අතර.. දැනට අවුරුදු 4-5 සිට පාඩුව රුපියල් කෝටි 2000-3000 අතර මේක පවරාගෙන දැන් අවුරුදු 10ක් වෙනවා. පාඩුව රුපියල් කෝටි 15000-18000 අතර ප්‍රමාණයක්... මෙම මුදල් යොදවලා ලංගමට බස් ගෙනාවා නම් අපේ ප්‍රවාහන ප්‍රශ්නවලින් 80% පමණ විසඳා ගන්න තිබ්බා.

:       0       26

සෙනෙවිරත්න Wednesday, 25 November 2020 02:37 PM

මහින්දගේ කාලේ එමිරේට් එකෙන් ආපහු ගත්තේ රටට ආදරේට නෙවෙයි. එයා කියපුවා නොකළාට. එදා ඉඳන් මේ හත්තිලව්ව රටේ සල්ලි ගිලිනවා. මේක වහලා දාන්න. වෙනත් ගුවන්සේවා වලින් ගමන් යාවි අවශ්‍ය කෙනෙක්...

:       2       13

බද්රානි Wednesday, 25 November 2020 08:23 AM

බූරුවන්ගෙන්, ඔටුවන්ගෙන් සහ හරක්ගෙන් බර අද්දවා ගන්නේ නැතිව වෙන මොනවා කරන්නද? ඔය සිරි ලන්කන් කියන එක හැමදාම මංකොල්ල කාරයින්ගේ සන්තකයේ තමයි තිබුනේ? ඉතින් කොහොමද ලාබ ලබන්නේ? ඒ මොන පාඩු ලැබුවත් බත් කන බූරුවන් ජාතික ගුවන් සේවයේ අභිමානය ගැන උජාරු වෙනවා. අනේ පව්!! වෙන ඉතින් මොනවා කියන්නද මොලයේ හැටියටනේ වැඩ...

:       1       24

senaWednesday, 25 November 2020 09:06 AM

කියලා වැඩක් නැහැ ‘‘ජාතික දේපළ‘‘ විකුණන්නේ නැහැ කිව්ව ගමන් අපේ කට්ටිය ඡන්දෙ දීලා පත්කර ගන්නවා එදා ඉඳලා... ලොක්කෝ ටික හොරාකනවා... මුලු රටම ණය ගෙවනවා.

:       1       16

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 November 2020 09:30 AM

ඉතාමත් සාරගර්භ වටිනා කරුණු ඇතුළත් ලිපියක්. මෙහිදී වැඩිදුරට සිතා බැලුවහොත්, පෙනීයන කරුණක් තමයි කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එයින් ලාභ නොලබා මහා භාණ්ඩාගාරයෙන් කෝටි ගණනින් ආධාර මුදල් ඉල්ලන්නේ නම්, ඒ්වනි ව්‍යාපාර තවදුරටත් පවත්වා ගෙනයාම කළයුතුද යන්නයි. තමන්ට හිතවත්, එහෙත් නිසි සුදුසුකම් නොමැති, දේශපාලන හිතවත්කම ඉහළින්ම ඇති ගැත්තන් පත්කරගැනීම නිසා නැති නාස්ති වනුයේ රටේ මුදල්ය. දුම්රිය, ලංගම ආදියද මේවාට නිදසුන් බව සැබෑය. දේශපාලකයන් හා ඔවුන්ගේ පුරොහිතයන්ද, නෑයන්ද, බුරුතු පිටින් රට සවාරි යාමෙන්ද ගුවන් සමාගම් පාඩු ලැබීමට බලපානා තවත් සාධකයකි. මෙවන් ආයතන අහෝසිකොට දමන්නේ නම්, ඒවායේ පාඩු වලින් රටේ මුදල් නාස්තිවීම සිදුනොවනු ඇත. එසේ උවහොත්, තම නෑ හිතවතුන්ගේ රිසිසේ පෝෂණය වීමට මාර්ග සැලසිය නොහැකිවනු ඇත. දේශපාලකයන් ට එය සිදුකළ නොහැකි දෙයකි. පිරිසිඳු සත්‍යය එයයි. අපි මොනතරම් අවාසනාවන්ත මිනිසුන් වෙමුද ... ?

:       0       16

Damith Wednesday, 25 November 2020 09:59 AM

මැනේජ්මන්ට් එකේ ඉන්න අය පුටු රත් කරන අයට ලක්ෂ ගණන් ගෙවනවා නේද.

:       0       5

Ranjan Wednesday, 25 November 2020 10:01 AM

ජාතික අභිමානය රකින්න බිලියන් ගණනන් වැය කර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ ආකාරයට ඉදිරියටත් පවතවා ගන්න ඕනද අසරණ ජනතාවට බර පටවා අභිමානය රකිනවද නැහැ ලෝකයේ තවත් ගුවන් සමාගම් තිබෙනවා යම් කෙනෙකුට රටින් පිට වෙන්න සහ රටට ආපසු එන්න.

:       0       11

karuSaturday, 28 November 2020 07:18 PM

මොන අභිමානයක්ද මේ රටට..? හිඟන රටවල් වලිනුත් හිඟාකන රටක්... බවට මේ රට පත්කළේ මෝඩ, නූගත් පාලකයින්. මේ රටට නව පාලනයක් අවශ්‍යයි. මෙතෙක් දේශපාලනය නොකළ අවංක, උගත්, බුද්ධිමත් අයගෙන් සමන්විත, නාගානන්ද කොඩිතුවක්කු මහතා හඳුන්වාදුන් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසිදු නායකයෙකුට පමණයි... මේ සක්කිලි දේශපාලුවන් විසින් විනාශ කළ රට ගොඩගත හැක්කේ...

:       0       0

sakalabujan Wednesday, 25 November 2020 10:03 AM

ගරු මහත්යාණනි, ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ලබාදෙන මැද පෙරදිග ශ්‍රමිකයින් මවූබිමට පැමිණීමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ වාර්ෂික නිවාඩු ලබා, රැකියාවෙන් ඉවත් වී හෝ අසනීප තත්වයන් මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ගැටළු රැසකට මැදිහත්ව සිටියි. අසල්වැසි ඉන්දියානු ජාතිකයින්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුළත විශාල ලෙස වසංගත තත්වය පැතිරී ඇති බැවින්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම තුළින් රට තුළ covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබූ මතය තවදුරටත් පදනම් විරහිත කරුණක් බවට පත්ව ඇත. එමනිසා ගුවන් තොටුපල විවෘත කර විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට පැමිණීමට ඉඩ ලබාදී, ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයන් නිරෝධායනයට ඉඩ ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මීට අසරණ භාවයට පත්, ශ්‍රී ලාංකිකයින්...

:       1       15

RaveendraWednesday, 25 November 2020 11:21 AM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අපද මේ පිළිබඳව විශේෂයෙන් මැදපෙරදිග තත්වය පිළිබඳව විටින් විට සඳහන් කළත් කිසිඳු සාධනීය පියවරක් නොගැනීම කණගාටුවකි.

:       1       7

Raveendra Wednesday, 25 November 2020 10:21 AM

වංක බුරුවන් (වංක බුරුවන් කොළ පාටද නිල් පාටද රතු පාටද අදාළ නැත ) පාලනය කරන්නේ කුමක්ද එය අගාදයට යන බවට මෙය කදිම උධාහරණයකි..

:       1       6

dhamneth Wednesday, 25 November 2020 11:05 AM

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට ගෙනයනවා කිව්වට කිසිම සාර්ථක ගමනක් යාමට ජනාධිපතිතුමාට ලැබෙන ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.

:       3       6

දොලේවත්තWednesday, 25 November 2020 01:21 PM

බැටළුවෙකු මෙහෙයවන සිංහ හමුදාවකටවත් මම බිය නොවෙමි. එහෙත් සිංහයෙක් මෙහෙයවන බැටළු හමුදාවට මං බයවෙමි. මන්ද සිංහයකු මෙහෙවන බැටළු හමුදාවේ බැටළු පෝතකයන් සටන් වදින්නේ සිංහ පෝතකයන් ලෙසිනි.... මහා ඇලෙක්සැන්ඩර්

:       1       3

de silva Wednesday, 25 November 2020 01:22 PM

පහුගිය කාලේ පැමිණි නිල්, කොළ, රතු ඇතුළු සෑම ආණුඩුවක් යටතේම මේක පාඩු ලැබුවා. එමිරේට්ස් යටතේ පාඩු ලැබුවා. මේක කරන්න පුළුවන් පුද්ගලික අංශයට පමණයි. මේක අවුරුදු 10ක් පුද්ගලික අංශයට බදු දෙන්න.

:       0       2

සෙනෙවිරත්න Wednesday, 25 November 2020 02:38 PM

රතු ආණ්ඩු? එහෙම එහෙකට ඡන්දෙ දුන්නද?

:       1       1

Demuni Uduwara Wednesday, 25 November 2020 01:43 PM

අපි චීනයට පවරමු... චීන කොළණියක් හැටියට කරගෙන යන්න කියලා.

:       3       4

kanchana de silvaSaturday, 28 November 2020 07:06 PM

මහින්දට පින්සිදු වන්න දැනටත් ලංකාව චීනයේ කොලණියක් තමයි. කොළඹ සමහර පාරවල්වල නම චීන භාෂාවෙනුත් සඳහන් කරලා තියෙනවා. මැදමුලන රැල මේ රටම නැතිකළා.

:       0       0

de silva Thursday, 26 November 2020 07:52 AM

සෙනෙවිරත්න මහත්මයා. මම රතු කියලා කිව්වේ වාමාංශිකයන් ලෙස තමන් විසින් හඳුන්වාගෙන පාර්ලිමේන්තුවේ සිටින වාසු වැනි පුද්ගලයන්...

:       0       2

sam Thursday, 26 November 2020 08:53 AM

නූගත් දේශපාලකයින්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ...?

:       0       4

suminda perera Saturday, 28 November 2020 07:03 PM

ඔය මල ජරාව වහලා දැම්මා නම් ඉවරයිනේ. කාලයක් එමිරේට්ස් එක්ක ලාබදායක ලෙස මේ ආයතනය පවත්වාගෙන ගියා. ඒ කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂට වහාම එංගලන්තයේ සිට ලංකාවට පැමිණෙන්නට ආසන 100ක් විතර වහාම දෙන්නට නොහැකිවීම නිසා (මහින්දට සහ තව කීප දෙනෙකුට ආසන දියහැකි බව කීවත් මහින්ද මස් රාත්තලම ඉල්ලා සිටියා) ඔහු ලංකාවට පැමිණි වහාම එමිරේට්ස් ආයතනයත් සමග තිබූ ගිවිසුම අවලංගු කළා. මේ ආයතනය ඉහළටම ඔසවා තැබූ පීටර් හිල්ස් මහත්මයාව සභාපති ධුරයෙන් අයින්කළා. ඔහු එංගලන්තයට ගොස් පසුව පාඩු ලබමින් තිබූ වෙනත් ගුවන් සේවයක ඉහළම තනතුර ලබා ඒ ගුවන් සේවයත් ඉහළටම ඔසවා තැබුවා. රාජපක්ෂලාගේ උද්දච්චකම නිසා අපේ ගුවන් සේවය ආයෙත් නොනැගිටින ලෙසම වැටුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 151 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 401 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1019 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1312 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 439 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 206 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site