IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී පාද පියගැටපෙළට කුණු කන්දක් කඩාවැටෙයි

(රංජිත් රාජපක්‍ෂ )
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කන්දක් කඩා වැටිමෙන් අවහිර වි ඇති ශ්‍රී පාද පියගැට පෙළ කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව  ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති.

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලූව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ වැලවිට වංගුව ප‍්‍රදේශයට ශ්‍රී පාද උඩමළුවේ සිට පහළට කඩාගෙනවිත් තැන්පත් වි ඇති කැළි කසල කඩිනමින් ඉවත් කර අලාභ හානි සිදුවි ඇති පියගැට පෙළ යලි යථාතත්ත්වය පත් කරන බව

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධමිමදින්න හිමියෝ කීහ. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩමළුව ප‍්‍රදේශයට ගෙන ගොස් මුදාහැර තිබු කැළ කසල සහ ඝණ අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සදහා එක්රැස් කර තිබියදි මෙසේ පහළට කඩාගෙනවිත් ඇත.

මේ දිනවල අවාරේ නිසා එම කැළි කසල කන්ද කඩා වැටිමෙන් කිසිවකුටත් බාධාවක් නොවන අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති කැළි කසල පස් හා උඩමළුවේ ඉතිරිව තිබෙන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් ආරක්‍ෂක අංශ නිලධාරින්, රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරින් හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පැවසූහ.



අදහස් (13)

ශ්‍රී පාද පියගැටපෙළට කුණු කන්දක් කඩාවැටෙයි

Bawa Wednesday, 18 October 2017 05:48 PM

ඇයි ලැබෙන ආධාරවලින් මීට ක්‍රමවත් කසල කලමණාකරණ වැඩපිළිවෙළක් කරන්නේ නැත්තේ..?

:       34       380

ජගාWednesday, 18 October 2017 06:31 PM

මොන කසල කළමණාකරන වැඩපිලිවෙලක් හැදුවත් වැඩක් නෑ. මිනිසුන් ඒ ගැන හිතට ගන් නැතිනම්. සංවේදී පරිසර පද්ධතියක් කියල හිතෙන්නෙ නැත්තං දෙයියනේ මේක සමන් දෙයියන්ගේ අඩවිය කියලා හිතල හරි සිරීපාදෙට පොලිතීන්, ප්ලාස්ටික්, සිගරට් ගෙනියන එකත්, ඒවා හිතූ හිතූ ලෙසට විසික් කරන එකත් නවත්තන්න. අද ඔය කරන නරක දේවල් ප්‍රතිඵල ලබන්නේ තව අවුරුදු ගාණක් ගියාම. එතකොට කාටවත් මොනවත් කරන්න ප්‍රමාද වැඩියි. පසුතැවෙනවා හැරෙන්න..

:       0       226

Kandepola Thursday, 19 October 2017 02:32 AM

තව අවුරුදු ගානකට අපේ මිනිස්සු හැදෙන්නෙත් නෑ, රට හැදෙන්නෙත් නෑ.

:       0       38

කොඩ්ඩා Thursday, 19 October 2017 03:41 AM

කසල බඳුන් තියලම වැඩක් නෑ, අපි ගෙනියන දේවල් අරන් එන්න ඕන. අනික වතුර බෝතල්, පොල්තෙල් බෝතල්, කෑම ගෙනියන එක තහනම් කරන එක practical නෑ. මිනිස්සු හැදෙන්න ඕන. කට වගේම පරිසරයත් පරිස්සම් කරගන්න ඕන.

:       0       44

shelton Thursday, 19 October 2017 03:55 AM

සතර පෙර නිමිති...... 1 .වල අලියෙක් අනුරාධ පුර පූජාබූමියට කඩාවැදී මිනිසුන් මරා දැමීම. 2.බුදහු පිළිමයක් නිරාවරණය කිරීමට පෙර මීයක් කඩන්නට ගොස් මී කඩන්නා මියයාම. 3.මහා ගංවතුරකින් මුළු පොළොන්නරුවම යටවීම. 4.සිරිපාදය කුණු කන්දක් බවට පත්වීම.

:       29       7

asanga Thursday, 19 October 2017 05:10 AM

මේවට අපි හැමදෙනාම වගකියන්නොන.

:       6       4

මැටිපහන Thursday, 19 October 2017 05:25 AM

නල්ලතන්නියේ හැටි දැක්කම හිතාගන්න බැහැ ඇයි මේ වගේ හොඳ තැනක් මේ තරම් ජරාවට තියාගෙන ඉන්නේ කියල. දසලක්ෂ ගණන් සංචාරකයෝ සහ බැතිමත්තු එන තැනක්. ලැබෙන කෝටි ගණන් ආධාර වලින් මේවා හොඳට හදන්න පුළුවන්. තණ්හාවට සල්ලි පොදි ගහගෙන ඉන්නේ මොනවටද මන්ද. අනේ ඉතින් අපි වගේ පරිසරයට ආදරය කරන කණ්ඩායම් කීපයක් සීසන් එකෙන් පස්සේ පොලිතින් ටික සුද්ද කරලා දෙනවා. නැත්තම් ඔතන මහා කුණු ගොඩක්.

:       0       209

aseThursday, 19 October 2017 07:39 AM

අතාරින්න කියන්නේ අපිට , පොදි ගහන්නේ ඒ අය, අනේ අනිච්චං !!

:       1       59

kap Thursday, 19 October 2017 06:05 AM

සමන් දෙවියෝ කොහොම වැඩ ඉන්නවද මන්දා ? දෙවිවරු කොහොමද මේ වගේ ජරාවක වැඩ ඉන්නේ.................

:       1       7

vimuth Thursday, 19 October 2017 10:14 AM

ශ්‍රී ලංකාවේ බහුතර මිනිසුන්ගේ කුණු පිළිබද ආකල්පය ඉතා පහත්ය. තමන් විසින් ඉවතලන දේවල් පිළිවෙලකින් තොරව ඉවත දමයි. ගිය වසරේ මම සිරිපා වන්දනා කරන විට ගමන් මාර්ගයේ තිබුන ටොපි කොළ, ෂොපින් බැග්, ප්ලාස්ටි බෝතල් වෙනි දේ එකතු කර අදාල කුණු බෙහෙර කරන ස්ථාන වලට දෙමුවෙමි. කණගාටුවට කරුණ වන්නේ මාර්ගය දෙපස තබා ඇති කුණු බෙහෙර කරන ස්ථාන මිනිසුන්ගේ නෙත නොගැටිමය.

:       0       19

W.H.E.Sujith Thursday, 19 October 2017 10:23 AM

මේවා අපේම වැරදී ....පිට රට මිනිස්සු ගේන කුණු එයාල යනකොට නැවත අරගෙන යනවා ...එකට අපේ උන් ...මේවා ඉපදුනු දවසේ ඉදලම පුරුදු කරන්න ඕන දේවල් ......සේරටම කලින් මිනිස්සුන්ගේ විනය හදන්න ඕනේ.... .එකට මේ රටේ නීතිය හරියට හදල ඉන්න එපයි .

:       0       17

athula k Thursday, 19 October 2017 02:38 PM

මේවා දෙමාපියන් විසින් කුඩා කල සිට දරුවන්ට පුරුදු කල යුතු දේවල්.. මහා මිනිස්සුන්ට චාරයක් නැති කොට දරුවෝ ගැන මොන කතාද ?

:       0       2

ධම්ම Thursday, 19 October 2017 04:53 PM

ඔබ විසිකල ප්ලාස්ටික් බෝතලයත් ඔතැන තියනවාදැයි බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 275 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 979 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2412 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1640 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 958 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2226 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site