IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කරයි

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ඇතුළු තවත් ජනපද රැසක ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීහු ඊයේ (16) සහ අද (17) පියවර ගත්හ.

 

ඉදිරි දින කිහිපය තුළ වොෂින්ටන් අගනුවර ඇතුළු රටේ ජනපද සියල්ලේම ආයුධ සන්නද්ධ සහ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙනු ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමත් සමඟ මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීහු පියවර ගත්හ.

 

ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් නුවර සහ එරට ජනපද 50 සියලු අගනගරවල ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වෙනු ඇතැයි එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මීට පෙර අනතුරු ඇඟවීය.

 

ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය. එදින වනතෙක් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කණ්ඩායම් මෙලෙස විරෝධතා පවත්වනු ඇතැයි පැවසේ.

 

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ ජය තහවුරු කෙරුණේ ඉකුත් 6 වැනිදා ය. ජනාධිපති ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඇමෙරිකාවේ කොංග්‍රසය රැස්වූයේ ඉකුත් 6 වැනිදා ය. ඇමෙරිකාවේ කොංග්‍රසය පිහිටා ඇත්තේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ යග කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.

 

එදිනටත් වඩා ප්‍රචණ්ඩ අයුරින් ඉදිරි දින කිහිපයේදී විරෝධතා පැවැත්වෙනු ඇතැයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මේ වනවිට අනතුරු අඟවා ඇත.

 

කැලිෆෝනියා, මිචිගන්, පෙන්සිල්වේනියා, කෙන්ටකි සහ ෆ්ලෝරීඩා යන ජනපද මේ වනවිටත් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක බළකාය (නැෂනල් ගාඩ් ෆෝසස්) කැඳවමින් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත්තේ ය.

 

මේ අතර ගිනි අවියක් සහ උණ්ඩ 500ක් ඇති පුද්ගලයකු කැපිටල් ගොඩනැගිල්ල ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇතග කැපිටල් ගොඩනැගිල්ල ආසන්නයේ තිබූ මුරපොළකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව ජෝ බයිඩන්ගේ දිවුරුම් උත්සවයට අදාළ ව්‍යාජ අවසර පත්‍රයක් ද තිබී ඇතැයි වාර්තා වේ.

 

 

 

ඒ.එෆ්.පී./ රොයිටර්

 

 

055



අදහස් (1)

වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කරයි

දිලාන් Sunday, 17 January 2021 01:21 PM

කෝ මේ අර ලංකාවට ගරහ ගරහා "ලංකාව වගේද ඇමෙරිකාව? ලංකාව වගේද එංගලන්තේ?" කිය කියා දඟලපු බටහිර ගැති මානසික වහල්ලු සෙට් එක..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 659 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1556 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 759 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 145 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 577 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 347 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site