IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා විනිවිදභාවයෙන් යුතුව යළි පරීක්ෂණයට

(+++ පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වඳසැත්කම් සිදුකළේ යැයි චෝදනා එල්ලවී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ඒකකයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා පිළිබඳ පරීක්‍ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද නව පරීක්ෂණ කණ්ඩායමක් යොදවා සර්ව සාධාරණ ලෙස විනිවිදභාවයෙන් යුක්තව නැවත සිදු කිරීමට පියවර ගෙන ඇති  බව මෙම පැමිණිල්ල නඩුව ඊයේ (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අවශ්‍යනම් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඇති පැමිණිල්ලට අදාළ සාක්ෂි නැවත ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර තිබෙන බව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයාට දැන්වීය.

ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරයකු අධිකරණයේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම පැමිණිල්ල මීට පෙර විභාගයට ගත් අවස්ථාවලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටියේ සහකාර පොලිස් අධිකාරි බී.ඒ. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

මෙම පැමිණිල්ල ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු පොලීසියේ හදවත බවත් එම දෙපාර්තමේන්තුව රටේ සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ යුතු බවත්ය. ඒ අනුව ජනතාව අතර විවාදයට සහ සැකයට බඳුන්වී තිබෙන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සම්බන්ධ නඩුවට අදාළ කටයුතු ජනතාවට විශ්වාසයක් ඇතිවන ආකාරයට වඩාත් විනිවිදභාවයකින් යුක්තව ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ ඒකකයේ උපත ලද බිලිඳු දරුවකුගේ ඇඳ ඉහපත් මාරුකොට එම දරුවා නීති විරෝධී ආකාරයට වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන බව ද ඔහු පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ කරුණු සහ ඔහුගේ සියලු_ම බැංකු ගිණුම් පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් වන අංග සම්පුර්ණ වාර්තාවක්ද මීළඟ නඩු දිනයට අධිකරණයට ඉදිරිපත් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ පරීක්ෂණ සාධාරණව මෙහෙයවමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා වෙනත් රාජකාරි ස්ථානවලට මාරුකර යැවීම මෙහි පරීක්ෂණ කටයුතුවලට බාධාවක් සේම තම සේවාදායකයාට සිදුකර තිබෙන බරපතළ අසාධාරණයක් වන බවය. ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා අධිකරණයෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න මහතා එම ස්ථාන මාරුව සේවා අවශ්‍යතාව මත සිදුවී ඇති පරිපාලන ක්‍රියාවලියක් බවද එයින් මෙම නඩුවට කිසිදු බාධාවක් එල්ල නොවන බවද ප්‍රකාශ කළේය .

පොලීසියේ ඕනෑම අංශයක නිලධාරියෙකු ස්ථාන මාරුවක් ලැබ ගිය පසු වෙනත් නිලධාරීන් යොදවා අදාළ පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඒ සඳහා අවශ්‍ය දක්ෂ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින බවද තිලකරත්න මහතා සඳහන් කළේය.

මෙහිදී වින්දිත මවුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම මහතා කරුණු දක්වමින් සැකකාර වෛද්‍යවරයා සෑම මසකම අධිකරණ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වුවද ඔහු මින් පෙර අවස්ථා දෙකකදී ඒ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවට අධිකරණයට දන්වා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා තම සේවාදායකයා මේවනවිට සේවය කරමින් සිටින්නේ මඩකළපුව කාත්තන්කුඩිය මූලික රෝහලේ බැවින් එක් දිනක් විශාල දුරක් ගෙවා බසයෙන් කොළඹට පැමිණීමට බස් රථයක් නොතිබූ නිසා එදින පැමිණීමට නොහැකි වූ බවද අනෙක් දිනය ජනාධිපතිවරණයට පසු දිනය වූ බැවින් එදිනද කොළඹට පැමිණීමට නොහැකි වූ බවද පැවසීය. කෙසේ වෙතත් එම දින දෙකේදිම තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කාත්තන්කුඩිය පොලීසියේ පෙනී සිට එහි අත්සන් තැබූ බවද ජනාධිපති නීතිඥවරයා සෑම මසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ප්‍රකාශයක් කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අධිකරණ නියෝගයක් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද අධිකරණ නියෝගයට අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටීම වරදක් බවද පෙන්වාදී ඔහුට අවවාද කළේය.

ඇප කොන්දේසි සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට පෙර එම කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙහිදී නැවත වරක් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම නඩුවට අදාළව අවශ්‍ය වුවහොත් අවශ්‍ය පාර්ශ්වවලින් නැවත මුල සිටම සාක්ෂි ලබාගැනීමට පියවර ගන්නා බවද සර්ව සාධාරණ ලෙස විනිවිදභාවයෙන් යුක්තව මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරන බවට පොරොන්දු වන බවද ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ලට අදාළව අවශ්‍ය සාක්ෂි නැවත ලබාගැනීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන බව ද එසේ නැවත සාක්ෂි ලබා ගැනීමට අධිකරණයෙන් කිසිදු බාධාවක් නැති බවද ප්‍රකාශ කළේය.

පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කරුණු දක්වද්දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා අවස්ථා ගණනාවකදීම බාධා කිරීම හේතුවෙන් එසේ ඔහුට නොහැසිරෙන ලෙස අවවාද කිරීමටද මහේස්ත්‍රාත්වරයාට සිදුවිය.

පැමිණිලිකරු ලබන ජනවාරි මස 16 වන දින නැවත විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා ඇතුඵ නීතිඥ කණ්ඩායමක් පෙනීසිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කිසිදු නිලධාරියෙකු මෙදින අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයකි.

වින්දිත මවුවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම යන මහත්වරුන් සමග සමන් දිසානායක, අජිත් එදිරිසිංහ, පියුමාල් හේරත්, නිලූෂී උයන්වත්ත, දිස්නා වික්‍රමනායක  යන නීතිඥවරු පෙනී සිටයහ.

 කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව  යන මහත්වරුද අධිකරණයට පැමිණ සිටියහ.

පසුගිය නඩුවාරවලදී මෙන්ම මෙම නඩු වාරයේදීත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු විශාල පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ ආරක්ෂාවක් අධිකරණයට සහ ඒ අවට මාර්ගවලට යොදා තිබුණි.

කුරුණෑගල නඩුවට පෙනී සිටීම සඳහා පැමිණ සිටි ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා නඩුව අවසාන වීමෙන් පසුව කුරුණෑගල අධිකරණය භූමියට ජීප් රථයක් ඇතුළුකර එම වාහනයෙන් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් වින්දිත මවුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.

ඇප මත මුදා හැර සිටින කිසිදු සැකකරුවකුට නොලැබෙන විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට පමණක් ලැබෙන මෙවැනි වරප්‍රසාදයක් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට ලැබීම විමතියට කරුණක් බවද එමෙන්ම ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාවක් ලබාදී තිබෙන්නේ කාගේ උපදෙස් මතදැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවද යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා විනිවිදභාවයෙන් යුතුව යළි පරීක්ෂණයට

eresh S kumara Friday, 13 December 2019 10:40 AM

ශානි, මහත්තයා විනිවිද භාවයෙන් තොරව කරලා වගේ...

:       214       260

saliya Friday, 13 December 2019 11:08 AM

මෙය පමණක් නොවේ. සියලුම නඩු විභාග පරීක්ෂණ, විනිවිදව කරනවා නම් තමයි හොඳ... ධනයට, බලයට යට නොවී, ජාති, ආගම් භේද නැතිව...

:       7       308

Mahesh Friday, 13 December 2019 01:43 PM

එතකොට මෙච්චර කල් සී.අයි.ඩී එක කරපු සියලුම පරීක්ෂණ විනිවිද භාවයකින් තොරවද කරලා තියෙන්නේ? මෙහෙම ගියොත් මිනීමැරුම්, හොරකම්, දූෂණ ගැන සීඅයිඩී එක පසුගිය වසර ගානේ කරපු සියලුම කටයුතු ගැන සැකයිනේ. අහිංසකයන් කී දෙනෙක් ඇතුළට යවලා ඇතිද එහෙම බැලුවොත්...?

:       35       187

RangaSaturday, 14 December 2019 03:28 AM

විනිවිද භාවය යනු යම් සිදුකළ පරීක්ෂණයක් හෝ සිදු කරමින් යන පරීක්ෂණයක් එම පරීක්ෂණයට කිසිසේත් සම්බන්ධ නොවූ පාර්ෂවයක් විසින් මුල සිට අධ්‍යයනය කරන විට එම පරීක්ෂණය සිදු කළ ක්‍රියාපිළිවෙල විමර්ශකයාට සෑහීමකට පත්විය ලෙස සිදුකර තිබීම පමණයි. ඉන් ලැබෙන ප්‍රතිඵලය තමන් අකමැති එකක් වුණාට ක්‍රියා පිළිවෙත අභියෝගයට ලක් කිරීමකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය නොවෙන ලෙස සිදුකරල තියෙනවා නම් එච්චරයි. සී.අයි.ඩී එකේ බොහෝ විමර්ශන ගැන ජනතාවට ප්‍රශනයක් නැහැ. තවද, ජනතාව මීඩියා මගින් වැරදිකරුවන් කරපු නිවැරදි කරුවන් පවා සී.අයි.ඩී. පරීක්ෂණ මගින් නිදොස් වුණා.. කොටකෙතන වගේ සිද්ධිවලදී... ඒත් ෂාෆි ශිහාබ්ඩීන් විමර්ශනය තනිකරම ප්‍රශ්නකාරී, අභියෝගයට ලක්වන අවිධිමත් ලෙස තමයි පහුගිය කාලෙ සිදු කරේ..

:       178       544

Don Friday, 13 December 2019 01:46 PM

රතන හිමිගෙන් ඇහුවා නම් හොඳයි පරීක්ෂණ කරන්නේ කොහොමද කියලා...

:       5       287

Bamunuarachchi Saturday, 14 December 2019 12:55 AM

කරටියෙන්ම කඩලා දමන්න නැවත ඔලුව උස්සන්න දෙන්න එපා.

:       417       383

Wije Saturday, 14 December 2019 03:23 PM

ජාතියට නැවතත් උත්තමාචාරය. නැවතත් කොටිහම අල්ලගෙන තලනවා. අපි හරි ෂෝක් ජාතියක්...

:       7       33

athula Saturday, 14 December 2019 09:38 PM

ශානි අබේසේකර කියන්නේ මා එදා සිටම අසා තියෙන ඉතාම කීර්තිමත් නිලධාරියෙක් විද්‍යා සාෆි ගැන මා දන්නේ නැහැ එහෙත් ඔහුට මහා ධනස්කන්ධයක් ලැබුණු ක්‍රමය සොයන එක නම් වැදගත්, ඒ වගේම අනෙක් පරීක්ෂණත් එහෙම විය යුතුයි. මහා බැංකු මංකොල්ලය 2002 සිටම වාර්තාව ලැබිලා තියෙනවා. එහෙ පසුගිය ආණ්ඩුවට තිබුනේ බිලියන 11 ක් වංචා කළා කියලා නමුත් ඊට පෙර ආණ්ඩුවේ වංචාවන් බලපුහාම කලන්තේ දානවා බිලියන 889 රුපියල් කෝටි ලක්ෂ 88 දහස් 900 ක් දෙවි හාමුදුරුවනේ මේ රට මෙහෙම තියෙනවා පුදුමයි ඔය මහා බැංකුවේ විතරක් අනෙත් ඒවා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 797 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1800 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2078 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1099 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 294 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2252 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site