(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරි සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ලබන 30 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.
දිල්මි සූරියආරච්චි නම් අදාළ සිසුවිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද(16) කැඳවනු ලැබීය.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබී නොතීසි අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර දසිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව පෙත්සම ලබන 30 කැදවීමට අභියාචනාධිකරණය නියම කළ අතර පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා දිනට අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට නියම කළේය.
පෙත්සම්කාර සිසුවිය සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය ඉකුත් 2017 වසරේ ජනවාරි මස 30 වැනි දා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ ද එම නියෝගය ප්‍රකාරව තමන්ව ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි. එමගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවද එම සිසුවිය සිය පෙත්සමින් පෙන්වා දේ.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛද්‍ය සභාවට එරෙහිව පෙත්සම 30 වැනි දා