(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 21 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි සූරියආරච්චි විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවිණි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛද්‍ය සභාවට එරෙහි අපහාස නඩුව කල් යයි
kavinda Wednesday, 23 January 2019 04:35 PM
පුදුම වැඩක්නේ. වෛද්‍ය සභාව කියන්නේ දොස්තරවරුන් ගැන නියාමනය කරන රටේ ඉහලම ආයතනයයි. වෛද්‍ය සභාව කියනවා මෙයා තවදුරටත් ඉගෙන ගත යුතුයි, දොස්තර කෙනෙක් වෙන්න කියලා. උසාවිය කියනවා, නැහැ නැහැ දැන් ඇති මෙයාව වහාම දොස්තර කෙනෙක් ලෙස පත් කරන්න කියලා. උසාවියේ ඉන්නේ ලොකු දොස්තරලාද එහෙම කියන්න..? පුදුම රටක්.
SamWednesday, 23 January 2019 11:45 PM
කරුණාකර වෛද්‍ය සභා පනත කියවලා ඔවුන්ට ඇති කාර්ය පටිපාටිය තේරුම් ගන්න. ඒ ගැන නඩු තින්දුවෙත් පැහැදිලිව කියලා තියනවා. වෛද්‍ය සභාව තවම වෛද්‍ය විද්‍යාල නියාමනය කරන්න ප්රමිතීන් හදලා නැහැ. හැදුවම රජයේ පිටිසර වෛද්‍ය විද්‍යාල දෙකට ප්‍රශ්න එයි.
Gihan Thursday, 24 January 2019 05:12 AM
වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා මගේ බිරිඳ මියගිය බව පවසමින් දිව්රුම් ප්‍රකාශයක් මගින් මා වෛද්‍ය සභාවට කල පැමිනිල්ල වසර හතරක් තිස්සේ විභාග නොකර සිටින වෛද්‍ය සභාවට එරෙහිව මටත් නඩුමගට යන්න වෙයිද?
sandy123Thursday, 24 January 2019 07:55 AM
ගිහාන් - නඩු මගට යන එක ගැන මගේ අකැමැත්තක් නැහැ. නමුත් වියදම් කරන මුදලයි කාලයයි අපරාදේ. තීරණයක් එන තුර අපිට බලා ගෙන ඉන්න වෙනවා. මගේ පලවෙනි දරුවා මිය ගියේ වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා. හේතුව සින්ටෝ එන්නත් කර කව්රුවත් හිටියේ නැහැ ඇයගේ ලග වේදනාව එන කොට. පැයක් ප්‍රමාද නිසා පෙකිනි වැල එතුනා මගේ දරුවාගේ. අන්තිමට මිය ගිය දරුවාව ගත්තේ සිසේරියන් සැත්කමක් කරලා. මගේ බිරිදටත් එය ප්‍රශ්නයක් වුන නිසා. සාමාන්‍ය විදිහට දරුවාව ගන්න හිටපු අපිට එන්න වුනේ හිස් අතින් සිසේරියන් සැත්කමක් කරලා. නඩු මගට ගියේ නැහැ බිරිදගේ සහ මගේ මානසික තත්වය උඩ. ගිය ජීවිතය නැවත ලබා ගන්න බැරි නිසා. ඔවුන් කල අකුසල ඔවුන්ට පල දේවි. මගේ දරුවාගේ ආයුෂ කාලය එපමණයි කියලා හිත හදා ගත්ත.