IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක්

(නිමල කොඩිතුවක්කු)

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක්  පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.

වාහන අළෙවි අංගනවල මේ වනවිට ලියාපදිංචි නොකල වාහන 3000 ක් වත් නොමැති බවද  පීරිස් මහතා සඳහන් කළේය.

ඇතැම් වාහන අංගන තුළ වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි  වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා  සී. එච්. ආර්, හොන්ඩා වෙසල්, හොන්ඩා ග්‍රේස් රථ වෙළඳපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද රන්ජන් පීරිස් මහතා පැවසීය.

ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්  ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව ටොයටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්, ටොයටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලකටත්, ටොයටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මුදලකටත් අළෙවි වන බවද ඒ මහතා සඳහන් කළේය.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබා නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව, බැංකු ණය ගෙවීමට නොහැකිය වාහන අළෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් වාහන අළෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ ඒ මහතා  මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන බවද පැවසීය.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබාදුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා  තවත් මාස තුනක පමණ කාලයක්වත් ගතවනු ඇතැයිද ඔහු කීය.

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදංචි කළ  වාහන මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබීය.

 

 



අදහස් (40)

වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක්

siri Sunday, 27 September 2020 05:45 PM

ඔය එන්නේ අර 76 දෙනාට සැපවාහන ගෙන්වන එක සාධාරණීය කරන්න නේද.?

:       2       28

BamunuarachchiTuesday, 29 September 2020 01:33 AM

ගොන් කතා කියන්න එපා හලෝ.. ඒ ගොල්ලන්ට අලුත් වාහන ගෙන්වන්නේ නැහැ. ගෙන්වා තිබෙන වාහන තීරුබදු රහිතව ගන්න පුළුවන්. පත්තර කියවන්න.

:       2       1

Asanga Monday, 28 September 2020 01:36 AM

බොරු කතාවක්. එතකොට ටොයෝටා වාහන විතරද අඩුවෙලා තියෙන්නේ. බොරුවට වාහන හිඟයක් මවලා ගණන් වැඩිවෙලා තියෙන්නේ.

:       5       44

Rohana Monday, 28 September 2020 01:51 AM

මෝටර් කාර් තියා ඉදිරියේදී මොටර් බයිසිකලයක් වත් මිලදීගන්න හැකිවේදැයි කියා සැකයක් පවතී

:       4       28

Aruna Monday, 28 September 2020 02:21 AM

මොනවා වුනත් වැදගත් තීරණයක්.

:       13       43

Bamunuarachchi Monday, 28 September 2020 02:38 AM

ඔයාලගේ බිස්නස් පාඩු වුනාට අපිට කමක් නැහැ. කොටි ගණන්වල වාහන ගෙන්වලා ප්‍රදර්ශනාගාර වල තියාගෙන ඉන්නවා.

:       5       26

ranaMonday, 28 September 2020 06:27 AM

වෙන්න බෑ නේ බඩු නැත්නම් විකිනිලා නේ !!

:       1       9

BamunuarachchiMonday, 28 September 2020 12:26 PM

ඒ ගොල්ලෝ කාර් ගෙන්නුවොත් අපිට පාන් මිල වැඩිවෙනවා.

:       3       4

සිරා Monday, 28 September 2020 02:44 AM

වාහන හිගයි කියන්නේ මිනිස්සු ඒවා ගන්න හොයන නිසා නේ.. ඒ කියන්නේ අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට කියන තරම් අහේනියක් නෑ... මේ වාහන හොයන වැඩි දෙනා බැංකු වල වැඩ කරන, නැත්තං ලොකු බිස්නස් කාරයො... මොකද බැංකු වල කට්ටියට ලෝන් අඩුවට දෙනවා... අනික බිස්නස් කාරයො කොම්පැණි කාරයො සේවකයන්ගේ පඩි කපලා පහුගිය මාස කීපය ඇතුලත හොඳ ගානක් හොයාගත්තා.... පහළ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ට තමා හතේ හත වැදිලා නන්නත්තාර වෙලා ඉන්නේ. වාහන තියා මාසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

:       3       38

ranil Monday, 28 September 2020 03:04 AM

අපි වගේ සංවර්ධනය වෙන රටකට මේ තරම් අලුත් වාහන ඕනේ නැහැ. වාහන ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථිකය මේ අසීරු මොහොතේ ශක්තිමත් කරගැනීමයි කල යුත්තේ.

:       28       26

Akila Monday, 28 September 2020 03:10 AM

දැන් නං ඇතිවෙලා තිබෙන්නේ හදිසි තත්වයක් නමුත් ලංකවේ මධ්‍ය පන්තියේ මිනිසුන්ට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බැරිවෙන විදිහට අදික බදු ගහල මිල වැඩි කලේ පහුගිය වහපාලන රජයේ ටික.

:       34       23

janahitha Monday, 28 September 2020 03:22 AM

දුප්පත් ජනතාවට ඕවයින් වැඩක් නැහැ.

:       22       20

eresh S kumara Monday, 28 September 2020 03:33 AM

ඔක්කොම බොරු. මේ මිල තීරණය කරන්නේ සේල්ස් කරන අය.

:       26       30

දොන් Monday, 28 September 2020 03:57 AM

බහුතරය පයින් යන්න කැමතියි. එයාලට රටයි ආගමයි තිබ්බහාම ඇති.

:       8       37

wasantha Monday, 28 September 2020 04:51 AM

පරණ වාහන විකුනන්න හොදම වෙලාව මේක අලුත් වාහනයක් ගන්න පුළුවන් අඩුවට ඉස්සරහට, ලෝක වෙළද පොලේ වාහන මිල හොදටම පහත බැහැලා.

:       1       19

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 28 September 2020 04:51 AM

රට නිවැරදි මගක ගමන් කිරීමට ඇවැසිනම් අපි හැමෝටම යම් හෝ කැප කිරීමක් කරන්නට සිදු වෙනවා..... පලමුව අප තේරුම් ගත යුත්තෙ එයයි. වාහන ආනායනය කරන ව්‍යාපාරිකයන්ට මෙය ඉතාමත් අපහසු තත්ත්වයක්යැයි තේරෙනවා. නමුත් සමස්ථ රට සහ ආර්ථිකය ගැන සිතා ඔවුන්ටත් යම් කැපකිරීමක් සිදු කරන්නට සිදු වෙනවා. මේ මොහොතෙ අප කල්පනා කල යුත්තෙ අලුතින් වාහන පිටරටවලින් ගෙන්විම කෙරෙහි උනන්දු වීම නොව මෙම තත්ත්වය මතින් යම් සුභදායී සහ රට ආරථිකය ශක්තිමත් කරනා යම් සුභදායි මාවතක ආරම්භය සනිටුවහන් කර ගැනිමට උත්සාහ දැරීමයි.

:       13       16

AnuraMonday, 28 September 2020 05:56 AM

අනේ ඇත්තද ? එතකොට ඔයා කරන කැපකිරීම මොකක්ද ?

:       7       12

JayanthaMonday, 28 September 2020 06:22 AM

100% නිවැරදියි.

:       7       11

AsankaMonday, 28 September 2020 07:20 AM

නිදාගෙනද හිටියේ මේ ටිකේ...

:       0       7

හේරත් Monday, 28 September 2020 05:02 AM

වාහන වලට වඩා පොල් හිඟයි! - පාරට බැහැලා පොඩ්ඩක් බලන්න වාහන හීගයක් තියෙයිද කියලා!

:       1       18

sanjeewa Monday, 28 September 2020 05:06 AM

අපේ රටේ මිනිස්සු හරි මෝඩයි ලක්ෂ 100 දීලා වාහනයක් අරගෙන සමහරවිට සතියට දෙපාරක් විතර ගමනක් යනවා.

:       2       44

Pradeep Monday, 28 September 2020 05:18 AM

අපගේ තාක්ෂණය වැඩිදියුණු කළ යුතු කාලය මෙයයි

:       0       6

Buddhika P Monday, 28 September 2020 05:52 AM

ලංකාවේ කාර් මේනියාව උපත කාර් එකේ අලවලා තියෙන නම්බර් ප්ලේට් එක. තමන්ගේ නම්බර් ප්ලේට් එකේ අලුත් නම්බර් එකක් තියාගන්න ඕන කියන මෝඩ තෘෂ්ණාව තමයි සමාජ කාර් මෙනියාවේ මුල. මේක මානසික වෙළඳ උගුලක්. මේ උගුල ගලවන්න හරිම ලේසියි. මේකට කරන්න තියෙන්නේ, ID එක වගේ ජීවිතේටම එකම නම්බර් ප්ලේට් එකක් හැම කෙනාටම දෙන එක. කාර් එක පස්සේ විකුණන කොට, නම්බර් ප්ලේට් එක ගලවා ගන්නවා, අලුතෙන් ගන්න එකට හයි කරගන්න. බලන්න කාර් ආනයනය ස්වාභාවිකවම අඩුවෙලා යන්නේ නැද්ද කියලා. වාහන සම්බන්ධ මුළු සමාජ සංස්ථාවම 50% නිවෙනවා. බොරු පුච්චන් සමාජ ශෝධන කතා වලට වඩා, සමාජයට දැනෙන, සිත ඇතුළෙන්ම වෙනස් වීමක් නිවීමක් වෙනවා.

:       3       31

DhammikaMonday, 28 September 2020 07:21 AM

මෙන්න මේ ක්‍රමය දැන් මම ඉන්න ඩුබායි වලත් තියෙනවා.

:       1       12

Sachith Monday, 28 September 2020 06:13 AM

මෙයාලා තමයි ලොකුම හේතුව වාහනවල මිල වැඩිවෙන්න.

:       1       5

sanjeewak Monday, 28 September 2020 06:30 AM

වාහන ගෙන්වන්නන්ගේ සංගමේ කට්ටිය එකතුවෙලා වාහන හදන්න කර්මාන්ත ශාලාවක් දාන්න. හැමදාම රටින් වාහන ගෙනල්ලා හරියන්නෙ නෑ.

:       1       9

සයිමන් Monday, 28 September 2020 06:40 AM

මුදල් අතේ ඇති සුළු පිරිසකගේ උවමනාවට රටේ විනිමය අධික ලෙස වැය කරමින් වාහන ගෙන්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය කඩා වැටී රට තවත් දුප්පත් අඩියකට වැටීම පමණයි සිදුවන්නේ. මේ රට ගොඩ ගැනීමට නම් කවදා හෝ මේ කැප කිරීම කළ යුතුයි ඒ සඳහා සුදුසුම අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් රට ගැන සිතා ගත් මේ නිවැරදි තීරණය නැවත හැරවිය යුතු නැහැ.

:       2       12

SilvaTuesday, 29 September 2020 02:21 AM

ඉතාමත් නිවැරදියි ඩොලරය අස්ථාවර වුනොත් සමස්තයක් වශයෙන් එය රටේ ආර්ථිකයට බලපානවා හැම බඩුවකම මිල ඉහළ යන්න පුළුවන් රටක් වශයෙන් වීමට ඇති ණය ප්‍රමාණයේ අගය වැඩි වෙනවා. එහි ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ අලුත් වාහන අවශ්‍යයි සිතෙන සුළු පිරිසකට නොව සමස්තයක් වශයෙන් රටේ මුළු ජනතාවටමයි.

:       0       2

wedage Monday, 28 September 2020 07:26 AM

මහ පාරේ අදික රථවාහන තදබදයක්.

:       1       4

pradeepa Monday, 28 September 2020 08:00 AM

මෙයාලා මේ වාහන සේල් කරන්න හදනවා. අපි කල්පනා කරන්නේ කොහොමද දවල්ට කන්න පොල්ගෙඩියත් ගන්නේ කොහොමද කියලා... ඒ තරමට ඒ ආර්ථිකය බිංදුවට බැහැලා තියෙන්නේ මෙපමණ කල් රටපාලනය කළ අය නිසා.

:       1       9

Walter White Monday, 28 September 2020 08:04 AM

අවුරුදු 20 30 පරණ කබල් වාහන අපි ගන්නවා. ඒ මොඩල් එකේ බ්‍රෑන්ඩ් නිව් එකකට වැඩිය ගෙවලා, කුඩු වෙන්න හැප්පිලා කන්ඩෙම් වුණු වාහන කපලා පූට්ටු කරලා විකුණනවා. ඒ මදිවට එහෙම එව්වා ඇක්සිඩන්ට් ෆ්‍රී කියලා මේ රටට ඕඩර් කරලා අහිංසක මනුස්සයෙක්ට විකුණනවා. ඒවා කරන්නත් පුළුවන් මේ සිරි ලංකාවේ, පර්මිට් කියලා දෙයක් තියාගෙන, එක බලවත් පැළැන්තියක් විතරක් හොඳ වාහන ගන්නවා. ඒ වාහනයක් ගන්න යන මුදලම ගෙවලා සාමාන්‍ය මිනිහෙක් ආරක්ෂාව බිංදුවේ තියෙන ඉන්දියන් හුචක්කුවක් නැත්නම් ජපානේ හරි කොහෙන් හරි ගෙන්වන මීටර් කරකවපු, කපලා මූට්ටු කරපු ලඩි ගන්නවා..

:       0       16

sampath Monday, 28 September 2020 09:47 AM

රජයෙන් වාහන ගෙන්නුවොත් නරකද මේ සේල් ටික වහලා දාලා.

:       0       2

Ferna Monday, 28 September 2020 12:10 PM

පොල් වලට වාගෙම උපරිම මිලක් මේ වාහන වලටත් ඕනෑ. නැතිනම් මේ මාෆියාව නවතින්නේ නැහැ.

:       0       3

AP Monday, 28 September 2020 03:50 PM

තව අවුරුද්දකටවත් ලෝකය කොරෝනා රෝගයෙන් ගොඩ එන්නේ නැහැ. මිනිස්සු අතේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගත යුතුයි. වාහන සේල්වල වැඩකරන හිතවතුන් කිහිප දෙනෙක්ම කියූ පරිදි, සේල් අයිති මිනිස්සුම වාහන තමුන්ගේ පුද්ගලික ඉඩම් වල ගාල් කරගෙන සේල් වල වාහන නැති බව පෙන්වා අධික ලාභ ලබන්න උත්සහ කරනවා. ඉතිං සේවකයින්ට වැටුප් නොගෙව්වට අයිතිකාරයින්ගේ ගෙවල්වල unregistered වාහන ඕනෑතරම් තියෙනවා. කොහොම වුණත් වාහන 4ක්,5ක් ගන්න සල්ලි තියෙනවා නම් විතරක් වාහනයක් ගන්න. මොකද සල්ලි කියන දේ ඉතාම අමාරු යුගය මුළු ලෝකයටම එනවා. තවම ඒ අමාරු කාලය ආවේ නැහැ. ලෝකයේම ආර්ථිකය කණපිට ගැහෙන්න පටන් ගන්න තව මාස 8ක් විතර යනවා. එවිට හංගන් ඉන්න වාහන තිබුණාටත් වැඩිය මිලෙන් අඩුවෙනවා...

:       0       4

Buddhika PMonday, 28 September 2020 05:02 PM

වාහන මිල බැඳිලා තියෙන විචල්‍ය කීපයක් තියෙනවා. මුලිකම එක තමයි නිෂ්පාදන වර්ෂය. වර්ෂය පරණ වෙන්න වෙන්න ඒ මොඩෙල් එකට තියෙන ඉල්ලුම අඩුවෙනවා, මිලත් අඩු වෙනවා. වාහන පිරිවැටුම ඉහල නම් තමයි වෙලන්දාට වාසි වෙන්නේ. වාහන හංගාගෙන ඉඳල ලාබ ලබන්න කොහොමත් පුළුවන් කමක් නෑ. ආනයන ලිහීල් කරපු ගමන් හන්ගන් ඉන්න වාහන කුණු කොල්ලෙට වත් දෙන්න බෑ, අලුත් මොඩල් මාර්කට් එකට එන නිසා. වාහන ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ, රටේ ආර්ථික චක්‍රය නැවතිලා වගේ නිසා. ආනනයන මත පදනම්වූ කර්මාන්ත තමයි ලංකාවේ හුඟක් තියෙන්න. හුඟක් ඒවායේ පඩි ගෙවා ගන්නවත් බෑ. ඉතින් ඉබේම ආර්ථිකේ ඉතුරුම් / දේපල හා ප්‍රාග්ධන ආයෝජන ඉබේම නැවතීමකට ලක්වෙනවා. ඒ නිසා අලුතින් වාහන ගෙනාවත් ලේසියෙන් විකුනන්න ලැබෙන්නේ නෑ.

:       0       0

RanilTuesday, 29 September 2020 01:33 AM

ඉතාමත්ම නිවැරදියි. නැත්තං වෙන්නේ අර කකුළුවන්ට වෙච්ච කතන්දරේ තමයි. හැමදේම අමතක කරලා වාහනවලට වියදම් කරලා රටේ තියෙන ධනස්කන්ධය පිටරට දුන්නා. පස්සේ අපේ මිනිස්සුන්ට කන්න බොන්නත් සල්ලි නැතිවුණාම තේරෙයි වාහන ගත්තේ එකේ රඟ. දැනට තිබෙන වාහන බොහෝමයක් හොඳ ධාවන තත්වයේ තියෙන ඒවා.. ඉතින් තව අවුරුදු 2ක් වත් අරපිරිමැස්මෙන් ඉදිරියට යමු. මේ තත්වය යම්තාක් දුරට හෝ සමනය වෙනකල්...

:       0       1

thilak Monday, 28 September 2020 11:48 PM

දැන් කාර්සේල් කාරයෝ හැසිරෙන්නේ වී හංගන හාල්මෝල් කාරයෝ වගේ... දැන් කරන්නේ අලුත් වාහන සඟවා, හිඟයක් තිබෙන බව මවාපෑමයි.

:       0       1

රට වැසියා Tuesday, 29 September 2020 09:43 AM

උග්‍ර වාහන හිගයක් කෙසෙ වෙතත් උග්‍ර වාහන තඩබදයක් නම් තියනවා

:       0       2

de silva Wednesday, 30 September 2020 02:46 PM

සල්ලි තිබෙනවා නම් දැන් වාහන ගන්නේ නැතිව ඉඩමක් බද්දට අරන්, මිනිස්සු ටිකක් දම්මලා කහ ටිකක් වවන්න.

:       0       2

de silva Friday, 02 October 2020 03:18 PM

ඔය කියන මිලගණන් වලට මිනිස්සු වාහන මිලදී නොගනිති. කියන තරම් වාහන වලට ඉල්ලුමක් නොමැත. සංචාරක ව්‍යාපාරය අඩපණ වුණු නිසා වාහන ඉල්ලුම පහළ බැස ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 127 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 363 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1100 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2553 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1703 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1005 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site