IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා

(ලාල් එස් කුමාර)

ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා මේ බව පවසා සිටියේ කැලණියේදී අද (27 වැනිදා) පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.  

පසුගිය දිනක පැවති කැබිනට් සාකච්ඡාවකදී හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානි තනතුර බාරගැනීමට සූදානම්දැයි ජනපතිවරයා තමන්ගෙන් විමසූ බවත් ඊට තමන් එම අවස්ථාවේදී ‘නැහැ‘ යැයි ප්‍රකාශ කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.

“වෘත්තීය සමිති ඇත්තේ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීමටයි. නමුත් ඔවුන් දේශපාලන හෙංචයියන් වී දේශපාලන අරමුණු සඳහා රජය කඩාකප්පල් කර රජය පෙරළීමට හදනවානම් එය වෘත්තිය සමිති අයිතිවාසිකමක් නොවේ“

“ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්‍රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“

“ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි“

“මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 



අදහස් (29)

වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා

kumar (galf) Thursday, 27 April 2017 12:27 PM

අපි ඔබතුමා සමගයි.

:       680       856

kalpa Thursday, 27 April 2017 12:42 PM

ලංකාවේ පවතින්නේ වෘත්තිය සමිති වලට වඩා දේශපාලන පක්ෂ සමිති බව සමහර වෘත්තිය සමිතිවල නම්වලින් පේනවා

:       28       126

rohan Thursday, 27 April 2017 12:54 PM

සරත් ෆොන්සේකා මැතිදුනි ඔබතුමා නිවැරදියි . ජනාධිපතිතුමාගේ ඉල්ලීම ඉටුකරන්න. ඔබතුමාට ජයවේවා .....!!!

:       417       680

darmasiri Thursday, 27 April 2017 12:56 PM

සරත් ෆොන්සේකා මහත්තයාට ජයවේවා...

:       193       434

saman Thursday, 27 April 2017 01:03 PM

ජයවේවා

:       165       115

Sarath Thursday, 27 April 2017 01:49 PM

මෙතුමාට පොලිස්පතිකම දුන්නොත් තමා හොඳ. මොකද මේ රටට පිළිලයක් වෙලා තියෙන දේශපලුවන්වයි පාතලයයි නැති කරලා රටේ විනය හදයි නියම විදිහට ඒ වගේම ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයේ විශිෂ්ට තත්වයකට ගෙනෙයි මෙතුමා.

:       169       132

C.K.Lankaputhra Thursday, 27 April 2017 02:02 PM

ඉවසුවා හොඳටම ඇති නේද ?

:       63       143

Pradeep Liyanage Thursday, 27 April 2017 02:04 PM

වෘත්තීය සමිති විතරක් නෙමෙයි ඔය කවුරු කවුරුත් තම තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන එක හොදයි නේද ඇමතිතුමෝ.

:       122       320

Nishantha Thursday, 27 April 2017 02:30 PM

මෙය මේ ජනතා ඡන්දෙන් පත්වෙච්ච කෙනෙක්ද?. අපි දන්නා විදියට මෙය ජනතා ඡන්දෙන් පැරදුන කෙනෙක්.

:       208       512

rahu Thursday, 27 April 2017 02:49 PM

බොහොම හොද ප්‍රකාශයක්

:       277       103

Abdul Shakoor Thursday, 27 April 2017 03:06 PM

ඉතා හොඳයි

:       224       92

lalith Thursday, 27 April 2017 03:49 PM

රජයක් කියන්නේ ජනතාවගේ සල්ලි වලින් වැටුප් අරගෙන යානවාහන අරගෙන සුරසැප විඳින එකට නෙමෙයිනේ? මිනිස්සු කඩාකප්පල් කරන්න හදන්නේ ඒ නිසයි. ඔන්න රට සංවර්ධනය කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන ජාති හිතායිෂි ආණ්ඩුවක් පන්නන්න හදනවනම් උන්ව මර්ධනය කරන්න වෙනවා. ජපාන ආර්ථිකය වැටුණු වෙලේ ජපානය දියුණු කරන්න හදන වෙලාවෙත් රට පුර උද්ඝෝෂණ වැඩවර්ජන රැල්ලක් පැනනැගුන. එව්වා මර්ධනය කරලා වැඩට බැහැපු නිසා තමයි අද ජපානය මේවිදියට ඉන්නේ. ඔබතුම ඔය කට්ටිය මර්ධනය කරන අතරේම රටේ සල්ලි ගිලිමින් පරම්පරාවෙන් පරම්පරාවට මාරුවෙමින් වැජබෙන ඔය හොහපුටුවෝ රැලත් මර්ධනය කරන්න.

:       316       198

wije Thursday, 27 April 2017 04:27 PM

ඉස්සරහට වෙන්න යනදේනම් අපිට පැහැදිලියි.

:       2       265

thilak Thursday, 27 April 2017 04:48 PM

තෙල් ටැංකි 75ක් අවුරුදු 70ක් ත්‍රිකුණාමලයේ තියෙනවා, මේකෙන් වැඩක් ගත්තෙත් නෑ, කාටවත් කුලියට දෙන්නෙත් නෑ, දවස් දෙකක් පෙට්‍රල් නැතුව රටම කෑවා

:       393       104

Reks Friday, 28 April 2017 01:59 AM

ඊට කලින් දේශපාලකයෝ තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න මහත්තයෝ

:       3       40

Lakmal Friday, 28 April 2017 02:09 AM

කවුරුත් ආසාවට ස්ට්‍රයික් කරන්නේ නැ. මේකේ අදහස් දාල තියෙන අය පුදුම මිනිස්සු. රටේ ජනතාව අයිතිවාසිකම් දිනාගන්න හදනකොට එකට විරුද්ධ වෙලා පාලකයෝ සුර සැප විදින එක ගැන වචනයක් කතා නැහැ

:       8       145

ajith Friday, 28 April 2017 02:24 AM

තෙල් ටැංකි ගැන කියන කොට මතක් වෙන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ" කියන පැරණි පිරුලයි.

:       143       2

siri Friday, 28 April 2017 04:09 AM

ඔබ යෝජනා කරනවා වුර්තීය සමිතිතමන්ගේ සීමාව දැනගෙන කටයුතු කලොත් හොද බව.එහි කිසි විවාදයක් නැහැ ඒවගේම .මම යෝජනා කරනවා ඔබට තමන්ගේ තරම [ ජනතා ප්‍රසාදය] දැනගෙන කටයුතු කලොත් හොද බව.මොකද නිකන් ආණ්ඩුවේ බිලි බෝයි කෙනෙක් වෙන්න එපා.

:       1       152

ruwan Friday, 28 April 2017 05:37 AM

ජනතා චන්දෙන් පත්වූ ජනතාවට නිදහස දුන්න කිව්වට අද ජනතාවගේ ජන්ද බලය මැතිවරණ අයිතිය නැතිකරලා කියල ඔබට හැගෙන්නේ නැද්ද.

:       0       81

kalani kollo Friday, 28 April 2017 05:41 AM

සමහර වෘත්තීය සමිති පසු ගියේ කාලේ කටේ ඇරියේ නැ.දැන් බඩේ අමාරුවත් වර්ජන මේවා නිසා ජනතාව තැලෙනවා පිඩාවට පත්වෙනවා. රජය මේවා ගැන අවදානය යොමු කල යුතුයි. වර්ජකයින් එලවා තරුණයින්ට රැකියා දෙන්ඩ සුදුසුයි.

:       154       9

randika Friday, 28 April 2017 06:43 AM

ලංකාවේ වෘත්තීය සමිති ...දේසපාලන අතකොලුවෙලා ...මහජනයා පලිහක් කරගෙන . යනවිදියට සුදුවන් ගැලපේවි ඉදිරියේ ..!!

:       68       2

alwis Friday, 28 April 2017 06:45 AM

නිදහස පැත්තකින් තියල ...හොදින් බැරිනම් නරකින් විසදන්න ...මහජනයා අමාරුවේ ..

:       146       6

nimal Friday, 28 April 2017 06:48 AM

මේ විරෝධතා ...ඉදිරියේ බොරු සටන් පාට ... පසු පස දේසපාලනේ ඉක්මන් පියවරක් ගන්න ...!!!

:       106       1

siripaala Friday, 28 April 2017 06:51 AM

ෆොන්සේකා මහතාට ජයවේවා .

:       117       4

Kamal Friday, 28 April 2017 07:51 AM

ෆොන්සේකා මහතාට ජයවේවා! අපිට තනකොළ, පුන්නක්කු ලාබෙට තිබුණහම ඇති ....

:       3       74

ruwan Friday, 28 April 2017 09:22 AM

වෘත්තීය සමිති... අරගල වලට දොස් කියන බොහෝදෙනා ...එම අරගල තුලින් ලබාගන්නා...සොච්චම් අයිතිවාසිකමක් හෝ භුක්ති විඳින්න පැකිලෙන්නේ නැත...ඔවුන්ට අරගල කිරීම... ලැබෙන දේ භුක්ති විඳීම හොඳය.

:       0       63

wasanjaya Friday, 28 April 2017 09:58 PM

කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් කිව්වලු... අපි බලා හිඳිමු තිත්තය කොකාට කරන දේ ...

:       0       0

Senarath Monday, 01 May 2017 03:10 AM

ෆොන්සේකා මහතාට යුද්ධෙත් එක්ක තිබුණු ගෞරව‍ය, කරපු කතා නිසා ක්‍රමයෙන් අඩු උනා. දේශපාලනයට ඇවිල්ල එක තවත් අඩු කරගත්ත. කොටින්ම පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා ලංකාවෙන්ම ගත්තේ ඡන්ද 28,000 නේ. එකෙන් පේනවනේ දැන් ඔහුට තියෙන ජනප්‍රියතාව.... මේ කරගන්න හදන්නේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර මේජර් වගේ තත්වෙකට බස්සලා නැතිම කරලා දමන්න. දැන්වත් බල ලෝභය අත හැරලා නියම සොල්දාදුවෙක් වගේ ඉන්නවා නම් පොඩ්ඩක්වත් ජාමේ බේරගන්න පුළුවන් ....

:       0       2

bamunu Tuesday, 02 May 2017 04:05 AM

මෙයා සීමාවල් කියල දෙන්න හදනවා කොරල බලන්න නවතින්නේ කොහෙද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 7 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 23 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 347 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 452 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 970 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 896 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site