IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වී මල්ලට කළහ කළ බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට

(චන්ද්‍රසේන ගමගේ)

 

වී මල්ලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් තම වැඩිමහල් සහෝදරයා ගේ නිවසට ගොස් ගැටුමකට සම්බන්ධ වූ බාල සහෝදරයා එල්ල කරන ලද  පිහි පහරකින් වැඩි මහල් සහෝදරයාගේ වැඩි මහල් පුත්‍රයා මිය ගොස්  තිබූ  බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

තම බාප්පාගේ පිහි පහරින් බරපතල තුවාල ලබා මිය ගොස් තිබුණේ බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 වැනි වියේ පසු වූ මද්දුම කංකාණම්ගේ සචීන් රවීෂ නම් තරුණයෙකි.

මිය ගිය තරුණයා අසල තිබූ වැඩපළක සේවය කර නිවසට එන අතර තුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

මිය ගිය තරුණයාගේ පියා සමඟ ඔහුගේ බාල සොහොයුරා ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් ඒ අතර තුරදී බාප්පා විසින් එල්ල කරන ලද පිහි පහරවල් වලින් තරුණයා බිම වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි .තුවාල ලැබූ තරුණයා රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත දිසා රෝහලේ තැන්පත් කර තිබුණු අතර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා සිරුර තංගල්ල මූලික රෝහලට යැවීමට නියමිතව තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (9) දහවල් සිදු කිරීමට නියමිතව තිබුණි.

සැකකාර  බාප්පා බෙලිඅත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර ගැටුම අතර තුරදී ඔහුට සිදුව තිබූ සුළු තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබා දීම සදහා සැකකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.



අදහස් (4)

වී මල්ලට කළහ කළ බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට

sam Tuesday, 09 March 2021 07:19 AM

ගම බෙලිඅත්ත, තංගල්ල නම් රස්සාවකටවත් ගන්න එපා වැඩකට නැති අය තමයි ඉන්නේ..

:       1       7

Dilshan Tuesday, 09 March 2021 10:35 AM

ප්‍රවෘත්තිය දහසක් දේ පවසයි. ගම බෙලිඅත්ත. වී මල්ලකට රණ්ඩු වෙන්න තරම් දෙයක් වුණේ ඔය ගමෙන් රට කරපු රජ පවුලට පිං සිද්ධ වෙන්න. තරුණ ජීවිතයක් අපරාදේ.

:       0       0

kapila Tuesday, 09 March 2021 10:55 AM

මේ අර දකුණේ උදවියනේ. ඕකේ මොනවද පුදුම වෙන්ට තියෙන්නේ?

:       0       0

විපරමා Tuesday, 09 March 2021 11:15 AM

කිසිම හිතක්, පපුවක් නැති ,ඉවසීමක් ගෑවිලාවත් නැති මෝඩ මිනිස්සු .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1087 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 136 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 413 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 828 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 258 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 322 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site