( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද (24) අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
ඒ අනුව අද (24) දිනයේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය,මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 6 ක් ගොනු කර තිබේ.
නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගිජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන පාර්ශව හයක් විසින් ඊයේ (23) දිනය වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.
ඒ අනුව විසිවන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 කි.
එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්
Demuni Uduwara Thursday, 24 September 2020 02:42 PM
20ඒ නිර්මාණය කරන්නේ ගොදුරකි..
සේන Friday, 25 September 2020 05:17 AM
කොටි ඩයස්පෝරාව සහ රටට විනය කටින්නට බලා සිටින N.G.O. නඩය නිවටයින් හරහා දැනුත් ඩොලර් විසි කරනවා. ජනතාවයි ගරු ජනාධිපතිතුමන්ව පත්කළේ... ඔහුගේ දෑත් ශක්තිමත් විය යුතුයි.
ranaFriday, 25 September 2020 08:25 AM
ඔවුනේ., ඔය කියපු අයට පාර්ලිමේන්තුවට එන්න පාර 20 කපා දෙමුනේ...
chandana Friday, 25 September 2020 06:14 PM
රටේම ජනතාවගේ කැමැත්තෙන් පත්කරන ජනාධිපතිවරයෙකුට රටේම ජනතාවතේ කැමැත්තෙන් ලබාදී ඇති බලතල 19න් කප්පාදු කරනකොට ජනමත විචාරණයක් ඉල්ලුවේ නැති අය රටේම බහුතර ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුයි ආණ්ඩුවකුයි පත්වෙච්ච වෙලාවේ හරි හරියට කලබල වෙලා වගේ. වලිගෙට ඕනෑ විදිහට බල්ලා නටවන්න බැරි විදිහට, බෙදුම්වාදය ත්‍රස්තවාදය ලත්තැනම ලොප් කරන්න පුළුවන් වෙන්න. ඊනියා යහපාලන සහජීවන බොරුවලින් ජනතාව රවට්ටලා රට වලපල්ලට යවන්න බැරි වෙන්න සියළු ආකාරයෙන් ශක්තිමත් ව්‍යවස්ථා සංශෝධනයක් තිබිය යුතුයි. වැරැද්දක් කළොත් ගෙදර යවන්න පුළුවන් ක්‍රම දේශපාලනයේදී තියෙනවා. ඒත් කොමිෂන්වල අය, ඇතැම් ආයතන ප්‍රධානීන් පිස්සු නටලා රට ආගාධයට දානකොට ඒ අයව ගෙදර යවන්න පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාවටවත් බැහැ. ඒක මාර ප්රජාතන්ත්රවාදයක් තමයි...