IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විස කිරි සම්බන්ධ පැමිණිල්ලක් සඳහා මන්ත්‍රීවරු පිරිසක් කිරි නිෂ්පාදන ආයතනයට

(ලහිරු හර්ෂණ )

ජනබලය රැලියේදී  ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්  කිරීම සඳහා එම කිරි පැකට්  නිෂ්පාදනය කළ  ආයතනයට මන්ත්‍රීවරු පිරිසක්  පැමිණ  සිටිති.

කිරි නිෂ්පාදන ආයතනයේ සභාපති සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධව සාකච්ඡා කළ අතර එහිදී අනාවරණය වු තොරතුරු මත එදින  එම කිරි අලෙවි කළ ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසද  ඔවුහු ඉල්ලීමක්  කළහ.


සිය නිෂ්පාදන ආයතනයෙන් ඉතා හොද තත්ත්වයේ කිරි පැකට් වෙළෙඳ පොළට නිකුත් කළ බවත්  මෙම සිදු වීමෙන් පසු කළ පරීක්ෂණවලදී අදාල කිරි පැකට් සිදුරුවී තිබු බවට ඔවුන්ට සාධක ලැබී ඇති බවත් ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් සභාපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් එම කිරි නිෂ්පාදන ආයතනය කිසිදු පොලීසියකට මේ වන විට පැමිණිල්ලක් කර නැත. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 12 දෙනෙකු මේ සඳහා එම ආයතනයට පැමිණ සිටියහ.



අදහස් (5)

විස කිරි සම්බන්ධ පැමිණිල්ලක් සඳහා මන්ත්‍රීවරු පිරිසක් කිරි නිෂ්පාදන ආයතනයට

mahinda Wednesday, 19 September 2018 08:47 AM

කාටද මේ විහිලු කතා කියන්නේ කිරි පැකට් හිල් කරලා තිබුනා නම් එතනින් දියර එලියට ආ යුතියිනේ නො එසේනම් හිල් කල ස්ථානය සීල් කලයුතුයි ඒ ගැන පරීක්ෂන කිරීමට එකම සුදුස්සා රසපරීක්ෂක මිසක් සමාගම නෙවේයි. තාමත් මිනිසුන් ඇන්දවීමට උත්සාහ කරන්නේ ඇයි.

:       80       97

sirimal Wednesday, 19 September 2018 09:37 AM

හුළං යන්න බැරිවෙන ආකාරයට සීල් කරපු මල්ලක් හිල් කරපුවාම පිම්බෙනවා කියලා ඇහුවාමයි. "කොළඹ වටලලා ආණ්ඩුව පෙරලලා මිසක් ගෙදර යන්නේ නැහැ" කියල පාරම් බාපු මේ ගොල්ලෝ වැඩේ වැරදුණාම දැන් කිරි පැකට්ටුවක් අල්ලගෙන වෙච්ච නව නින්දාව වහගන්න දඟලනවා. මේ ගෙන්නාගත් සේනාව තමන්ගේ සර්වකාලීන ජනාධිපතිවරයා ලෙස සලකන හිටපු ජනාධිපති දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී "ඉන්දියාවට ගිහිල්ලා අගමැති හමුවෙලා සේරම නෝක්කාඩු සමථයකට පත් කරගත්තා. දැන් ඉන්දියාවත් පිළිගන්නේ ඊළඟ ජනාධිපති එයා කියලයි "කිව්වත් එහිදී සිදුවුනේ " ඡායාරූප සඳහා පෙනී සිටීමේ අරමුණු ඇතුව විනාඩි දෙක තුනක මිත්‍රශීලී මුණගැහීමක් පමණක් බවත් කිසිදු සාකච්ඡාවක් ඇති නොවූ බවත් "වාර්තාවෙද්දී ඉන්දියානු මාධ්‍ය සමඟ කෙරුණු සාකච්ඡා පෙරදැරි කරගෙන මහා සැණකෙලියක් ලංකාවේ ප්‍රචාරය කෙරුණි. මෝදී අගමැතිවූවාට පසුව මහින්දට බලයේ සිටිය හැකිවූයේ මස 6ක් පමණකි. වර්තමාන අතිජාත මිත්‍රයා සුබ්‍රමනියම් ස්වාමි මහින්දට වැඩේ දුන්නේ ලෝකයම බලා සිටියදීය. තමා පරාජය වූයේ ‘රෝ’ සංවිධානය නිසා බව කිව්වේ මහින්දමයි. අපි නෙවේ. ආපසු පැමිණි මහින්ද දමා ගැසූ වචන වලින් සල්ලන් වූයේ මෝදිමය.

:       1       27

dhamneth Wednesday, 19 September 2018 09:49 AM

මේ ගොල්ලෝ ජීවිතේට කිරි පැකට් බීලා නැතුව ඇති... නැත්නම් කව්ද හිල්වුණු කිරි පැකට් බොන්නේ?

:       1       8

chathuri Wednesday, 19 September 2018 10:21 AM

බල්ලෙක්ටවත් කන්න බැරි රටකජු කන්න පුලුවන්නම්..., හිල් වුණු කිරි පැකට්ටුව බිව්වම මොකද? පොඩි ළමයින්ට අගුණයි නේද?

:       0       3

Saman Wednesday, 19 September 2018 02:33 PM

ෆේස් බුක් එකේ තිබුණා මෙහෙම "ඉන්ජෙක්ෂන් කටුවක් ගැහුවා නම් කොහොමද බං කිරි පැකට් එක ඉදිමුනේ" ? කියලා

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 0 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 16 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 46 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 153 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2577 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 208 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site