IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලිකව බඳවා ගනී

අජිත්ලාල් ශාන්තඋදය

සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා සේවයෙන් විශ‍්‍රාම ලැබූ  විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ‍්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

සබරගමු පළාතේ වෛද්‍යවරු 218 දෙනෙකුගේ සහ හෙද නිලධාරීන් 33ක් මේ වනවිට පුරප්පාඩුව පවතින බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේය.

මේ වනවිට වෛද්‍ය සේවයේ පුරප්පාඩු වෙනුවෙන් විශ‍්‍රාම ලද සහකාර වෛද්‍ය සේවයේ නිලධාරින් තාවකාලික පදනම මත යළි බදවාගෙන ඇති බවද පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේය.

සබරගමු පළාත් මුල් ජනගහනය ලක්‍ෂ 21කි.

රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ පළාත් මහ රෝහලක් ඇතුලූව, මුලික රෝහල්, ප‍්‍රාදේශීය රෝහල්, පර්යන්ත රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා ඇතුලූව හැටකට ආසන්න සංඛ්‍යාවක් පවතී.



අදහස් (4)

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලිකව බඳවා ගනී

de silva Sunday, 31 May 2020 10:03 AM

ලංකාවේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය මදිය... රජයට මුදල් නැතිනම් කරුණාකර ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාල රජය මගින් හෝ ඇතිකර රටේ වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්න. රටේ පුද්ගලික සහ රජයේ රෝහල් පද්ධති දෙකක්ම ඇති නිසා අවශ්‍ය භෞතික පහසුකම් තිබෙනවා.. මදි පාඩුවක් වුනොත් උපකරණ කෙටි කාලයක් තුළ පිටරටින් ගෙන්වාගන්න පුළුවන්... නැත්තේ දොස්තරලා, දොස්තරලා හිටියා නම් බය නැතුව මැදපෙරදිග සහ ලෝකයේ වෙනත් රටවල අනාථ කඳවුරු වල දුක් විඳින ශ්‍රී ලංකික පුරවැසියෝ 40000ක් පමණ ගෙන්වා ගන්න තිබුණා... ජාසිංහ මහත්මයා කියන්නේ ඔවුන් ගෙනාවොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ කියලා.., ලංකාවේ අවම වශයෙන් දොස්තරලා 4500 මදිකමක් තිබෙනවා.. සෛටම් එක තිබුණා නම් මේ වෙනකොට අලුතෙන් දොස්තරලා 3000-5000 අතර ප්‍රමාණයක් පිටකරලා.. එහෙම වුණානම් තත්වයේ විශාල වෙනසක් දකින්න තිබුණා. මේ තත්වයට රජයේ වෛද්‍ය සංගමය සහ අන්තරේ වග කියන්න ඕනේ...

:       505       224

saliya Sunday, 31 May 2020 11:31 AM

කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එපාද?

:       0       1

lalithmSunday, 31 May 2020 12:29 PM

ඕනේ. පුහුණු කරන්න අමාරු නැහැ. හෙද සහ වෙද තමයි කල්යන්නේ සහ පුහුණුව අමාරු...

:       0       2

de silva Sunday, 31 May 2020 01:47 PM

තිත්ත වුණත් ඇත්ත මේකයි... ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලින් සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලිනුත් වැඩිපුර වෛද්‍යවරු බිහිවෙලා, දැනට දොස්තර කඩ දමාගෙන ඉන්න චැනල් කාක්කන්ට ලැබෙන සම්තින් එක ටිකක් අඩු වෙනවට දොස්තර සංගමය කැමති නැත. එමනිසා ඔවුන් මොන උප්පර වැට්ටියක් හෝ දමලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ නමැති පුද්ගලයාගේ නායකත්වය ඇති පෙරටුගාමීන් ලෙස හඳුන්වන අන්තරේ ලොක්කන් සමග ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල සිසුන් ඉස්සරහට දමලා, වර්ජන කරලා වැඩි වැඩියෙන් ලංකාවේ දොස්තරලා බිහිවීම අඩාල කරනු ඇත... ලංකාවේ තව දොස්තරලා 5000 විතර සිටියානම්..., අපට කිසිම බයක් නොමැතිව කොරෝනා ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණා.. එහෙම වුණානම් බය නැතිව මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් රටවල අතරමංවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගන්න තිබුණා.. ලංකාවේ අපට මෙච්චර කාලයක් ඇඳිරි නීතිය දමාගෙන දුක් විඳින්න ඕනේ වෙන්නෙත් නැහැ... මැදපෙරදිග අනාථ කඳවුරුවල දුක්විඳින සහ මියයන පුද්ගලයින්ගේ ලේ ඉහත සඳහන් කළ පාර්ශවවල දෑත් ගෑවී ඇතිබව සිහිකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 255 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1082 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 140 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site