IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් එන්න ඩොලර් 1000 ක්

(මුදිතා දයානන්ද)

         

මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ විඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.

ඔහු මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදි ඔහු මෙසේද පැවසීය.

ජනාධිතිතුමාකමේ රටේ  දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.

ජනාධිපතිවරයා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණෙන විට එය භාවිතා කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවා පමණයි. 



අදහස් (23)

විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් එන්න ඩොලර් 1000 ක්

gunda Monday, 09 December 2019 11:11 AM

VIP එකෙන් යනකොට ගෙවන ඩොලර් 1000 ගෙවන්නෙත් අපිනේ . සාක්කුවෙන් දෙන්නේ නැහැනේ.

:       82       592

HemanthaMonday, 09 December 2019 11:20 AM

කතාව ඇත්ත.එත් ඉතින් මොනවා හෝ නැතිවෙනවට වඩා කුමක් හෝ තිබීම හොදයි කියලා තියෙනවනේ. හොද අගය කළ යුතු තීරණයක් අලුත් ජනාධිපතිතුමාගේ.

:       10       441

රවින් Monday, 09 December 2019 11:13 AM

හැබැයි ඕක ගෙවලා ඊට පස්සේ බිල ඉදිරිපත් කරලා මුදල් අපෙන්ම අයකරගනියි. එහෙම නොකළොත් ඒ අය අපේ රටේ දේශපාලුවෙක් වෙන්න බැහැ.

:       13       396

eresh S kumara Monday, 09 December 2019 11:15 AM

ඒක හොද දෙයක්. ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි.

:       11       208

rama Monday, 09 December 2019 11:15 AM

අපට නම් කමක් නෑ අපිට කරදර නොකර කොහෙන් හරි යන්න මුදල් තියෙනවනම් ඒක හොද දෙයක් රටට.

:       99       46

NuwanMonday, 09 December 2019 11:34 AM

ෂොපින් බෑග් එකේ ඇඳුම් දාගෙන දේශපාලනයට ආපු අය අද අක්කර 3000ක විතර ඉඩම් හිමි කෝටිපති මිනිස්සු... ඇමැති පඩියෙන් ඕවා ගත්තා කියලා හිතන මෝඩ ගොන්නු ඉන්න රටක් වෙලා මේක. ඉතින් ඔබතුමා හිතනවා නම් ඇමති කට්ටිය ඒ ගොල්ලන්ගේ සල්ලි දීලා ඕකෙන් යාවි කියලා මම පුදුම වෙන්නේ නැහැ..

:       1       643

NuwanTuesday, 10 December 2019 06:42 AM

මම කිව්ව දේට dislikes දාන්නේ අර කිව්ව ජාතියේ අය.

:       0       5

siri Monday, 09 December 2019 11:25 AM

අප්පච්චියේ. කොස් ඇටද? කජු ඇටද? මන්ත්‍රී උතුමන්ලාට ඒකත් දැන් වෙන ක්‍රමවේදයකින් හොයාගන්න තමයි වෙන්නේ...

:       0       123

Amara Monday, 09 December 2019 11:46 AM

මේ නිවේදන නිකුත් කරන්න ඕනේ පක්ෂ කාර්යාලවල ඉඳලා නෙමේ... රජයේ දෙපාර්තමේන්තුවක ඉඳලා..

:       12       300

Chandana F Monday, 09 December 2019 11:46 AM

කරුණාකරලා මේක තමන්ගේම මුදල් පසුම්බියෙන් ගෙවන්න.

:       0       824

sampath Monday, 09 December 2019 12:06 PM

පාර්ලිමේන්තුවේ කෑම එකක් රුපියල් 100ක් නේද? එ්ක වැඩි කරන්න එපා. අපිටත් එ්කෙන් කන්න දෙන්න..

:       5       283

Hafeel Monday, 09 December 2019 12:11 PM

මැදමුලන කෞතුකාගාර නඩුවෙන් නිදහස්... පාඩුව ජනතාවට. ඉතින් මේකත් කතාවක්ද?

:       551       607

Uditha - London Monday, 09 December 2019 12:15 PM

ඕක ගෙවලා බිල්එක ක්ලේම් කරගන්න පුළුවන්ද ඒ ගොල්ලන්ට..? එහෙම වෙනවා නම් ඉතින් බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි.

:       18       102

nimal007 Monday, 09 December 2019 12:29 PM

ඩොලර් 1000ක් ගෙවලා.. ඩොලර් කෝටියක බඩු පන්නවා ගන්න හොඳ මාර්ගයක්... මේක මේ කුඩු, මැණික්, රත්තරන්.. ගේන්න ගෙනියන්න හදාගත්ත මාර්ගයක් ..

:       111       136

Pappa Monday, 09 December 2019 01:22 PM

ලකුණු දාගන්න කරන බොරු ටෝක්ස්.. මේක මේ සැරේවත් ගෙදර එලවන්න...

:       32       178

ඉන්දික Monday, 09 December 2019 01:39 PM

ප්‍රශ්නය, මන්ත්‍රී යනු VIP කෙනෙක්ද..? එසේ නම් ඇ.ඩො1000 ගෙවීමට ඔහුගේ පඩිය ප්‍රමාණවත්ද? මෙය මන්ත්‍රී මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්.. උසාවි යන්න වෙන ප්‍රශ්නයක්...

:       56       49

godfrey Monday, 09 December 2019 02:14 PM

ඔය හැතිකරේගෙන් මොකුත්ම අයකර ගන්නේ නැතිව, සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරවා, සාමාන්‍ය මිනිසුන් කන කට්ටම කැව්වා නම් ... ඔන්න රටේ නියම ජනපති කියන්නත් තිබ්බා. (මොකද ඔවුන් ඩොලර් 1000ත් කෙලින්නේ අපේ සාක්කුවේම නිසා)

:       0       48

විජිත් Monday, 09 December 2019 05:18 PM

හොඳ වැඩේට හොඳයි කියන්න මම අකමැති නැහැ. මම චුටි උදාහරණයක් දෙන්නම්. දැන් අවුරුදු 7 හෝ 8 කට පෙර මහින්ද මහත්මයාගේ කාලේ පැරිසියේ සිට ශ්‍රී ලංකාවට ආ ගුවන් යානය ගොඩ බැස්සුව ගමන්ම යානය තුල අමුතු කලබලයක් ඇතිවුනා. යමෙක් 15 දෙනෙකුගේ පමණ පාස්පෝර්ට් එකතුකරන්න පටන් ගත්තා. එතන හිටපු සමහර අය ගැන මම කියන්න යන්නේ නැහැ. ප්‍රංශයේ සිටින අය ඒ අය ගැන දන්නවා.. ගුවන් යානයෙන් පිටතට පැමිණි ඔවුන් එතන සිටි ගුවන් සේවා නිලධාරියෙකුට කතාකොට "..මේ ..මේ ..අපි ... ...ල ඇමතිගේ කට්ටිය. අපිව vip හරහා ගෙනියන්න. ඉක්මනට වාහන ඇවිල්ලා ඇති.." කීවා. ඒ නිලධාරියාත් වහාම අර ටිකව vip හරහා පිටතට ගෙන ගියා.එතන හිටපු අයගේ මුහුණු වල අමාරුවෙන් ආරුඪ කරගත් ප්‍රතාපවත් බවක් තිබුනා, මට තවමත් මතකයි.ඔය කියන ඇමතිවරයා අගමැති වෙනවා කියලා කිහිප සැරයක්ම රාවයන් පැතිරුනා.ඒ හැම වෙලාවකම ඔය කියන නෑයන් හදිස්සියේම ලංකාවට ගියා. ආපහු ආවා. නමුත් තවමත් ඔහු අගමැති වුනේ නම් නැහැ. නමුත් පැරිසියේ ඉන්න නෑයන්ගේ එකම සිහිනය තම නෑයා අගමැතිවිම දැකීමයි.

:       0       36

amareTuesday, 10 December 2019 09:31 PM

මම හිතන්නේ නිතරම දියවන්නාවේ නිදාගන්න කෙනා නේද ?

:       0       1

jagath vikrama........ Monday, 09 December 2019 05:21 PM

කුඩු කිලෝ 10 ක් විතර ගේනකොට ඩොලර් 1000 කජ්ජක් ද

:       0       42

Nihal Monday, 09 December 2019 05:26 PM

මමත් කැමැතියි ඩොලර් 1000 ක් දීලා යන්න

:       0       3

leel gunawardena Monday, 09 December 2019 07:42 PM

මොන පර්යන්තද සාමාන්‍ය මගියන් යන විදිහට යමු නේද.

:       0       3

vipula Tuesday, 10 December 2019 04:44 AM

VIP හා සාමාන්‍ය අතර වෙනස මොකද්ද ? චෙක් කරන දේවල් අඩුද ? මේගැන තොරතුරු දෙන්න ඕනේ .එහෙම චෙක් කරන්නේ නැත්නම් ඒවා නැවත පටන් ගන්න ඕනේ . කවුරුත් යන්නේ ම නැත්නම් වියදම අඩුකරන්න ඒ පැත්ත ලයිට් නිවල වහල දන්නා ඕනේ .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 84 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 49 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 87 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 89 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3306 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1575 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site