IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විල්පත්තු වනාන්තරය තුළ හුදකලා වූ අසිරිමත් පුදබිම

(උපුල් තම්මිට)  

විල්පත්තු වනාන්තරය තුළ බෞද්ධ ශිෂ්ඨාචාරයට අයත් නටඹුන් රැසක් ඇතත් මේවනවිට අනාවරණය වී ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි.මල්වතුඔය ආසන්නයේ මෙවැනි පුදබිම් පැවතීමද විශේෂත්වයකි.

වවුනියාව දිස්ත්‍රික්කයට අයත් සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොන්ගරායන්කුලම්  ලෙස හැදින්වෙන මෙම අපුරූ පුදබිම තන්තිරිමලයට උතුරින් පිහිටි දෙමටමල්ගම හරහා කිලෝමීටර හයක් පමණ මල්වතුඔය හරහා මහවනමැද ගමන්කිරීමෙන් අනතුරුව මෙම පුදබිමට ළඟා වියහැකිය .

මීටර් 200 ක පමණ උස කදුමුදුනක් මත සුන්දර ගල්තලාවක් මත පිහිටි මෙම පුදබිමේ සියලුම බෞද්ධ පුරාවස්තු නිධන් සොරුන් විසින් විනාශයට පත්කර තිබේ.

සමස්ත විල්පත්තු වනාන්තරයම නිරීක්ෂණය කිරීමට මෙම ස්ථානයේ සිට හැකිවන අතර පසුගිය යුද සමයේදී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම පුදබිම සහිත ගල්තලාව කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

ජනවහරේ සඳහන් වන අන්දමට වසභ රජු හෝ භාතිකාභය රජවරුන් විසින් මෙම පුදබිම ඉදිකර බෞද්ධ ශාසනය වෙත පූජාකර ඇති බවට ඉතිහාසයේ එන වාර්තා වල සඳහන් වෙයි.

ජලය පිරි අලංකාර ගල් පොකුණක් , ශිලා ලේඛන සහිත ගල්ලෙන් රැසක්ද පුදබිමේ දක්නට ඇති අතර චෛත්‍ය කිහිපයක් ඇතුලු වටිනා පුරාවිද්‍යා ස්මාරක රැසක් නිධන් සොරුන් විසින් විනාශයට පත්කර ඇති අතර ගල්තලාව ඇතුලු සමස්ථ පුදබිම පුරාවට තැනතැන ගඩොල් කලුගල් කැබලි විසිරී තිබේ.

පුදබිමට පහළින් කිලෝමීටරයක් පමණ දුරින් ගලායන මල්වතුඔයේ ගල්කුලකද සෙල්ලිපියක් දක්නට ඇති අතර එහි සඳහන් වන්නේ පුදබිමට අවැසි ගඩොල් හා පස් ප්‍රවාහනය කිරීම සදහා මල්වතුඔය හරහා අතීතයේ පාළමක් ඉදිකර තිබූ බවය.

රජරට විශ්ව වද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ආරිය ලගමුව මහතා හා භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ භික්ෂුන් වහන්සේලා එක්ව මීට වසර කිහිපයකට පෙර මෙම ස්ථානයේ ස්ථානීය ගවේශනයක් සිදුකර ඇති අතර ඒ මහතා විසින්ද මෙම කරුණු තහවුරු කරනු ලැබීය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයතුල පිහිටි මෙම අපුරු පුදබිම දෙස් විදෙස් සංචාරකයන් හට දැකබලාගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යාඥයින් සහ පරිසරවේදීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

 

 



අදහස් (1)

විල්පත්තු වනාන්තරය තුළ හුදකලා වූ අසිරිමත් පුදබිම

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 03:20 AM

අපේ බෞද්ධ උරුමයන් අද වෙනත් අයගේ ජනාවාස වෙලා .. ඒ කියන්නේ මෙතෙක් කල් තිබූ සියළුම රජයන් තම වගකීම පැහැර හැරලා. රජය විසින් බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කළ යුත්තේය. කියනා දෙය ඒ රජයන් විසින් ඉටුකොට නැහැ.ව්‍යංගයෙන් පැවසෙන්නේ එය නොවේද ?

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 205 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 394 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1143 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2596 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1727 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1015 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site