IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විරෝධතා මැද අත්තනගලු පාලම විවෘත කරයි

(ශිරාන් රණසිංහ)
අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු  ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය.

මෙම අවස්ථාවේ පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීයවන පරිදි බයිසිකල් චේන් පටකින් ප්‍රධාන විදුලි කම්බි මතට පතිත කර විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළහ. මෙම අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කලබලයට පත් නොවී උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසට සංවිධායකවරුන්ට දැනුම්දුන් අතර ඇමැති ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අත්තනගලු ඔය හරහා ඉදිකළ මෙම පාලම චන්ද්‍රිකා මහත්මියගේ මැදිහත්වීම මත ලබාදී තිබූ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ වෙනත් පිරිසක් මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ බව උත්සව සංවිධායකවරු කියා සිටියහ.
මීට දින කිහිපයකට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් විසින් රාත්‍රී කාලයේ හදිසියේම මෙම පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.



අදහස් (12)

විරෝධතා මැද අත්තනගලු පාලම විවෘත කරයි

Nandalal DE SILVA - France Saturday, 22 September 2018 08:22 AM

මෙහෙම තවත් අය ඉන්නවද, රට වටේම? මෙයාගේ නම ලියපු බෝඩ් ලෑල්ලක් පාලමේ එල්ලලා යන්න දුන්නානම් එයා "සතුටු වෙනවා" නොඅනුමානයි !!!

:       13       179

Raveendra Saturday, 22 September 2018 08:56 AM

මූලික අරමුණ විවෘත කිරීම. පොදු මහජනතාවට සේවය කිරීම නොවේ. මේවගේ දේශපාලකයින් මෙපින්බිමෙන් මකබෑවේවා...!!!

:       66       383

PerakumSaturday, 22 September 2018 09:58 AM

ප්‍රාර්ථනා කළාට අරමුණු ඉෂ්ඨ වන්නේ නෑ රවීන්ද්‍ර. ඒ පිළිබඳ වගකීම ඇත්තේ අප අතේමයි. එබැවින් ඉදිරියේදී කතිරය ගහන කොට අප කවුරුත් ඉතා කල්පනාකාරී විය යුතුය.

:       21       290

ලුම්බිණි Saturday, 22 September 2018 10:05 AM

මේකෙන්ම පේනවා මොවුන්ට වැදගත් වෙන්නේ පාලම නොව එය විවෘත කරන්නේ කවුද කියන එක බව...

:       19       163

Priyankara Saturday, 22 September 2018 10:06 AM

චන්ද්‍රිකා නෝනට දැන් තියෙන්නේ කට වහගෙන ගෙදරට වෙලා ඉන්න එක. රනිල් එක්ක එකතුවෙලා රට කෑව ඇති. මේ ප්ලෑන් එක හින්ද තමා අපේ රට මේ තත්වෙ තියෙන්නේ.... ඒත් අද!

:       1328       1257

nishaSaturday, 22 September 2018 03:13 PM

ඔයාගේ මහින්දටත් ඕක කියන්නකෝ...!!!

:       507       473

PriyankaraSaturday, 22 September 2018 06:53 PM

එයා කිව්ව ඔයත් එක්ක බේර ගන්න කියල.

:       59       25

රවින් Saturday, 22 September 2018 01:08 PM

පොදු ජනතාවනි !! වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු දේශපාලුවන්ගේ නම් මහජන මුදලින් සදනලද වියපෘති වලින් ඉවත් කිරීමේ කාලය එළඹී ඇත. ඔව්නොවුන්ගේ පුද්ගලික වියදමින් තනන ලද පොදු ජන ව්‍යපෘති වල හැර අනිකුත් සියලු ස්ථාන වලින් සියලුම දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ. නැතිනම් අපේ හම උන්ගේ නම කියලා හූල්ල හූල්ලා ඉන්න.

:       0       264

erdi Saturday, 22 September 2018 01:26 PM

ගිය ගිය තැන ඉවරයි. චන්ද්‍රිකා නෝනාට අයිතියක් නැද්ද පාලමක් විවෘත කරන්න. හැමදේම කරන්න ඕනෙ අප්පච්චිද?

:       315       308

dhamneth Sunday, 23 September 2018 01:04 AM

මේ පාලම ඉදිකරේ ප්‍රාදේශීය සභාවෙන්ද? අවුරුදු 70 ගණනකට පෙර සුද්දන් හැදු පාලම්, ගොඩනැගිලි ආදියට සුද්දන්ගේ නම් දාගන්න ඒ ඇත්තන්ට නම් මෙහෙම පිස්සුවක් තිබිල නැහැ.

:       43       1

sarath Sunday, 23 September 2018 01:14 AM

මෙම පාලමට වඩා විශාල පාරවල් ,පාලම් කිසිවෙකු නැතිව මහජන භාවිතයට නිදහස්කොට ඇති අයුරු (බොහො විට උදේ පාන්දර යනවිට ඊට පෙර රාත්‍රියේ වැඩ අවසන් කර මාර්ග බාදක අයින්කොට තැබූ පාලම,පාරවල් ) වෙනත් රටවලදී දැක ඇත්තෙමි. දෙපාර්ශවයේම නූගත් කම උපරිමයෙන් පෙන්වන අවස්තාවක් ලෙස දකිමි !

:       25       3

DhammikaSunday, 23 September 2018 09:41 AM

මම වැඩකරන රටෙත් එහෙම තමයි. මාර්ග පාලම හැදීම රජයේ වගකීමක්... ඒවා දිනපතා හදනවා. උදේට පොලිසියෙන් සහ මාර්ග සංවර්ධන එකෙන් විවෘත කරලා වාහනත් යනවා. උත්සව නැහැ. අපි ඉන්නෙත් ජනතාවගේ චින්තනය තියෙන්නෙත් ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව වසර 50ක් පස්සෙන්, මේවා පාලකයින්ගේ අනුකම්පාවට හදල දෙනවා වගේ ලංකාවේ අය හිතන්න පුරුදුවෙලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 107 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 26 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1535 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 317 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1485 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1471 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site