රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමින් සිටිනා දේශයක් තුළ වියවුල් නිර්මාණය කිරීම පිණිස ඉතා සංවිධනාත්මකව දියත් කරන මෙහෙයුමක් බව පැහැදිලි යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (21) සඳහන් කළාය.
කොළඹ ස්ථාන කිහිපයක් ඇතුළුව තවත් ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටින්නීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වියවුල් නිර්මාණය කිරීමේ උත්සාහයක්
Nihal Sunday, 21 April 2019 07:06 PM
ඥානසාර හිමියන් බෙරිහන් දුන්නේ ඔය ටික වෙන නිසයි.
KUMAR (Gulf) Sunday, 21 April 2019 07:45 PM
මෙයාගේ සංහිඳියාව රෙද්ද අස්සෙන් දොරේ ගලනවා. තාම මෙයා කියන්නේ බයිලා.
[email protected] Sunday, 21 April 2019 08:00 PM
ඔබේ අනිකුත් ප්‍රකාශ අපි ගණන් නොගත්තා වුනත් මේ ප්‍රකාශයට මුළුමනින්ම එකඟයි. අපි යුද්ධයෙන් පස්සේ අමාරුවෙන් රටේ නම ගොඩ නගාගෙන යනවා හොරමැරකම් අස්සේ වුණත්. 2019 වසරේ හොඳම සංචාරක රට හැටියට පවා අපිව තේරුණා. ඒකට ලොකු ම කැළලක් මේ සිද්ධියෙන් හිතාමතාම ඇතිකළ ත්‍රස්තයින් මරා දැමිය යුතුයි.
Dil Sunday, 21 April 2019 08:17 PM
මෙයට වගකිවයුත්තා අන් කවරෙක් වත් නොව, ඔබ පමණි. 30 වසරක යුද්ධය නිමා කොට ස්ථාවරව තිබූ රට, ජනතාවට පච කියා, ජනතාව රවටා වෙනෙසක් කර බැංකු හොරුන්ට රට බාර කල වැරැද්දේ, මූලික චුදිතයා ඔබයි. දැන් වෙනස සැපද?
SujeewaMonday, 22 April 2019 03:03 PM
දිල්, නියම උත්තරය රට කාපු, නිදහසෙන් පසු - ප්‍රථම වතාවට වර්ෂ 2ක් (2000, 2001) රටේ වර්ධනය ඝෘණ තත්වයට පත්කළ, උතුරේ හමුදා කදවුරු එල්.ටී.ටී.ඊ. යට නතු කළ, පුද්ගලයා ගැන මොනවා කියන්නද...? එයා හවසට විස්කි 2ක් ගහලා කියනකතා කවුරුවත් විශ්වාස කරන්නේ නැත...
anuradha Sunday, 21 April 2019 09:15 PM
රට කිරීමට ඔබගේ උපදෙස් අනවශ්‍යයයි සිතමි.
surath Sunday, 21 April 2019 09:28 PM
වියවුල් නිර්මාණය පටන් අරන් හුඟක් කල්නේ. බුද්ධි අංශ අඩපන කරන්න පටන් ගත්තේ වසර හතරකට පෙර
Lashan Sunday, 21 April 2019 10:58 PM
ඔව් අපි දැක්කා ආර්ථික ප්‍රගතිය...
පිටිගල මිලානෝ Sunday, 21 April 2019 11:01 PM
අපේ රටට ආයෙත් මෝහිණී වැහිලා. පේන්නේ නැද්ද ලස්සන..?
kumara Sunday, 21 April 2019 11:21 PM
අනේ යන්න... ඔයාලා තමයි රටේ ආරක්ෂාව අන්තයටම දැම්මේ... අන්තවාදය හුරතල් කලේ
maaraya Monday, 22 April 2019 12:48 AM
මැය රටින් පිටුවහල් කරනු...!!!
Tikiri Monday, 22 April 2019 01:58 AM
සංහිඳියා නාඩගම තවම නටනවද?
සෙනෙවි Monday, 22 April 2019 04:08 AM
පහු ගිය දිනවල ඇමරිකානු තානාපති වරිය මඩකලපුවේදී රාජ්‍ය නොවන සංවිධාන සමග රහස් සාකච්ඡාවක් කල බව පුවත් පත් වල තිබුණා. මෙය පිලිබඳව සොයා බැලිය යුතුයි. ඇල්කයිඩා සංවිධානය පවා බිහි කරනු ලැබුවේ ඇමරිකානු උදව් ඇතිව බව සිහිපත් කල යුතුයි
witacheenata RakkaMonday, 22 April 2019 04:43 AM
මෙහෙ ඉන්න ඇමරිකානු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් තියනබව නම් පැහැදිලියි !
Deepal Nirosh Monday, 22 April 2019 04:49 AM
වගකිවයුත්තන්ට දඬුවම් දීම අනිවාර්යයෙන් කළ යුතුයි. එහෙත් ඊට වඩා වැදගත් වෙන්නෙ සිද්ධියට ගැන විධිමත් විමර්ශනයක් කර ඉදිරියේ දී මෙවැනි සිද්ධි ඇති නොවීමට වග බලා ගැනීමයි.
janahitha Monday, 22 April 2019 05:54 AM
සංහිදියාවට ඉඩ හැර අපි විනාශයට යමු.
JAYASEKARA Monday, 22 April 2019 06:05 AM
ටවුන් හෝල් එකේ කොටි බෝම්බෙන් අනු නවයෙන් බේරිලා .. මිස්ට ප්‍රබාකරන් කියපු මෙය දැන් බියිලා ගහනවා ...
abiya Monday, 22 April 2019 06:07 AM
ඔබතුමිය නිහඩව ඉන්න. ඔබ තුමිය අදහස් ප්‍රකාශ කරන්න කරන්න ජනතාවගේ අප්‍රසාදය මෙයින් පිළිඹිබු වෙනවා.
bandara Monday, 22 April 2019 07:14 AM
කරුණාකර ජාතක කතා වල ආදර්ශය ගන්න අපේ රටේ වැරැද්දට එක හේතුව ක් වන්නේ බුද්දියෙන් නොව හදවතින් තීරණ ගැනීමයි.... කොටින්ම මා කියූ මේ කියමනට පවා ඇතැමුන් වෛර කරනු ඇත...
wimal Monday, 22 April 2019 07:22 AM
බුදු අම්මෝ... මූණ දැක්කත් අපිට කිරි උතුරනවා.. අනේ වාසනාවන් අප රටට... තව වසර හාරකෝටියක් මෙතුමිය ජීවත් වේවා!!!
BamunuarachchiMonday, 22 April 2019 04:54 PM
මගේ නම් ලේ කෝප වෙනවා
Apeksha Monday, 22 April 2019 08:32 AM
අනේ ඔබතුමිය මොනවද දන්නේ? ඔබතුමිය හිටපු කාලේ අපේ අහිංසක රණවිරුවන් බුරුතු පිටින් කොටින්ට පූජාකළා.