(මනෝප්රිය ගුණසේකර)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝණය කළැයි රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය.
වාණිජ මහාධිකරණයේ ඉවත දමා අදාළ නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල කොළඹ වාණිජ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට බාර දුන්නේය.
නඩුවේ වගඋත්තරකාර පාර්ශවය වු තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස අධ්‍යනය නොකර මෙම තීන්දුව ලබාදී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර විමල් වීරවංශ මහතා වාණිජ මහාධිකරණයේ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අදාළ අභියාචනය මඟින් ඉල්ලීමක්ද කර ඇත.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විමල්ගෙන් ඇපෑලක්
Buddika Thursday, 24 January 2019 11:05 AM
මොලේ නැති කට විතරක් තියෙන අයට හොඳ පාඩම්
Nandalal DE SILVA - FranceThursday, 24 January 2019 06:53 PM
තුන්මුල්ලේ විමලේට නම් මොලය නැති උනාට වාචාල කටක් සමග කොපි කිරීම සඳහා අතකුත් තිබෙන බව පැහැදිලි වෙනවා! ඒකනේ ටිල්වින් සහෝදරයාගේ කෘතිය විමලේ නමින් ප්‍රසිද්ධ කරගෙන ධනවතෙක් බවට පත් උනේ... දැන් ඉතින් එයාට "පොතේ සරණ වගේම", "අධිකරණයේ සරණයි" කියන්න උනේ. පව් අනේ.
Hafeel Thursday, 24 January 2019 12:08 PM
මෙයාට ජනාධිපති සමාවත් නැද්ද? ආපහු පැය හතරක මාරාන්තික උපවාසයක් ඉඳීවිද?
Nandalal DE SILVA - FranceSaturday, 26 January 2019 01:37 PM
මහින්ද රජ්ජුරුවෝ බලයේ හිටිද්දී මාරාන්තික උපවාසයක් කරපු තුන්මුල්ලේ විමලේට "මාරි" බිස්කට් එකකුත්, පයිප්ප වතුර වීදුරුවකුත් අරගෙන ඕක නවත්තන්න කියපු මරා මහත්තයා හිටියා නම් මෙයා උපවාසයක් කරන්න බලා හිටියලු, අධිකරණ තීන්දුවට එරෙහිව ! ඒත් ඉතින් එයා නැතුව උපවාස කරලා වැඩක් නැහැ කියා එම තීරණය වෙනස් කරලු, "හිටං" මහත්තයා වතුර පොවන්නේ නැති නිසා !
sirimal Thursday, 24 January 2019 12:24 PM
ඒ අදහස කාගෙන්ද දන්නේ නැහැ... හොරකම් කර ගන්න ඇත්තේ?
Chanak los angeles Thursday, 24 January 2019 03:08 PM
අවුරුදු 10 කට පසුව නේද තීන්දුව දුන්නේ? එහෙනම් කොහොමද මොහු කියන්නේ අධිකරණය හරියට අධ්‍යයනය කර නැහැයි කියා? සිංහයෝ වගේ දඟලලා කිච වුණාම නරි ගානට වැටෙනවා නේද..?
Donald Friday, 25 January 2019 12:18 AM
මෙයාට සමාවක් දෙන්න එපා
Saman Friday, 25 January 2019 02:23 AM
මෙයාට පොත් ගැන හොඳ දැනුමක් තියෙනව. ' මහල්ලා සහ මුහුද ' පොත ලිව්වෙ කව්ද කියල හරියටම කිව්වනෙ.
pandith Friday, 25 January 2019 09:20 AM
හැබැයි මෙයාට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන නම් පොත් ඕනෑතරම් ලියන්න පුළුවන්. ඒ ගැන ප්‍රවීන දැනුමක් නම් තියෙනවා.