විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි.
ඡන්ද ප්‍රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්‍රීවරයා කිවේය.
මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.
‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.
ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා. මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘ යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන්
sirimal Monday, 19 February 2018 12:56 PM
එතකොට ඇතුලට යන්නේ කවුරු හින්දාද?
සතයපාල Monday, 19 February 2018 01:05 PM
කතාව ඇත්ත... හොරු හොරුන්ව රැක්කා. ලැජ්ජා නැතිව කියන එකයි පුදුමේ !
සාම Monday, 19 February 2018 01:07 PM
ඒකටනේ වෙනසක් කරන්න අපි 2015 ඡන්දේ දුන්නේ නේද? අපිම අපටම මඩු වලිගෙන් තලා ගම්මු..
Bamunuarachchi Monday, 19 February 2018 01:10 PM
එහෙමනම් රනිල් මහතා එදා බේරුනේ මහින්ද මහතා සිරිකොත ඉස්සරහ පාරට තාර දාපු නිසා නේද ?
ranjith Monday, 19 February 2018 01:32 PM
අපි දන්නේ නැහැනේ අගමැතිවරයාට චුදිතයන් නඩුවලින් නිදහස් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ අගමැති නිතිය නවනවා? මරු යහපාලනේ
pawan Monday, 19 February 2018 01:59 PM
ඕනෙ කෙනෙකුට පරණ පාස්පොර්ට් එක මග හැරුණොත් අලුත් එකක් ගන්න පුළුවන්. එතකොට පරණ එක ඉබේ අවලංගු වෙන එක විතරයි වෙන්නේ. තානාපති කාර්යාලයෙන් වැරදීමකින් අවලංගු එකට වීසා ගැහුවොත් ලංකාවේ ආගමන විගමන නිලධාරීන්ට ගුවන්තොටුපළේදී හොයාගන්න පුළුවන්. එතකොට පිටරට යන්න බැහැ. විමල් වීරවංශ මහතා මෙතන වරදක් කර නැහැ. කියන විදියට කාටවත් පින් දෙන්න වුවමනාවක් නැහැ.
KamalMonday, 19 February 2018 02:25 PM
කාට වුණත් පාස්පෝට් දෙකක් ඉදිරිපත් කරන්න බෑ මහත්තයෝ. පරණ එක බාරදීල තමා අලුත් එකක් ගන්නෙ.
BamunuarachchiMonday, 19 February 2018 03:53 PM
අලුත් එක පරණ එකට අමුණලා දෙකම දෙනවා. ඒගොල්ලෝ තියා ගන්නේ නැත. මා ළඟ පාස්පෝට් 3 තිබෙනවා.
රත්නායකMonday, 19 February 2018 04:10 PM
හරි දැන් ඔය සිද්දියෙන් රටට මහා ලොකු පාඩුවක් වුනාද. ඔයිට වඩා රටේ අපරාද වෙලා නැද්ද. 2015 කිවිවෙ හොරකම් කියල ඔයවගේ එ්වද. මිනිස්සුන්ට ඕවා අැල්ලුව කියලා ලැබෙන ඉලව්වක් නෑ. ජීවන වියදම අහස උසට. ලොකු ලොකු හොරාකෑමි අැස්ඉදිරිපිට වෙනව එ්ව යටගහනව. කොහෙද නැති පාස්පෝට් එකක් අල්ලගෙන අවුරැදු 3ක් තිස්සේ දගලනවා. අධිකරනයත් මාර ස්වාධීනයි නේද.
SLMonday, 19 February 2018 05:57 PM
පරණ එක නැතිවුනොත්? මොකද කරන්නේ. එතකොට මොකද කරන්නේ.
SampathTuesday, 20 February 2018 04:21 AM
කමල් ඔයා දන්න තරම තමයි. මගේ ගාවත් මගේ මල්ලී ගාවත් මගේ තාත්තා ගාවත් අපේ පරණ පාස්පෝර්ට් තාම තියෙනවා අලුත් එක්ක අමුණලා. අපි රට යනකොට එනකොට ඒවිදියටම තමයි පරණ එක දෙන්න ඕන කියල කොහෙවත් කියලා නෑ
janahitha Tuesday, 20 February 2018 05:29 AM
මෝඩකම ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න එපා . පරණ පාස්පෝර්ට් නැති වූනාම ඉදිරිපත් කරන්නේ මොකක්ද , ඔයවගේ හබවලින් තමයි වැරදිකරු එලියට එන්නේ .
රංගTuesday, 20 February 2018 08:33 AM
පරණ එක බාර දීල අලුත් එක ගන්න ඕන කියල කොහෙද මෙයා තියෙන්නෙ..කියන්නකො බලන්න...අලුත් පාස් පෝට් තියෙන ගොඩක් අයගෙ පරණ ඒව දෙක තුන එකට අමුණල තියෙන්නෙ...ඇයි දැක්කෙ නැද්ද ඔබ තුමා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො පාස්පොට් පහලොවක් විතර මීඩිය වලට ගෙනෙල්ල පෙන්නුව..නොදන්න කතා කියන්න ගිහින් වරිගෙ නහගන්න එපා...
SagaraTuesday, 20 February 2018 10:23 AM
මෙතනදී කරලා තියෙන්නේ පරණ පාස්පෝට් එක නැතිවුණා කියලා අලුත් එකක් අරගෙන. පස්සේ පරණ එකෙන් යන්න හදල. වැඩේ මාට්ටු. පස්සේ කීවේ පරණ එක නැවත හමුවුණා කියලා . ඒක ඇත්ත නම් ඒ බව දැනුම් දිය යුතු වනවා. වලංගු පාස්පෝට් දෙකක් ළඟ තබා ගැනීමයි කල වරද.
Sunil Monday, 19 February 2018 02:24 PM
ඒ කතාව ඇත්තනම් අගමැති තුමා නීති විරෝධී කාරියක නිරත වී ඇති බවයි පෙනෙන්නේ. අපි එතුමාව පත් කලේ එවැනි ක්‍රියාවල් සඳහා නොවේ.
Lalith Monday, 19 February 2018 02:33 PM
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව 70% ක ජනමතයක් තිබෙනවා කියලා මුජිබුර් රහුමාන් දන්නේ නැහැ වගේ.
suneth Monday, 19 February 2018 04:06 PM
එතකොට මීගමු උසාවියෙ නඩු දාල තියෙන්නෙ පොලොසියෙන් ද?
Mano Monday, 19 February 2018 05:27 PM
අගමැති නීතිය නමනවා. ඕං අපි නෙවෙයි කියන්නේ. ඒ ගොල්ලොමයි
Ratnamalala Monday, 19 February 2018 06:04 PM
සේරම එක මල්ලේ ලුණු කන අය. අගමැති අපරාද කාරයන්ව රකිනවා කියන එකද මේ කියන්නේ?
sirimantha Kodituwakku Tuesday, 20 February 2018 12:53 AM
නීතිය කාටත් එක වෙන්න ඕන.
rocky Tuesday, 20 February 2018 02:44 AM
"විෂ ඝෝර සරුපයා - දැක නොහරු මෝඩයා!"
ALAPALU Tuesday, 20 February 2018 04:00 AM
මෙයා හිතන් ඉන්නේ මෙයාගේ අම්මගේ අප්පාගේ බූදලය කියලා..............
kasun Tuesday, 20 February 2018 05:11 AM
ඕක නිසා තමයි ඕගොල්ලෝ මේ පර පැරදුනේ දැන් අපි අගමැතිට පින් දෙන්නද ඕන ? කරුණාකරලා හොරු අල්ලන මේක ඕගොල්ලොන්ට ලැබුණ අන්තිම අවස්ථාව......
hema Tuesday, 20 February 2018 05:49 AM
කමල් යමක් කියන්න කලින් හොයල බලන්න දන්න දේවල් ප්‍රසිද්දියේ කියන්න එපා අලුත් පාස් පොර්ට් එක නිකුත් කරද්දී පරණ පාස් පොර්ට් එකට cancel seal එක ගහල එක අයිති අයට දෙනවා එතකොට ඒ පරණ එකේ වලිඩ් විසා තියනවනම් දෙකම use කරන්න පුළුවන්
sanath Tuesday, 20 February 2018 06:44 AM
ඒ කියන්නේ අපේ ලිච්චවී අගමැති නීතිය නමනවා කියලනේ . ඔබ තුමා හරි.
Padmini Tuesday, 20 February 2018 07:01 AM
මම බොහොම අගය කරනවා මේ මහත්මයාගේ චතුර, ඉතාමත් තාර්කික, සංයමයෙන්, බොහොම පරිස්සමින් කරන සංවාද ගැන. මෙවැනි දේශපාලකයින් සමග යමක් බුද්ධිමත්ව විසදා ගන්න පුළුවන්.
rocky Tuesday, 20 February 2018 10:25 AM
පද්මිණි, අයි අයියෝ මොනවද මේ කියන්නේ? ඉතාමත් අතාර්කික ලෙස, කිසිම සංයමයක් නැතුව කිසිම පරිස්සමන් නැතුව, කිසිම හරයක් නැති වල් පල් දොඩවන වාචාල විශේෂඥයකු වගෙයි අපට නම් පෙනෙන්නේ.