අජිත්ලාල් ශාන්තඋදය, වයි.ඒ.එස්. වීරවංශ සහ සම්පත් ප්‍රියනන්දන
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයකුට ජංගම දුරකතනයකින් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ උත්තර කෙටි පණිවුඩ මගින් යැවීයැයි කියන ගුරුවරියට සහ එම විභාග අපේක්ෂකයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද පී මුදුන්කොටුව මහතා අද නියෝග කළේය.
එම ගුරුවරිය විභාග රාජකාරියේ නිරත ගුරුවරියක බව පොලිසිය කියයි.
සැකකාර පාසල් ගුරුවරිය සැකකාර විභාග අපේක්ෂකයාට ඉංග්‍රීසි භාෂා උපකාරක පන්ති පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවූ බව ද සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කළ බළන්ගොඩ පොලීසිය දැනුම් දුන්නේය.
විභාග අපේක්ෂකයාගේ විභාග මධ්‍යස්ථානය වී තිබුණේ ද ගුරුවරිය සේවය කරන පාසල බව ද පොලිසිය පවසයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා විෂයය බ්‍රහස්පතින්දා පැවැත්විණි.
සැකකාර අපේක්ෂකයාට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කෙටි පණිඩ ලබාගෙන විභාගට වංචාකාරීව පිළිතුරු සැපයූ බව පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විභාග වංචාවට අත්අඩංගුවට ගත් ගුරුවරියට සහ විභාග අපේක්ෂකයාට ඇප
ravi Friday, 07 December 2018 09:40 AM
මේ ගුරුවරියට වෘත්තිය තහනම් කල යුතුයි .. !
aravinda Friday, 07 December 2018 11:19 AM
බලංගොඩ පැත්තේ ගමක දරුවෙක් විභාග වංචාවට අත්අඩංගුවට පත් වෙනවා. කොළඹ පැත්තේ තියෙන රටේ ලොකුම රජයේ බැංකුව කඩලා, හොරකම් කළ අය ඒ වගක්වක් නොදැන යහතින් ජීවත් වෙනවා. මේ රට නම් ආසියාවේ ආශ්චර්ය විය යුතුමයි.