IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විනිසුරුවන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාව සම්මතයි

(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)

අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන් වැටුප් හා දීමනා වැඩි කිරිම සඳහා ඉදිරිපත් කර තිබු යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද (23) විවාදයකින් තොරව ඒකමතිකව සම්මත විය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය සහ අගමැතිවරයා වෙනුවෙන් සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව මෙතෙක් වැටුපෙන් 25 %ක් වශයෙන්  ගෙවනු ලැබු විශ්‍රාම වැටුප්  සහිතව දීමනාව මෙම වසරේ ජනවාරි 1 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි 50 % දක්වා වැඩි කිරිමත් එම දීමනාව නව වැටුප් අනුව ලබන වැටුප් පියවර පදනම් කර ගණනය කෙරේ.

ඊට අමතරව මසකට  රුපියල් 150,000/- විශ්‍රාම වැටුපට ගණන් ගැනෙන වෘත්තීය දීමනාවක් ගෙවීම මේ හා සම්බන්ධ වැටුප් වැඩිවිම ඇතුළත් වගුවක් සභාගත කැරිණි.



අදහස් (13)

විනිසුරුවන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාව සම්මතයි

sirimal Friday, 23 March 2018 02:30 PM

මේක නීතිපොතේ නෑ කියලා කවුරුවත් උසාවි යන එකක් නම් නැහැ.

:       0       134

dayalFriday, 23 March 2018 10:48 PM

වැටුප් වැඩි කලා වගේම උසාවි වල ගොඩ ගැහිලා තියෙන නඩුත් ඉක්මන් කරලා විසදන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඉඩම් නඩු. අසරණ මිනිහයි තැලෙන්නේ . සල්ලි තියෙන හොරු නඩු දාලා වසර ගනන් අද්දවලා අසරණයව තලා පෙලා දමනවා නිතියට අනුවම.

:       0       0

rocky Friday, 23 March 2018 02:37 PM

ඔය එක්කම මන්ත්‍රීවරුන්ගේ වැටුපත් වැඩි කරන්න ඕනෑනේ !!!

:       78       28

Pushpa Friday, 23 March 2018 03:30 PM

මන්ත්‍රී සහ ඇමැතිලාගේ වැටුපත් විනිසුරුවන්ගේ වැටුපට සමානුපාතිකව වැඩි වෙනවා නේද?

:       0       60

Lashan Friday, 23 March 2018 03:44 PM

මස් කටු කෑලි දෙක තුනක් විසි නොකර බැහැ.

:       4       65

Sisili Bisili Friday, 23 March 2018 04:06 PM

මේක රාවය පත්තරේ එලි කරලා තිබුනා. හැම වතාවකම මන්ත්‍රී වැටුප වැඩි කර ගන්න ඕනේ උනාම මේ වැඩේ කරනවා කියල. දෙවි පිහිටයි අහිංසක දුප්පත් මිනිස්සුන්ට.

:       0       154

hesa Friday, 23 March 2018 05:03 PM

හිතේ හැටියට වැටුප් වැඩි කර ගන්නවා. පට්ටම් දෙනවා. මේවයේ අවසනයකුත් නැහැ ඉවරයකුත් නැහැ මහජනයාට කරන්න දෙයකුත් නැහැ

:       0       49

sg Friday, 23 March 2018 05:07 PM

වැඩි කාලයක් යන්න පෙර රටේ වර්ජන රැල්ලක් මතුවීමේ අවදානම වැඩිය

:       4       87

hesa Friday, 23 March 2018 05:53 PM

ඔය කියන රැල්ල මහජනරැල්ලක්ම වෙන්න ඕනේ මුළු මහත් ජනතාව වෙනුවෙන්ම . අරයගෙ මෙයාගේ පඩි වැඩි කරන්න කියල නෙමෙයි..............

:       0       0

ranjith Saturday, 24 March 2018 02:07 AM

මේක අල්ලසක් විදියට සලකන්න බැරිද?

:       0       1

සෙනෙවි Saturday, 24 March 2018 05:52 AM

විනිසුරුවන්ගේ වෘත්තීය ඉංජිනේරු, වෛද්‍ය, ගණකාධිකාරි, සහ විද්‍යාත්මක වැනි රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීන් වලට වඩා උසස් වන්නේ කෙසේද? මේ වෘත්තිකයන්ගේ සේවය අවතක්සේරුවකට ලක් කරමින් විනිසුරුවන්ට පමණක් ඉතා ඉහළ වැටුප් ගෙවීම බරපතල අසාධාරණයකි. උගත් අය විශාල වශයෙන් රට හැර යන්නට මෙයද ප්‍රධාන හේතුවකි.

:       2       250

sarath Sunday, 25 March 2018 02:34 AM

නඩුවකට විනාඩි පහක් විතර පෙනී හිටලා කල් දානවට වෙන්න !

:       0       0

ajith Sunday, 25 March 2018 05:53 AM

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවකි . පීඩාවට පත්ව සිටින්නේ මධ්‍යම පාන්තික පිරිසයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 425 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 843 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 631 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1479 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2970 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1918 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site