IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට අද (23) නියම කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වලින් අනාවරණය වන අන්දමට රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට මැදිහත් වන බවක් පෙනෙන්නට ඇති බවත්  විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ එක්ව බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළ බව විමර්ශන වාර්තා අනුව පෙනී යන හෙයින් නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට එලෙස නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වෙනම නඩු කටයුත්තක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ  කොට්ඨාසයේ  අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ විමර්ශන උධෘත හඬපට හා කරන ලද සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතීපතිවරයා කොළඹ අපරාධ  කොට්ඨාසයේ  අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් ලබාදී ඇතැයි පැවසු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් ඔවුන්ගේ බලතල ක‍්‍රියාත්මක කිරීමේදී හෝ කර්ත්‍යවය ඉටු කිරීමේදී නීත්‍යානුකූල බලයක් නොමැතිව ඔවුන්ගේ කටයුතු වලට බලපෑමක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (17 වැනි වැනි සංශෝධනයේ ) 111 (ඈ) 02 වැනි උප වගන්තියට ඇති විධිවිධානයන් යටතේද විනිසුරු ගිහාන් පිළපිටිය මහතා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 190 වැනි වගන්තිය යටතේද වැරදි කොට ඇති බවට කරුණු අනාවරණය වන බව නීතීපතිවරයාගේ මතය වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අලුතින් නඩුවක් ආරම්භ කරන ලෙසද ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.

 

 



අදහස් (38)

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්

Champa Thursday, 23 January 2020 02:16 PM

මේ ගැන කලින් ලියන්න වෙලා තිබ්බේ නැහැ. නීතිපති කරලා තියෙන මේ නියෝගය සම්පූර්ණයෙන්ම වැරදියි. නීතිපතිට බලයක් නැහැ හිටපු හෝ ඉන්න නඩුකාරයෙක්ව අත්අඩංගුවට ගන්න හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න කියලා පොලිසියට ඕඩරයක් දෙන්න. කොහේ තියෙන නීතියක්ද මේ? නීතිපති කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. ඔහු රජයේ නීති උපදේශක. පුද්ගලයාගේ ස්වභාවය අනුව රජයට නීති උපදෙස් දෙනවා වෙනුවට ඔහු රජයෙන් කියන දේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ නියෝග සම්පූර්ණයෙන්ම වැරදියි. නඩුකාරයෙක් ගැන කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිපතිට පුළුවන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න විතරයි. පොලිස්කාරයින්ට බැහැ නඩුකාරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න. නීතිපති පරීක්ෂණයක් කරන්න කිව්වහම, එකක් ඒක ලිඛිතව අදාළ නඩුකාරයට යවන්න ඕනේ... අනික ඒ පරීක්ෂණය කරන්න ඕනේ අග්‍ර විනිශ්චයකාරයා හෝ අධිකරණ සේවා කොමිසම නම් කරන විනිශ්චය සභාවක් මගින්. පරීක්ෂණයට අදාළ හඬපට දෙන්න ඕනේ එතැනට. එකම දේ අග්‍ර විනිශ්චයකාරයට පුළුවන් ඒ නඩුකාරයාගේ වැඩ නවත්තන්න විනිශ්චය සභාවේ තීරණය එනතුරු. එම විනිශ්ච සභාව තමයි තීරණය කරන්න ඕනේ නඩුකාරයා වැරදිද එහෙනම් ඔහුගේ වැඩ තහනම් කරනවද? මාස කීපෙකට හෝ ඔහුව තනතුරින් නෙරපනවද? කියන එක...

:       483       1144

අබිලින් Thursday, 23 January 2020 05:30 PM

මේ අලකලංචි අතරතුර මාතර රෝහලේදී පිරිමියකු විසින් දරුවකු බිහිකර ඇතිබව වාර්තාවේ. ගැහැණු, පිරිමි නොකිරීමට නොහැකි තර්කය මෙයින් බිදී ගොස් ඇත.

:       32       2

arunaFriday, 24 January 2020 06:37 AM

චම්පා පිස්සෙක් වගේ කෑගැහුවට උසාවියකින් වරෙන්තුවක් ගන්න කියලා තියෙනවා ඉතින් උසාවිය තීරණය කරයි. එ්ක දෙනවද නැද්ද කියන එක..

:       9       21

sudesh pierisThursday, 23 January 2020 06:22 PM

ඇති ඇති දැන් අපි ඔයාට ඇහුම් කන් දෙන්නේ නැහැ.

:       175       12

සමරසේකර - ගම්පහ Thursday, 23 January 2020 06:38 PM

ලියන්න කලින් වෙලා තිබ්බේ නැහැ...? ඔය හෑල්ල නොලියා හිටියනම් ගොඩක් හොඳයි.

:       304       8

agar vinisara Thursday, 23 January 2020 08:05 PM

මේක මහා පුදුම ක්‍රමයක් නේ. නීතිපතිට මෙහෙම බලයක් එකපාරටම කොහෙන්ද කඩාපාත් උනේ ? නීතිපතිට පුලුවන්ද පොලිසියට බලය පවරන්න කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ? නීතිපතිට පුළුවන් කාර්ය තමයි චෝදනා විමර්ශනය කරලා කුමකට හෝ විරුද්ධව නඩුවක් ගොනුකරන්නයි එය පවත්වාගෙන යාමේදී රජය පැත්තෙන් නීති උපදෙස් දෙන්නයි විතරයි. කෙනෙක්ව අත්අඩංගුවට ගන්න කියන්න පුළුවන් අධිකරණයකින් විතරයි.

:       1       200

MaheshFriday, 24 January 2020 08:02 AM

අනිවාර්යයෙන්ම.... කොන්ඩේවත් පීරන්නේ නැති, නීතිය ගැන අවබෝධයක් නැති අය ගැන උසාවිය පියවර ගතයුතුයි.

:       0       0

samFriday, 24 January 2020 08:33 AM

මේවා මෙතන ලියලා වැඩක් නැහැ. ජනාධිපතිට කෙලින්ම දැනුම් දෙන්න. අනික දප්පුල ලිවේරා, සිරිසේන ජනාධිපති කාලයේත් මෙහෙම ඕඩර්ස් දුන්නා. අැයි ඒ වෙලාවේ කතා නොකරේ...?

:       1       1

ChampaFriday, 24 January 2020 11:50 AM

අරුණ, උසාවි වරෙන්තුවක් ගන්න කියන්න නීතිපතිට බලයක් නැහැ. නඩුකාරයෙක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලන්න පොලිසියට බලයකුත් නැහැ. නීතිපති ලියන්න ඕනේ අග්‍ර විනිශ්චයකාරයාට. එතකොට ඔහු තමයි විනිශ්චය මණ්ඩලයක් පත් කරන්නේ ඒ ගැන හොයන්න. නිකම් නීතිය, අවනීතිය කරන්න හදන්න එපා. තිබ්බ අවනීතිය වෙනස් කරන්න තමයි ජනතාව අලුත් මිනිහෙක් පත් කලේ... දැන් එයා තමයි නීතිපති ලව්වා නීතිය අවනීතිය කරන්නේ...

:       0       0

Champa Thursday, 23 January 2020 02:28 PM

මේක සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්. වහල් ආණ්ඩුව තව නඩුකාරයෙක්ට අලියෙක් ගැන පවරපු නඩුවත් වැරදියි. නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ වෙන්න බැහැනේ. මට මතක හැටියට මම ඒ දවස්වල ඊට විරුද්ධව ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. කෝ මේ අග්‍ර විනිශ්චයකාරතුමා? මක්කරනවද? තමන් සේවය කරන උත්තරීතර ආයතනයත් තමන් යටතේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේත් අයිතිවාසිකම් දේශපාලකයින්ට සහ නීතිපතිට කඩ කරන්න ඉඩ දීලා බලා ඉන්නවා නම් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කවුද? අග්‍රවිනිශ්චයකාරයා දේශපාලකයින්ට බය නොවී අධිකරණයේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. වහාම නීතිපති නඩුකාරයින්ට එරෙහිව දීලා තියෙන මේ නීතිවිරෝධී නියෝග අවලංගු කරලා අධිකරණයෙත්, විනිශ්චයකාරවරුන්ගේත් ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඔවුන් ගැන පරීක්ෂණ කරන්න තමන් හෝ අධිකරණ සේවා කොමිසමේ හෝ නැති විනිශ්චයකාරවරුන් 3ක් 5ක් හෝ 7ක් ඇතුලත් විනිශ්චය සභාවක් පත් කරන්න ඕනේ. ඒ සභාව විසින් චෝදනාවට ලක්වෙලා ඉන්න නඩුකාරයින්ට අදාල හඬපට හෝ වෙනත් සාක්ෂි විමර්ශනය කරලා ඉක්මන් තීන්දුවක් දෙන්න ඕනේ... ඔවුන් වරදකරුවන්ද නැතිද කියලා... වරදකරුවන් නම් දෙන්න පුළුවන් ලොකුම දඬුවම සේවයෙන් පහ කිරීම හෝ මාස ගාණකට වැඩ තහනම්..

:       597       1091

bamunuarachchiThursday, 23 January 2020 06:34 PM

වැරදිනම් ඔයා විනිශ්චයාසනයට නැගලා නඩුව අහන්නකො. ඔය එක එක විච්චුරන හිතට එනවා. එත් ඒවා ඇත්ත නොවෙයි.

:       357       34

HemaFriday, 24 January 2020 08:27 AM

බමුණුආරච්චි හැමදේම දිහා බලන්නේ එයා අදහන දේශපාලන පක්ෂය පැත්තේ හිටගෙන. මම නම් හිතන්නේ චම්පාගේ අදහස් දැක්වීම ඉතා නිවැරදියි කියලා. නීතිපතිට බලයක් නැහැ විනිශ්චයකාරවරයෙක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න. රජයේ නීතිපති කියන්නේ පවතින රජය වෙනුවෙන් පෙනීසිටින කෙනා. අපේ රටේ ගොඩක් වෙලාවට කරන්නේ පාලකයින්ට හිතවත් කෙනෙකුට ඔය තනතුර දෙන එකනේ...

:       0       27

ChampaFriday, 24 January 2020 05:12 AM

bamunuarachchi - වහල් ආණ්ඩුව කාලෙත් නීතිපති ඔය විදිහටමයි වැඩ කෙළේ. සීඅයිඩී පොලිසිය ඔක්කොම හිතු හිතු විදිහට වැඩ කළා. සිවිල් නඩු අපරාධ නඩු කරලා ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරු හිරේ දැම්ම. ඇප ඉල්ලුවහම විරුද්ධ වුනේ නීතිපති. ඒ තරම් තදින් නීතිය දේශපාලනීයකරණය වෙලා තිබුනා. ජනතාව එකමුතු වෙලා වහල් ආණ්ඩුව පලවා හැරියේ මේ සියලු දේ වෙනස් කරවන්න ඕනේ හින්ද. දැන් මොකක්ද වෙන්නේ? වහල් ආණ්ඩුව තිබ්බ කාලේ වගේම නීතිපති තමන්ගේ සීමාව ඉක්මවල යනවා.

:       70       39

knFriday, 24 January 2020 11:20 AM

චම්පාට තමයි හොඳටම හිත රිදිලා තියෙන්නේ එතුමා ගැන... අපිට පැහැදිලියි ඒ ඇයි කියලා.. මෙච්චර පැහැදිලිව ගෝඨාභයට එරෙහිව කරන කුමන්ත්‍රණයක වොයිස් එකක් නිකුත්වෙලා තියෙද්දී මේ තරම් කඩේ යන හේතුව පැහැදිලියි.

:       0       0

ChampaFriday, 24 January 2020 12:19 PM

සිංහල කියවන්න දන්නවා නම් ඔය කමෙන්ට් එක ලියන්නේ නැහැ. වහල් ආණ්ඩුව නීතිය, අවනීතිය කෙරුව විදිහටම මේ ආණ්ඩුවත් නීතිය අවනීතිය කරනවා නම් ඊට විරුද්ධව ඉස්සෙල්ලම නැගී හිටින්න ඕනේ... 2015 ඉඳන් වහල් ආණ්ඩුවට එරෙහිව කතා කරපු මම තමයි. අන්ධ භක්තිය මගේ ළඟ නැහැ. වැරදි දේට වැරදියි කියනවා. අනික මම මේ නඩුකාරයගේ විතරක් නෙමෙයි, රණවිරුවන්ට සිරගත කරන්න තීන්දු දීපු, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිරගත කරන්න තීන්දු දීපු හැම නඩුකාරයාටම විරුද්ධව ලියලා තියෙනවා. රණවිරුවන් සිරගත කරකර ත්‍රස්තවාදීන් නිදහස් කරපුවට විරුද්ධව ලියලා තියෙනවා. ඒ කාලේ ගෝඨාභය හිටියේ නැහැ. ඔහු කතාකලේ තමන් ගැන විතරයි. රණවිරුවන් ගැන කතා කරන්න පටන් ගත්තේ ජනාධිපතිවරණයට එන්න ඕනේ හින්දා... මම කීයටවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ...

:       0       1

SL UK Thursday, 23 January 2020 02:38 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුමයි මේ දෙන්නට. මෙයාලා නිසා ශ්‍රී ලංකා අධිකරණය සහ නීති පද්ධතිය, ව්‍යවස්ථාදායකය හෑල්ලුවට ලක්වෙලා මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙලා තියෙන්නේ... මේකත් ඡන්ද කොලමක් නොකර හරියට නඩු අහලා නිසි දඬුවම් ලබාදිය යුතුයි.

:       1447       1239

Champa Thursday, 23 January 2020 02:38 PM

තවත් වැරැද්දක් දැක්කා. නීතිපතිට බැහැ පාර්ලිමේන්තුවට ඕඩර්ස් දෙන්න. කොහේ තියෙන බලයක්ද? මම කියන්නේ අර වෝහාරික තොරතුරු සභාගත කිරීම/නොකිරීම ගැන. නීතිපති කියන්නේ රජයේ නිලධාරියෙක්. පුද්ගලයාගේ හැටියට ඔහු දේශපාලන රූකඩයක් වෙන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව කියන්නේ මහජන ඡන්දයෙන් පත් වෙන උත්තරීතර ආයතනයක්... පාර්ලිමේන්තුව කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුවට දෙවෙනි වෙන්නේ? නීතිපතිට බලයක් නැහැ පාර්ලිමේන්තුව කරන කියන දේ තීරණය කරන්න. ඒ ගැන තීරණය කරන්න පුළුවන් කථානායකවරයාට විතරයි. පාර්ලිමේන්තුවට බලය තියෙනවා ඕනේ වෙලාවක නීතිපතිව පාර්ලිමේන්තුවට කැඳවලා ඔහුගෙන් කාරණා විමසන්න හෝ නිදහසට කරුණු අහන්න. ඒ මොකද කිව්වා නම් නීතිපති ඇතුළු සියලු රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට යටත්... මේ වැරදි දැම්මම හදන්න. අනේ ඇත්තටම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගන්න ඡන්දෙට අමතරව අයිකිව් ටෙස්ට් එකක් තියන්න ඕනේ.. අඩුම ගානේ තමන් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බලතල ටිකවත් දන්නවද කියලා බලන්න...

:       223       1169

MaheeThursday, 23 January 2020 03:24 PM

සම්පූර්ණ ඇත්ත... අනුර බණ්ඩාරනායක නමැති කොන්දක් තිබුණු කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පාර්ලිමේන්තුව යටත් නැති බව තීන්දු කළා. දැන් මහ බැංකුව කියනවා නීතිපති උපදෙස් දීලා තියෙනවාලු.. අර ඇමුණුම් ටික සභාගත නොකළ යුතුයි කියලා. යකෝ, මහජන මුදල් සම්බන්ධ පුර්ණ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙවු එකේ්‍ පාර්ලිමේන්තුවට බැරිද මුදල් වංචාවකට අදාළ නිල වාර්තාවක්වත් බලන්න. අපුරු රටක්නේ... මට නම් හිතෙන්නේ. නීතිපතිට කියලා කවුරුහරි ඇඟ බේරගන්න හදනවා වගෙයි.

:       225       1070

Nandalal DE SILVA - FranceThursday, 23 January 2020 06:33 PM

මේ වාර්තාවට අදාල නැති උනත් ඔබේ කොමෙන්ට් එකට යමක් එකතුකළ යුතු නිසා මෙය ලියමි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඔබ කියන පරිදි "අනුර බණ්ඩාරනායක නමැති කොන්දක් තිබුණු කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පාර්ලිමේන්තුව යටත් නැති බව තීන්දු ...." ශ්‍රේෂ්ඨාධිකරණය කෙසේ වෙතත් පසුගිය යහපාලන රජයේ මෙන්ම වර්තමාන කතානායක ගරු කරූ ජයසුරිය මැතිතුමාත් සිරිසේන ජනපති ව්‍යවස්ථාවට පිටින් ගොස් සිදුකල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය වෙලේදී, මරියකඩේ වත් නැති අන්දමේ මදාවිකාර මන්ත්‍රීන් රොත්තක් විසින් සෙංකෝලය පවා උස්සාගෙන යද්දී, මිරිස්කුඩු නාගෙන, කොන්ද කෙලින් තබාගෙන ව්‍යවස්ථාව ආරක්ෂා කල හැටි කෘතවේදීව මතක් කල යුතු වෙනවා. එවැනි කොන්ද කෙලින් තබාගෙන රටට සේවය කල තවත් කතානායක වරුන් ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ !!!

:       0       145

මුණසිංහThursday, 23 January 2020 03:28 PM

මෙන්න මෙයාවයි අගවිනිසුරු කරන්න තිබුණේ. ඔක්කොම දන්නේ මෙයා විතරක්නේ...

:       790       372

rathuvithanaThursday, 23 January 2020 06:29 PM

ජිවිතයටවත් ලංකාදීප පිටුවට ඇවිල්ලා නැහැ මේ වගේ කෙනෙක්.

:       0       87

saaliFriday, 24 January 2020 03:12 AM

කට්ටියක් ව වේගයෙන් ඇතුලට දානවා. තව කට්ටියක් ඊට වඩා වේගයෙන් එලියට. හරිම කාර්යක්ෂමයි. නියම හොරුන්, ඝාතකයන් ව කොහේ දාන්න ද මේවා කරන්නේ කියලා පැහැදිලියි නේද ?

:       0       16

Silly Point Thursday, 23 January 2020 11:06 PM

ඕනේ මෝඩයෙකුට තේරෙනවා කාගේ උවමනාවටද නීතිපති වැඩ කරන්නේ කියලා.

:       0       143

Bamunuarachchi Thursday, 23 January 2020 02:51 PM

රන්ජන් ඔවුන්ට බලපෑම් කර ඇත්නම් ඔවුන් පසුගියේ රජයේ නායකයින්ට සහ මහාධිකරණ විනිසුරන්හට නොදැන්වූයේ මන්ද..?

:       239       147

කුඩුකාරයට ගිය රට Thursday, 23 January 2020 10:39 PM

රන්ජන් වගේ කෙනෙක් මෙහෙම කරා කියනවා නම්, ලොකු බලගතු ජනාධිපති වරු කොහොම කරන්න ඇත්ද.

:       0       116

Thilina Thursday, 23 January 2020 02:53 PM

යහපාලනය කියන බෝර්ඩ් එක එල්ලගෙන මොවුන් නීතිය කොයි තරම් අවභාවිතා කරලද කියලා දැන් තමයි තේරෙන්නේ. අර මහාචාර්ය විජේසූරිය වගේ කට්ටිය කොහෙද දන්නේ නැහැ හැංගිලා ඉන්නේ?

:       1091       709

Champa Thursday, 23 January 2020 02:58 PM

තවත් තියෙනවා කියන්න. ජනාධිපති කරන අධිකරණ පත්වීම් ගැන. තමන්ට විරුද්ධව අධිකරණයේ නඩු ගොඩක් තියෙන ජනාධිපතිවරයෙක් අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කිරීම වැරදියි. වෙනත් විනිසුරුවරයන් පත් කිරීමත් වැරදියි. ඉංග්‍රීසියෙන් කවුරුත් දන්නවා කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කිව්වහම. ඔහුට පුළුවන් තමන්ගේ නඩුවල අනාගතය ගැන හිතලා තමන්ට අවනත වෙන පුද්ගලයෙක් එම තනතුරුවලට පත් කරන්න. කොහොමටත් විධායකය හෝ ව්‍යවස්ථාදායකය අධිකරණ පත්වීම් කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ බලය තියෙන්න ඕනේ අධිකරණ සේවා කොමිසමට විතරයි. අධිකරණයේ ඉහළ තනතුරු බොහොමයක් දේශපාලක පත්වීම්... නම කිව්ව ගමන් මිනිස්සු කියනවා කොයි කල්ලියේද කියලා...? ඉතින් පහළ උසාවිවල ඉන්න මිනිස්සුත් හිතනවා දේශපාලකයින් ලව්වා උසස්වීම් ගන්න. මේක වෙනස් වෙනකම් ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

:       917       1285

සිතුල් Thursday, 23 January 2020 05:23 PM

"ස්වාධීන අධිකරණයක්" (ලොට් ඔෆ් ලාෆ් ) 'රාජපක්ෂලා' සහ 'ස්වාධීන අධිකරණය' එක් වාක්‍යයකට ඇතුළු කර ලිවිය නොහැකි බව අපේ රටේ බාලාංශ දරුවෙක් පවා දන්න කාරණාවක්.

:       1       20

PereraFriday, 24 January 2020 12:26 AM

ඔබ කියා ඇති සියලු දේවල් නීතිය කාටත් එකලෙස බලපාන රටකට වලංගුයි හැබැයි මේක ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ නීතිය පොත්වල එහෙම වුනාට ක්‍රියාවේදී එහෙම නැත.

:       0       56

Dhanesh Friday, 24 January 2020 01:38 AM

Champa, නෝනා දන්නේ නැතුව ඇති ජනාධිපතිට එරෙහිව නඩු පවරන්න බැහැ කියලා.

:       23       5

ChampaFriday, 24 January 2020 05:02 AM

Dhanesh - ජනාධිපතිට කවුද නඩු පැවරුවේ? ජනාධිපති වෙනකොට තිබ්බ නඩු ජනාධිපති වුනා කියල විසි වෙන්නේ නැහැ. ජනාධිපති ජනාධිපති පදවියට පත් වෙච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ එම තනතුරේ සිට කරන රාජකාරි හෝ පෞද්ගලික දේවල් වලටයි නඩු නැති වෙන්නේ. හැබැයි ජනාධිපති සිවිල් පුරවැසියෙක් වෙලා ඉද්දී දාපු නඩු එහෙම අහෝසි වෙන්නේ නැහැ. කොහෙද එහෙම නීතියක් තියෙන්නේ කියලා මට පෙන්වන්න.

:       0       93

DhaneshFriday, 24 January 2020 07:38 AM

චම්පා දන්නේ නැතිනම් බලන්නකෝ තිබූ සියලුම නඩුවලින් ජනාධිපතිව ඉවත්කරලා තියෙන්නේ කියලා.. ජජ්කෙනෙක්... මිනීමැරුමකට සම්බන්ධයි නම් නඩු අසන්නේ උසාවියද?

:       3       1

Raveendra Thursday, 23 January 2020 04:55 PM

අප විස්වාස කරනවා රටක නීතියක් නැත්නම් එරටේ දියුණුවක්ද නැති බවය. නීතිපති යනු බලයේ ඉන්න රජය කියන කියන දේ කලයුතුද යන්න තේරුම් ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය නැත.

:       0       2

athula Thursday, 23 January 2020 06:25 PM

දැන් නීතිපති ඉන්නේ ජනාධිපති වගේ ඇත්තටම ඕවා නීති පතිගේ ඕඩර් නොවේ ජනධිපති කරන්නේ බළලුන් ලවා කොස් අට බාවන එක ඔය කරන්නේ දේශපාලනය.

:       0       152

ලුම්බිණි Thursday, 23 January 2020 11:10 PM

දැන් නීතිපති තමයි සියලු තීරණ ගන්නේ. කවුද මේ නීතිපතිට උපදෙස් දෙන පුගලයා කියන එකයි වැදගත් කරුණ.

:       0       60

lalithm Friday, 24 January 2020 02:44 AM

නීතිය මෙතරම් අවභාවිත වෙනවා නම් එකට හේතුව මොකද ? මහජනයගේම නීතිය ගැන නොදැනුවත්කම නිසාමයි. වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන මේ කටයුතු ගැන මහජනයා දැනුවත් කලයුතුයි. නැතිනම් ඉදිරියේදීත් එන ඕනෙම ආණ්ඩුවක් මහජනයාගේ නොදැනුවත්කම උපයෝගී කරගෙන නීතිය තම වාසියට යොදාගන්න එක නවත්වන්න බැහැ.

:       0       99

sharm warnFriday, 24 January 2020 04:38 AM

ඔයා හරි. අපේ සාමාන්‍ය ජනතාව හැමදාම කරන්නේ තමන් හොදයි කියලා පිළිගත්තා කෙනා මොන දේ කලත් ඒක හරි අනිත් කෙනා මොන හොදක් කලත් එකේ ඇදයක් තියෙනවා කියලා මතයේ ඉදන් උපන් දා සිට අනුන් කරපු පවු තමන් ගෙවන එක.

:       0       15

මුණසිංහ Friday, 24 January 2020 07:52 AM

Champa කියන විදියට නම් මට හිතෙනවා රන්ජන් එක එක්කෙනාට කතාකරලා වැඩ කර ගනිපුවා හරි කියලා. මොකද ඒ කරපු වැඩේට එරෙහිවයි මේ ක්‍රියාමාර්ග කවුරු හරි අරන් තියෙන්නේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 14 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 429 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1378 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 353 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site