IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති

(විනීතා එම්  ගමගේ)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කරයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වුවහොත් දැනට ජනාධිපති බලතල යටතේ ඇති ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට යන බවත් විධායක ජනාධිපති නැතිවෙනවාත් සමඟ ආණ්ඩුකාර තනතුර නැති වීමෙන් තත්ත්වය තවත් බරපතල වන බවත් හෙතෙම  කියා සිටියේය. 

ආණ්ඩුකාරවරයා යනු පළාත් සභාවේ දී ජනාධිපතිවරයාගේ තානාපතිවරයා වන අතර  දැනටමත් හමුදාව උතුරෙන් පිටවිය යුතු බව උතුරේ මහඇමැති පවසන්නේ නම් ඔහු යටතේ නැටවෙන රූකඩයක් බවට ආණ්ඩුකාරයා පත්වුවහොත් කුමක් වේදැයි ප‍්‍රසන්න මහතා ප‍්‍රශ්න කළේය.

අජිත් ප‍්‍රසන්න මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (20) පැවැති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී හෙතෙම මෙසේ ද කියා සිටියේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සියලු පක්ෂ තම මතය වහා හෙළි කළ යුතු බවත් විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ පිළිබඳ මතය ඉක්මණින්ම හෙළි කළයුතු බවත් මේජර් ප්‍රසන්න මහතා පැවසීය‍.

අද බොහෝ දෙනෙකුට හදිසියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සිතී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී තරඟ කරාවි යන බිය නිසා බව ද හෙතෙම පැවැසීය. ඔහු තරඟ බිමට පැමිණියහොත් එහි දී ඔහු හා තරඟ කරන්නට  තරම් කෙනෙක් කිසිදු පක්ෂයක හෝ කණ්ඩායමක නොමැති බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය. 

තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට විරුද්ධ වන්නේ ගෝඨාභය මහතා ගැන සිතා නොව රටේ ඒකීය භාවයට වන හානිය ගැන සීතා යැයි ද ඔහු පැවැසීය.

මේ යන අලූත්ම තත්ත්වය උඩ බලන්න පළාත් පාලන ආයතනවල බහුතරය දිනුවේ පොහොට්ටුව. ඒත් බලය පිහිටුවනකොට එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපයේ හා ජවිපෙ සහය අරන් බලය පිහිටුවනවා. එකක් දෙකක් නොවෙයි. සීයක් එකසිය පණහක් පමණ.

එතකොට මේ ඡන්ද  ක‍්‍රමය ආවොත් කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයේ දී, නැත්නම් පළාත් සභා මැතිවරණයෙ දී. එහෙම වෙන්න බැරිද? අපි දන්නේ නැහැ කේවල ක‍්‍රමයෙන් සියයට පණහකුයි සමානුපාතික ක‍්‍රමයෙන් සියයට පණහකුයි ආවොත් මොකද වෙන්නේ?

මේ ක‍්‍රමේ පාර්ලිමේන්තු මැතිවරණයට ආවොත් මොකද වෙන්නේ? කවදාවත් පොහොට්ටුවට බලයට එන්න බැරිවේවි. රණවිරුවන් මේකට විරුද්ධයි. අපි ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනයක් ගේනවට විරුද්ධයි. අපි කියනවා පොදු ජන පෙරමුණට පක්ෂයේ මතය මේ ගැන එළි කරන්න කියලා.

අපි කැමතියි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවාට. නමුත් ඒක නිසා නොවෙයි. අපි කියන්නේ රටේ ඒකීය භාවය නැතිවෙනවාට අපි බයයි.  ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය දෙනවා නම් අපි ඒකාබද්ධ විපක්ෂයටත් එරෙහිව පාරට බහිනවා. යැයි ද ප‍්‍රසන්න මහතා කියා සිටියේය.  



අදහස් (22)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති

සතයපාල Tuesday, 20 March 2018 11:30 AM

නැහැ කිව්වට අන්තීමට බළලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ. ගොන් තර්ක දාල විධායක ජනාධිපතිකම රැක ගන්න දගලන්නේ ගෝඨව රජ කරවන්න හිතාගෙන වෙන්න ඇති. රටේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ගෝඨා මේ රටේ විධායක ජනාධිපති වන එකනම් අනිවාර්යෙන් නවත්වනවා.

:       4767       2533

RNG Tuesday, 20 March 2018 03:42 PM

දේශපාලන විද්‍යාව විෂයක් විදියට හදාරපු ඕන කෙනෙක් දන්නවා මේ තර්කය හරි කියලා ..අපිත් මේ අදහසට සම්පූර්ණ එකගයි..

:       0       2

මම අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවාTuesday, 20 March 2018 03:50 PM

හා හා සත්‍යපාල දැන් එළිවෙලා නැගිටින්න.

:       0       0

BamunuarachchiWednesday, 21 March 2018 02:19 PM

එයා 5 වෙනකම් ඇහැරෙන්නේ නැත.

:       0       0

BamunuarachchiTuesday, 20 March 2018 05:43 PM

ජනාධිපතිට බලතල තිබුන නිසා බැංකු හොරකම සොයන්න කොමිසමක් දැම්මා. නැතිනම් කොල්ලකාපු සල්ලිත් බෙදාගෙන.

:       0       0

kumar (galf) Tuesday, 20 March 2018 11:38 AM

අපි රණවිරුවන් සමගයි, ඔබගේ නිගමනය හරි.

:       1105       2638

nishantha Tuesday, 20 March 2018 12:30 PM

යුධ මානසිකත්වයක් පිරිච්ච රටක ඒ යුධ කරපු සියල්ල වලපල්ලට යනකන් ඉඳල අවිහිසාවාදය වපුරන්න බලන් හිටියොත් අපිට ඒ අවිහිංසාව විඳගන්න බැරි වෙනවා, කොස්ටරිකා වැනි රටවලින් ගත හැකි ආදර්ශ මත මෙවන් අදුරදර්ශී විධායක ක්‍රම මිලිටරි කරණය වැනි දේවල් අපේ රටින් අතුගාදැමිය යුතුයි .

:       0       0

amal Tuesday, 20 March 2018 12:50 PM

මේක 100%ක් ඇත්ත. විධායක ජනාධිපති ක්‍රමය නිසා එන්.ජී.ඕ. සහ සුළු පක්ෂවලට ඕනේ විදිහට නටලා රට කෑලිවලට කඩන්න බැරුව දඟලන්නේ. සිංහලයාගේ අවසානය ගේන්න දඟලන්නේ මේකෙන්..

:       0       7

surath Tuesday, 20 March 2018 02:05 PM

ඇස් මස් ලේ අතපය හා ජිවිත දන්දී රට ම්ලේච්ච ත්‍රස්තවාදීන් ගෙන් මුදාගෙන රටේ අභිමානය ඇතිකළ රණවිරුවන්ගේ හඬට අප ඇහුම්කම් දියයුතුයි.

:       0       27

Ajith Nissanka Tuesday, 20 March 2018 02:13 PM

හදිසියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යනවා කියල කියන්නේ දසක 3 ක් විතර ඔබතුමා කොහෙද හිටියේ. ඕක මමනම් දන්නකාලේ ඉදල ඉදිරිපත් කරපු ප්‍රබල සටන් පාඨයක්.

:       2       2

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 02:27 PM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තමයි ජනතාව ගියවර මහා මැතිවරණයෙදේ ඡන්දෙ දුන්නේ මේ රජයට. ඒත් එකේ බලතල අඩුකලා විතරයි. සම්පුර්ණයෙන්ම ප්‍රශ්ණය නොවිසදීමෙන් එක පුද්ගලයෙකු හැසිරෙන හැටි කොතරම් අපූරුද? හොරු අල්ලනවා කියා පොරොන්දු දුන්නා. ඒත් ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන්න හදනවා. සාකච්චා පවත්වනවා. මේවා සියල්ලම කරන්නේ විධායක බලතල වලට මුවාවෙලා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුමයි. බලතල තනි පුද්ගලයෙකු වටා ඒකරාශී නොවී පාර්ලිමේන්තුවට හිමිවිය යුතුමයි.

:       14       0

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 02:27 PM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තමයි ජනතාව ගියවර මහා මැතිවරනයෙදී ඡන්දෙ දුන්නේ මේ රජයට. ඒත් එකේ බලතල අඩුකලා විතරයි. සම්පුර්ණයෙන්ම ප්‍රශ්ණය නොවිසදීමෙන් එක පුද්ගලයෙකු හැසිරෙන හැටි කොතරම් අපූරුද? හොරු අල්ලනවා කියා පොරොන්දු දුන්නා. ඒත් ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන්න හදනවා. සාකච්චා පවත්වනවා. මේවා සියල්ලම කරන්නේ විධායක බලතල වලට මුවාවෙලා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුමයි. බලතල තනි පුද්ගලයෙකු වටා ඒකරාශී නොවී පාර්ලිමේන්තුවට හිමිවිය යුතුමයි.

:       0       1

ධනුෂ්ක Tuesday, 20 March 2018 02:48 PM

මමත් මුලින් හිතුවේ රණවිරුවො කියලා පස්සේයි තේරුණේ භෝඨාභය කථා කරන්නේ කියලා. බලයට අාපු හැම කෙනාම කියාගෙන අාවේ විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා. එ්කෙන් තේරනවනේ එ්ක හොඳ එකක් නෙමේ කියලා. මෙයාලා බයිලා ගහනවා. ඊළඟ ඉනිම පටන් ගන්න. මෙයාලා ගේන ගැටළු වලට ව්‍යවස්ථාමය පිළියම් තියනවා. ඔවුන් විවිධ තර්ක ගෙනැත් ජනතාව අන්දන්න හදනවා. ජනාධිපත් ධූරය නැති රටවල් කොහොම දන්නෑ ඔය යස අගේට දුවන්නේ

:       27       1

BamunuarachchiWednesday, 21 March 2018 05:49 PM

විදායක ජනාදිපති ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාවට තිබෙන ප්‍රශ්නය මොකක්ද? අද තිබෙන හැටියට රනිල්ට සම්පුර්ණ බලය ගියානම් කොහොම හිටීද? අපට අදාළ නැති දෙකට අපි මොන හේතුවකට අදහස් දානවාද?

:       0       0

himal Tuesday, 20 March 2018 03:32 PM

මේ පුවත කියවා ඇති පාඨකයින් ගාණට වඩා වැඩි ගාණක් මේකට කැමති අකමැති ප්‍රකාශ කරලා.

:       0       0

Mahesh jayawickrama Tuesday, 20 March 2018 06:59 PM

රණවිරුවෝ දේශපාලන විරුවෝ වෙන්න ගියාම අවසානෙදි සිද්ධ වෙන්නේ විරුකම් ඔක්කොම නැති වෙලා යන එක.

:       12       2

BamunuarachchiWednesday, 21 March 2018 05:43 PM

පොන්සේකාට උනේ ඒ ටික

:       0       0

ලුම්බිණි Wednesday, 21 March 2018 12:43 AM

අපේ රටේ මිනිස්සු නම් පුදුම ජාතියේ මිනිස්සු. තමන්ට වාසියක් වෙනවා නම් ඕන දෙයකට කැමතියි.

:       0       1

rocky Wednesday, 21 March 2018 03:13 AM

කුමාර්, රණවිරුවෝ කියන්නේ කාටද? ඒ ගොල්ලන්ට වෙනම නීතියක් ඔයාලට උවමනා කරලා ඇති. අපරාධ කලොත් කාට වුනත් දඬුවම් කල යුතු සාධාරණ නීතියක් තිබිය යුතුයි. අපට මිනීමරුවන් වෙනුවෙන් වන්දිභට්ටකම් කරන්න වුවමනා නැහැ. විධායක ජනාධිපති ක්‍රමය රැකගන්න අපට කොහොමටවත් අවශ්‍ය නැහැ.

:       23       8

BamunuarachchiWednesday, 21 March 2018 05:41 PM

විදායක ජනාදිපති ක්‍රමයෙන් ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද? විදායක ජනාදිපති ක්‍රමය නිසා යුද්දය දින්නා, බැංකු හොරකමට කොමිසමක් දැම්මා. රටෙනායකයා රටට ආදරේනම් විදායක ජනාදිපතිකම හරිම වටිනවා.

:       0       0

කොබා Wednesday, 21 March 2018 04:22 AM

දියසේනලා, දුටුගැමුණු ලා නූතන පැරකුම් ලා කියාගෙන එන තක්කඩි දේශපාලකයෙක් ඇවිත් රට හදනකම් බලන්න හිටිය බලන් ඉන්න ජනතාවක් ඉන්න රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ නැහැ, තනි පුද්ගලයෙක් අත අසීමිත බලයක් තියෙනවිට රටක් දියුණු වෙන්නේ නැහැ, පිස්සෙක් පත් වුනොත් රට විනාශ වෙනවා කියල කොල්වින් ආර් සිල්වා මහතා කියා තිබුනා, එත් පිස්සෙක් නොවන සාමාන්‍ය මිනිහෙක් ඔය තනතුරට ආවොත් පිස්සු හැදෙන්නේ අධික බලයෙන් මත් වෙලා. බලය රස විඳින්න ගත්තාම පොරොන්දු අමතක වෙනවා, අන්තිමේ ධුර කාලය ඉවර වෙනකම් නටන තොවිලයක් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.

:       13       1

Ajith Nissanka Wednesday, 21 March 2018 03:10 PM

හොරකම සොයන්න කොමිසමක් දැම්මා. අපෝ දැන් සතුටුද? දැන් සල්ලි කීයක් විතර අාපහු ගන්න පුළුවන් වුණාද? එතකොට පහුගිය කාලයේ රජ පවුලම විධායක ජනාධිපති පදවිය පාවිච්චි කරලා කරපු හොරකම් මේ විධායක ජනාධිපති ඇල්ලුවාද? 2020න් පස්සෙ නම් හොරකම් ඇල්ලීම කෙසේවෙතත් ඒ ගැන කතා කළොත් සුදු වෑන් එක ගෙදර දොරකඩ ලඟ ඇති !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 237 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2474 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 554 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1151 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 151 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site