IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදේශිකයන්ගෙන් කෝටි ගණනක් ගසා කෑ යුවළක් දැලේ


(ඉන්දිකා රාමනායක)


සංචාරයන් සදහා ශි‍්‍ර ලංකාවට පැමිණෙන  විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපයන බවට ව්‍යාජ   ආයතයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යමින් විදේශිකයන්ගෙන්  රුපියල් කෝටි ගණන්  මුදල් වංචාකර විවෘත වරෙන්තු ලැබ  සිටි සැකකාර යුවළක් වසර 4 ට පසු ගල්කිස්ස   සුපිරි    නිවාස සංකීර්ණයක සිටියදී   අත්අඩංගුවට ගත් බව  සංචාරක පොලිස් කොට්ඨාසය  කියයි.


   සැකකරුගේ බිරිද ගේ දෙමාපියන් දෙදෙනා ද මෙම නිවසේ සැගව සිටි දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දෙදෙනාට ව්‍යාජ  විදේශ රැකියා ආයතන පවත්වාගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්  විවෘත වරෙන්තු නිකුත් කර ඇති   බවද පොලිසිය කියයි.


පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් ගල්කිස්ස කොට්ඨාසයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.


  මෙරට පැමිණෙන විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපනය බවට ප‍්‍රධාන සැකකරු අන්තර් ජාලයේ ව්‍යාජ ආයතනයක් පවත්වාගෙන ගොස්  විදේශිකයන් මුලාකර  රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර ඇති බවත් , ආයතනයේ  ඡායාරූප වශයෙන් ඔහු භාවිතාකර ඇත්තේ සංචාරක හෝටල් වල සහ සුපිරි නිවාස සංකීර්ණ  වල කාමර  බවද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. 



අදහස් (6)

විදේශිකයන්ගෙන් කෝටි ගණනක් ගසා කෑ යුවළක් දැලේ

[email protected] Sunday, 09 December 2018 03:43 PM

රටම විනාශ කරන අයට දැඩි දඬුවම් දිය දිය යුතුයි නැතිනම් ජාත්‍යන්තරය හමුවේ අපේ රට විනාශ වෙනවා.

:       0       0

ලුම්බිණි Monday, 10 December 2018 01:40 AM

පරම්පරාවම හොරකමින් ජීවත් වෙන අය වගෙයි.

:       0       1

Sanju Monday, 10 December 2018 02:03 AM

මේ අයගේ නම්ගම් ඇතිව ලියන්න.

:       0       0

Duminda Monday, 10 December 2018 02:40 AM

ව්‍යාජ ලියකියවිලි සැදීමට ආවේ විශේෂඥ ගම්මන්පිලගේ නෑයෝද දන්නේ නැහැ.

:       0       1

rizwan Monday, 10 December 2018 04:39 AM

ලොක්කෝ ගහන ගැහිලි බලපුවම මේවත් ගැහිලිද කියලා හිතෙනවා. නමුත් වරද වරදම තමයි. දඬුවම් විඳින්නම ඕනේ...

:       0       0

Sapumal. Monday, 10 December 2018 05:19 AM

මෙවැනි හොරදෙටුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. ඒත් අන්තර්ජාලය භාවිතයෙන් ව්‍යාපාර කටයුතු කරන නිවැරදි අයට බාධා නොපැනවිය යුතුයි. මන්දයත්, ඔවුන් මව්බිමට විදේශ විනිමය ගෙනෙන්නන් වන බැවිනි. සමහර හොර දෙටුවන්ගේ වැඩ නිසා රටේ කීර්ති නාමයට හානි පැමිණ නිවැරදි ව්‍යාපාරිකයන්ටද එම තත්වය අහිතකර ලෙස බලපායි. නීතිය රකින්නන්ගේ නුවණ වර්තමානයට නොගැලපෙන නිසා අන්තර්ජාලය හොරදෙටුවන්ට හොරකම් සඳහා තෝතැන්නක් බවට පත්වී ඇත. මේ තත්වය නිසා අන්තර්ජාලය තම ව්‍යාපාරික කටයුතුවලට යොදාගන්නා නිවැරදි බොහෝ දෙනාට වැදී ඇත්තේ මරු පහරකි.

:       0       80

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 45 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 64 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 70 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 228 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 606 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site