විනීතා එම් ගමගේ
විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී, එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පහසු කිරීමේ වැඩපිළිවෙලක් විදේශ කයයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව හඳුන්වා දී තිබේ.
ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශ, අනන්‍යතා ලේඛන හා අනෙකුත් ලියකියවිලි ඉදිරියේ දී දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය පවසයි.
මෙම ක්රවේදය හඳුන්වා දීමට පෙර, විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදු කිරීමට අවසර ලබා දීමේදී හෝ අවශ්‍ය වන ලියකියවිලි කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත ඉදිරිපත් කිරීමට එම පුද්ගලයන්ගේ ඥාතීන්ට සිදුවිය.
නව ක්‍රමය යටතේ,අදාළ ලියකියවිලි ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඥාතීන්ට හැකි අතර ඉන් අනතුරුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එකී ලියකියවිලි අවශ්‍ය කටයුතු සඳහා කොන්සියුලර් අංශය වෙත යොමු කෙරෙයි.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපදෙස් ලබාදෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනටමත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය වෙත හෝ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත හෝ නොගොස් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය ලියකියවිලි භාරදීමේ හැකියාව මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට මෙම නව ක්‍රමවේදය හරහා ලැබී ඇත.
දුර බැහැර පළාත්වල සිටින ජනතාව මෙම නව ක්‍රමය යටතේ විශේෂයෙන් ප්රතිලාභ ලබනු ඇති අතර පවුලේ මරණයක් සිදුව ඇති ශෝකජනක අවස්ථාවක කොළඹ හෝ යාපනය වෙත දුරගෙවා පැමිණීමද, අනවශ්‍ය ප්‍රමාදවීම් හා වියදම්ද මඟ හරවා ගැනීමට මෙම ක්‍රමයෙන් ඔවුන්ට අවස්ථාව සැලසේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශයන්හිදී මියයන අයගේ ලේඛන කොළඹ නොයා හදාගත හැකි නව ක්‍රමයක්