IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත.

එම සමයේ යම් මූල්‍ය අක්‍රමිකාතාවක් වී ඇත්දැයි සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල වාර්තාවේ මේ බව සඳහන් වේ.

එම වාර්තාව ඉකුත් 23 වැනිදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත අමාත්‍යංශයේ දී එම කමිටුවේ සාමාජිකයින් විසින් භාරදෙනු ලැබීය.

මෙම කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇති කරුණු අතර රන්පියාපත් වැඩසටහනේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි ද සම්මත ක්‍රමවේදයට බැහැරව වාහන විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ද, සම්මත පටිපාටියට බැහැර අන්දමින් සභාපතිවරයාට වාහනයක් ලබාගෙන ඇතැයි ද, හෙළිවී තිබේ.

එමෙන්ම නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනීම්, අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු විසින් ගාල්ලේ කාර්යංශ කාර්යාලයක් ආරම්භ කීරීම වැනි සිද්ධීන් පිළිබඳව ද වාර්තාවේ සඳහන් ව ඇති අතර මෙම කරුණු පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

අක්‍රමිකතා සිදුකළ පුද්ගලයින්ගෙන් එකී මුදල් නැවත අයකරගැනීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉක්මණින්ම මෙම වාර්තාව ගැන පියවර ගන්නා බව ද කියා සිටියේය.

මෙම අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් වූයේ නීතිඥ රඛිත අබේගුණවර්ධන, නීතිඥ දුෂ්මන්ත තොටවත්ත සහ නීතිඥ තුෂාරි සූරියආරච්චි යන මහත්ම මහත්මීහු වෙති.  

 



අදහස් (14)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා

de silva Thursday, 24 September 2020 02:47 PM

අසරණ ශ්‍රමිකයන්ගේ මුදල් නිලධාරියෝ පිල්ලි ගහලා. අසරණ ශ්‍රමිකයෝ ටික වැලි කතරේ මැරෙන්න අරිමු. දැන් එක එක බොරු කියලා තානාපති කාර්යාලත් වහලා. ආණ්ඩුවට අවශ්‍ය 20 පමණි.

:       3       29

lalFriday, 25 September 2020 12:38 AM

මේ 2015-2019 කාලේ හොරාකාපු සල්ලි. මේ වගේම 2015ට කලින් කෝටි ගණනාවක මුදල් හොරාකෑවයි කියලා පත්තරවල ගියා. මේ සියළු දෙනාම මාරුවෙන් මාරුවට හොරකම් කරලා තියෙන්නේ අහිංසක දුප්පත් මැදපෙරදිග දහදුක් විඳලා මෙරටට එවපු සල්ලි. මේ සියළු දෙනාටම දඬුවම් දියයුතුයි. නම ගම් හෙලිකළ යුතුයි. තනතුරු වරප්‍රසාද අහිමිකළ යුතුයි. නැත්නම් වෙන්නේ ආයෙත් මේ වගේම අහිංසකයින්ගේ සල්ලි වලින් තව කට්ටියක් හොරාකන එකයි. මේ හොරාකෑමේ අවසානයක් දැකිය යුත්නම් මේවගේ වැඩ එදා සිට කල නිලධාරින් සහ ඇමතිවරුන් රටට හෙලිකර නැවත මුදල් අයකරගෙන නැවත සමාජයට මුහුණ දිය නොහැකි තත්වයකට පත්කළ යුතුයි..

:       2       4

මුණසිංහFriday, 25 September 2020 01:56 AM

දැන් මේ වංචා සිදුකරලා තියෙන්නේ 2019න් පස්සේද? ඊට කලින්ද?

:       3       0

Tharsha Thursday, 24 September 2020 02:53 PM

ඔක්කොම ගැහිලි කාරයින් ටික තමයි ඕකේ ඉන්නේ..

:       1       23

Hafeel Thursday, 24 September 2020 04:06 PM

ඒ ගොල්ලෝ මේ ගොල්ලන්ගේ වංචා හොයනවා. මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ වංචා හොයනවා. නමුත් කාටත් නම් දඬුවම් නම් දීලා නැහැ. දෙගොල්ලෝම කිව්ව විදිහට නම් මහබැංකු හොරුන් මේ වනවිට හිරේ අවුරුද්දකට ආසන්නයි. පහුගිය ආණ්ඩුවේ අපරාධකරුවන් අවුරුදු 5කින් දඬුවම් අවසන්.. නමුත් සේරම අද ඉන්නේ පාර්ලිමේන්තුවේ රජපුටුවල...

:       2       39

PereraThursday, 24 September 2020 06:25 PM

රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට සුදුසු පාලකයින්. ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව විගණන කිරීම් නතර කෙරුවාම ගහන ගැහිලි කොහොමට තියේවිද?

:       1       5

මුණසිංහFriday, 25 September 2020 01:57 AM

මේ කතාව නම් හරි. දෙගොල්න්ට දෙගොල්ල කියවනව විතරයි. කිසිම දවසක වැරදිකරුවන්ට දඩුවම් දිපු බවක් අහලා නැහැ.

:       1       7

Ruwan Thursday, 24 September 2020 05:38 PM

ඕකෙ ඉන්නේ අයිස් ගහන්න උපන් හපන්නු...

:       0       2

Mr. Don Thursday, 24 September 2020 05:52 PM

හෙණම ගහන්න ඕනේ...

:       0       3

Bishan Thursday, 24 September 2020 07:15 PM

ඇයි 2015 කලින් වෙලා නැද්ද?

:       0       3

රොමේෂ් Thursday, 24 September 2020 07:36 PM

කිසිම වැඩකට නැති අමාත්‍යංශයක්. ඕක වහලා දාන්න

:       1       4

සිසිල් සුදේශ් Friday, 25 September 2020 04:06 AM

2015 ට ඉස්සර කරපු වංචා ඇල්ලුවද? අම්බානක් කාළා කියලා හොයාගත්තා නේද?

:       1       6

vidya Friday, 25 September 2020 04:53 AM

අර මල්වානේ ගෙදරට මොකද වුණේ?

:       1       5

Asela Saturday, 26 September 2020 01:25 PM

අවංකව කියනවා නම්, විදේශ නියුක්ති කාර්යාංශයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේක වසාදමන්න. පිටරටවල සේවය කරන අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාකන කාලකණ්ණි ටිකක් මෙතැන ඉන්නේ... මේකෙන් කෙරෙන දෙයක් නැහැ. මම 1996 සිට මැදපෙරදිග සේවය කරනවා. කිසිම අවස්ථාවක මේ කාර්යාංශයෙන් දෙනවා කියන ප්‍රතිලාභ දෙන්නේ නැහැ. අඩුම තරමින් කිසිම ප්‍රතිලාභයක් ලබාගෙන නැති ශ්‍රමිකයන්ට ඔවුන් වසර 2කට වතාවක් ගෙවපු මුදල් වලින් යම්කිසි ප්‍රතිශතයක් ඔවුන්ගේ මැදපෙරදිග සේවය අවසන් කර නැවත මව්බිමට පැමිණෙන විට ලබාදීමට කටයුතු කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1526 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 594 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1000 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 955 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 367 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 546 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site