IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක් තානාපති කාර්යාවලවලට

(තිළිණි ද සිල්වා)

කොවිඞ් 19 වසංගතය හමුවේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42 ක් සදහා රුපියල් කෝටි 10  ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දැනටමත් මෙම මුදල් වලින් රුපියල් කෝටි 7කට අධික මුදලක් විදෙස්ගත ලාංකිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර ඇති අතර  ඉන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කටාර් හී දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම මුදල රුපියල් 42, 25,000කි.

මීට අමතරව රුපියල් 40,53,000 ක මුදලක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියදම් කර ඇති අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය රුපියල් 340,000ක මුදලක් ලාංකිකයින් සදහා වෙන් කරනු ලැබ ඇත.



අදහස් (6)

විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක් තානාපති කාර්යාවලවලට

de silva Thursday, 26 November 2020 01:33 PM

ශ්‍රී ලංකන් එකේ පාඩු පියවා ගන්න වසරකට රුපියල් කෝටි 2000-3000ත් අතර මුදලක් වියදම් කරන්න ආණ්ඩුවට පුළුවන්. නමුත් පිටරටවල අතරමං වෙලා ඉන්න පුරවැසියන්ගේ ජීවිත බේරාගන්න වියදම් කරන්න ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් රුපියල් කෝටි 10ක් පමණද? 50000-60000 අතර ශ්‍රමිකයන්ගේ ජීවිතවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණද?

:       0       23

de silva Thursday, 26 November 2020 02:17 PM

ඔය මුදල් ප්‍රතිපාදන වෙන් කළාට අතරමංවෙලා ඉන්න මිනිස්සුන්ට ඕවා නිසිලෙස ලැබෙන්නේ නැහැ. කරුණාකරලා ඔය මුදල් වියදම් කර නිකන් ගල්කරලා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් යානා යවලා පිටරටවල අතරමංවෙලා ඉන්න පුරවැසියෝ ටික ලංකාවට ගෙනත් නිරෝධායන හෝටල්වල හෝ හමුදා කඳවුරක හෝ කලාපයේ අනික් රටවල කරන ආකාරයට නිවසේදී හෝ නිරෝධායනය කර මනුෂ්‍ය ජීවිත ටික බේරාගන්න. කොරෝනාව දැන් ලංකාව පුරාම පැතිරිලා ඇත. මැදපෙරදිග මිනිස්සු ගෙන්නුවා කියලා ඕකෙ විශාල වෙනසක් සිදුනොවනු ඇත.

:       0       23

RaveendraFriday, 27 November 2020 01:25 AM

ඔබගේ සියලුම අදහස් ඉතාමත්ම නිවැරදිය. විදේශ රටවල අපා දුක් විඳිමින් බැලමෙහෙවර කර ඩොලර් එවනකොට ඒ මිනිසුන් සියල්ලන්ම රටවිරුවන් ලෙස කෙසෙල් දල්ලට නැග්ගුව "අපේ තකතීරු දේශපාලුවන් සහ අනෙකුත් උගත් යයි කියන අමරමරි මෝඩ ගොන් තඩියන් "දැන් ඒ අහිංසක මිනිසුන් අමාරුවේ වැටී සිටිනවිට රෝග වාහකයන් ලෙස හුවා දැක්වීම මොනතරම් අපරාධයක්ද?

:       0       0

SAKALABUJAN Friday, 27 November 2020 05:02 AM

බෙහෙතක් හොයා ගන්න බැරි කොරෝනා දැන්මම ලෝකයෙන් ඉවත් වෙන්නේ නැහැ. පිටරට වැඩකරන ඉන්දියාවේ අයටත් එයාලගේ රටට යන්න එන්න දෙනවා වගේම ගෙදර නිරෝධායනය වෙන්න දෙනවා. ලංකාවේ විතරයි අහිංසක පිටරට ඉඳලා එන අයව තරු හෝටල් වල නිරෝධායනය වෙන්න කියලා සල්ලි හූරාගෙන කන්නේ... මැද පෙරදිග ඉඳලා රස්සාවෙන් අස්වෙලාම ගෙදර එන්න වෙලා තියෙන්නේ.., ලංකාවට ඇවිත් නිරෝධායනය කියලා වද දෙන නිසා... අනිත් රටවල මිනිස්සු හිනාවෙනවා ලංකාවේ ගුවන්තොටුපල ලංකාවේ අයටම වහලා එන්න යන්න බැරි කරලා තියෙන එකට... දවසට රු 7,500 හෝ 9,000 ගානේ දවස් 14ක් රු 105,000 හෝ 126,000ක් දීලා හෝටලයක ඉඳලා ගෙදර එන්න පුළුවනි...

:       0       6

Kamal Koyrala Friday, 27 November 2020 08:21 AM

කටාර් තානාපති කාර්යාලයෙන් වියදම් සඳහා ලබාදුන් සේවාව ප්‍රකාශ කළා නම් හොඳයි. මේවා ලැබුණේ තානාපති කාර්යාල වටකරගෙන ශ්‍රී ලංකන් පාසලේ අරමුදල් වලට බලාගෙන ඉන්න කෝ ඕඩිනේටර්ලා, මුදලාලිලා තමයි කියන්නේ.... කර්මාන්තපුරේ අයට මොනවද කළේ කියලා.. ?

:       0       2

de silva berlin Friday, 27 November 2020 02:03 PM

ලංකාවේ දේශපාලන අධිකාරිය නිරෝධායනය පිට දමාගෙන තම හිත මිත්‍ර හෝටල් කාරයන්ට ජනතාව සුරාකන්න ඉඩදී ඇති බව පෙනේ. යුරෝපයේ දියුණු රටවල හෝ කලාපයේ අනෙකුත් රටවලත් මෙහෙම තම පුරවැසියන්ට රටට ඇතුල් වෙන එක බාධා කරන්න නීති දමලා නැත. මෙය විශාල මානව හිමිකම් සහ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස මම දකිමි. අනිවාර්යයෙන්ම නිරෝධායන හෝටල්වලට යන්න ඕනෑ නම් පුරවැසියන්ගේ හොටෙල් බිල රජයෙන් ගෙවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 45 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 460 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 401 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 133 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1437 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 367 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site