IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (18) නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ එම කාර්යාංශයයේ සේවයේ නියුතු තිදෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බළමිනි.

අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන , සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.
ප‍්‍රසාද් ප‍්‍රියදර්ශන , සුමිත‍්‍රා පි‍්‍රයදර්ශන සහ ක‍්‍රිෂානි සිල්වා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය , එවකට හිටපු විදේශ රුකියා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පළමු හා දෙවැනි පෙත්සම්කරුවන් කාර්යාංශයේ සහකාර කළමනාකරුවන් වන අතර තුන් වන පෙත්සම්කරු කාර්යාංශයේ මාණ්ඩලික සහකරුවෙකු වේ.කාර්යාංශයේ දුෂණ වංචා සහ මුදල් අවභාවිත කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් එම කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුම 2016 වසරේදී පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවනු ලැබිණි.එම වසරේදීම මාර්තු මාසයේදී කාර්යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගත් බවද කියා සිටිති.

ඉන්පසුව රුපියල් හය ලක්ෂ හැට එක්දහස් හාරසිය හැත්තෑ පහක මුදල් අවභාවිතා සිද්ධියක් පිළිබඳව පෙත්සම්කරුවන් වගකිව යුතු බවට එම විගණන පරීක්ෂක නිලධාරී විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විණි.පසුව මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට විශ‍්‍රාමික පරිපාලන නිලධාරියෙකු පත් කරනු ලැබීය.ඔහුගේ වාර්තාවට අනුව් මෙම මූල්‍ය අවභාවිත සිද්ධීන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි.

මේ අතර මීට පෙර පත්කළ විගණන නිලධාරියා විසින් පෙත්සම්කරුවන් වරදකරුන් කරමින් වාර්තාවක් නිකුත් කර තිබූ අතර ඊට අමතරව ඔවුන් ගේ වැටුප් වර්ධක නවතා අදාළ මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ මුදල් පෙත්සම්කරුවන්ගේ වැටුපෙන් අය කර ගන්නා ලෙසට නිර්දේශ කර තිබිණි.



අදහස් (2)

විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක්

ruwan keerthi Wednesday, 18 July 2018 11:14 PM

මදපෙරදිග දුක් විදික අහිංසතයින්ගේ සහ කොරියාවේ මහන්සියෙන් හම්බ කරන අයගේ මුදල් තමන්ගේ තම පවුල් වල සුකවිහරණයට යොදාගත් නිලධාරින් වේ නම් වහාම සොයාබලා නිසි දඩුවම් ඉක්මනින් දෙන්න. එලෙසම අහිංසකයින්ගේ ධනය හොරාකෑ නිලධාරින් සිටිනම් නම් ගම් රටට ලෝකයටම හෙළ කරන්න. නැවත මෙලෙස සිදුවිම වැලැක්වෙන්නේ එවිටයි. හොර රහසේම පරික්ෂන කර හොර රහසේම ඒ අය මොනවා හරි කර බේරෙන ක්‍රමය නම් හරියන්නේ නැත.

:       0       0

kanthi Wednesday, 18 July 2018 11:52 PM

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරි මහත්වරුනි. දුප්පත්කමට මරු කතරේ වැඩට ගිය අපගේ මුදල්බව දැන දැන නාස්තිකල සහ තමන්ගේ සැපයට යොදාගත් මෙම නිලධාරින් ගැන ලොවට හෙලි කරන්න. මෙය හරියට කලොත් බැදුම්කරයට වඩා හෙලිදරව් කිරිමක් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 451 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 865 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 640 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1490 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2989 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1923 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site