(බිඟුන් මේනක ගමගේ )
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබූ සමෘද්ධිලාභීන් විසි එක් දෙනෙකුට එම අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන් දැඩි අසරණතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පැමිණිලි කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් දරුවන් 25 දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති නමුත් එයින් අවස්ථාව ලබා දී ඇත්තේ හතර දෙනෙකුට පමණක් යැයි ඔවුහු චෝදනා කරති.
එසේ තෝරා ගන්නා ලද දරුවන් සිව් දෙනා අදාල ශිෂ්‍යත්වය සදහා ජපන් රටට යවා ඇතත් තෝරා ගත් සෙසු දරුවන් 21 දෙනාට නැවත අවස්ථාවක් නොමැති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඔවුන්ට දැනුම් දෙනු ලැබ ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුම කළුගේ මහතා පවසයි.
අඩු අදායම් පවුල් වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණේ යැයි ද මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව විසි එක නිසා අසරණ වී ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන් වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල නිරතව සිටි දරුවන් පිරිසක් යැයි ද එම සංගමය කියයි.
රාජ්‍ය ආයතනයක් පුවත්පත් දැන්වීමක් පල කර මෙවැනි අසාධාරණ කිරීම බරපතල තත්ත්වයක් යැයි දමේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අසාධාරණයට පත්ව ඇති දරුවන් සඳහා පොරොන්දු වු පරිදි අදාල ශිෂ්‍යත්වය ලබා දීමට මැදිහත් වන්නැයි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදෙස් ශිෂ්‍යත්ව ලැබු සමෘද්ධි ලාභින් 21 දෙනෙකුගේ අවස්ථාව ලබා දී නැතැයි පැමිණිල්ලක්