IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදෙස් ගතවන ලාංකිකයින් ලියාපදිංචිය 20 වැනිදා සිට අරඹයි

විනීතා එම් ගමගේ


විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

එහි පළමු පියවර ලෙස දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා අනුමැතිය දීම පමණක් දැනට සිදු කරන බව කාර්යංශයේ නිලධාරියෙක් පැවැසීය.

මේ අනුව කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලය, සියලූම පළාත් කාර්යාල සහ දිස්ත‍්‍රික් කාර්යාලවලින් මෙම ලියාපදිංචිය සිදුකරන බව ද එහි දී විදේශ රැකියාවක නිරතව සිට දැනට ලබා පැමිණ සිටින නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තු වන අයට එහි දී ප‍්‍රමුඛත්වය ලබා දෙන බව ද හෙතෙම සදහන් කළේය.

රැකියා සදහා කාර්යංශයෙන් සාමාන්‍යයෙන් ඉල්ලා සිටින ලිපිලේඛණ වලට අමතරව දකුණු කොරියාව, ජපානය කැනඩාව, ජර්මනිය, යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ගෙන්වාගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේදී නිරෝධායනයට ලක් කරන බවට එවනු ලබන සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු යැයි එම නිලධාරියා කීය.

මැදපෙරදිග හා අනෙක් රටවල් වලට යාම සදහා ලියාපදිංචිය ඉදිරියේ දී ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම කොරෝනා වසංගතයට ශ්‍රීලංකාව ගොදුරුවීම නිසා ඉකුත් මාර්තු 13 වැනිදා නවත්වනු ලැබූ අතර මේ ලියාපදිංචිය ආරම්භ වන්නේ එසේ නවත්වනු ලැබීමෙන් පසුවය. 



අදහස් (18)

විදෙස් ගතවන ලාංකිකයින් ලියාපදිංචිය 20 වැනිදා සිට අරඹයි

Sujeewa Monday, 18 May 2020 06:58 AM

අනේ ඔබලගේ ලියාපදිංචිය.... මිනිස්සු පිටරටවල අසරණ උනාම බලනවද ?

:       1       1002

rama Monday, 18 May 2020 08:04 AM

ලියාපදිංචිය සල්ලි උපයා ගැනීමට පමණි. ඊට පස්සේ මොනවා වුනාද කියල හොයලා බලන්නේ නැහැ.

:       1       304

kalpage Monday, 18 May 2020 08:28 AM

මේක හෙන්චයියන්ට රැකියා දෙන්න අටවාගත් තැනක්. මේක වසා දැමිය යුතුය.

:       1       805

ධම්ම Monday, 18 May 2020 08:42 AM

මේ ලියාපදිංචියත් වාහනයක් පාරට දාන්න තර්ඩ් පාටි රක්ෂණය කරනවා වගේ වැඩක් තමයි. තමන්ගේ වැඩේ කෙරෙන්න ඕන නිසා කරනවා.

:       1       231

Sena Monday, 18 May 2020 08:46 AM

අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්නවා බොරුවට.

:       0       0

Achini Monday, 18 May 2020 08:58 AM

අර කුවෙට් වල මිනිස්සු දුක් විදිනවා ... මෙ ගොල්ලන් කට්ටිය පටවන්න බලාගෙන ඉන්නවා... සල්ලි කාරයන්ගේ ළමයි විතරයි අන්තිමට ගෙන්නුවෙ. දුක් විදලා හම්බ කරලා සල්ලි යවන කට්ටිය සුම්මා තමයි...

:       9       527

Athula Monday, 18 May 2020 09:42 AM

දුක්ජවිඳින ජනතාව ගැන කිසිම හැඟිිමක් නැති තක්කඩි ආණ්ඩුව අපෙන් මංකොල්ලකන සල්ලි වලට අමතරව දහ දුක් විඳල රට පෝෂණය කරන ජනතාවගෙන් එයාර් පෝර්ට් එකෙදිි ගෙලමිරිකා බලෙන් කොල්ල කන සල්ලි ලියාපදිංචිය යන වචනයට මුවාවිි කරන අසික්කිත අනුකම්පා විරහිතව මංකොල්ල කන සල්ලි වල එකතුව රුපියල් කෝටි පහලොස්දාහ ඉක්මවනව එහෙත් අසරන ජනතාව අතිශය දුශ්කර මොහොතකවත් එම අපේම සල්ලි වලින් වත් අපට වියපැහැදම් කරන්න අකමැතියි. එව්වට ඔවුන්ගේ ඇගෙන් ඇටයක් යනව වගේ .... ඔවුන්ගේ මහ එවුන් කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නොමැතිව අතදිග හැර වියදම් කරන්න පසුබට වෙන්නෙ නැහැ.. 2010 තව අතින් වියදම් කරගෙන ඇවිත් චන්දය දෙන්නම කියල ඉල්ලා හිටිනවා ...

:       12       1233

Janaka Monday, 18 May 2020 09:57 AM

අහිංසක මිනිසුන්ගෙන් සල්ලි බලෙන් ගන්න සහ දේසපාලන හෙන්චියන්න්ට රැකියා දෙන්න තමයි මේක පවත්වගෙන යන්නේ.

:       9       455

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 18 May 2020 10:54 AM

ලෝකයේ හැම රටකින්ම අසරණයන් ලංකාවට ගෙන්න ගත්තා. මැදපෙරදිග අසරණයන් ඇයි ගෙන්නන්නේ නැත්තේ? මැදපෙරදිග අසරණයන් ගෙන්වුවහොත් විදේශ විනිමය නොලැබෙන නිසාද?

:       3       47

මහසෙන් Monday, 18 May 2020 12:02 PM

කොලඹ සහ ගම්පහ වහලා.. රට ඉන්න පිරිස් ගෙන්න ගන්න කියලා කෑ ගහනවා... මෙහෙන් රට යන්න ලියාපදිංචි කරන්න එන්නලු.. නාමික ඇදිරිනීතිය කිසිවෙකු මායිම් කරන් නෑ.. දැන් නම් රට්ටුන්ට මෙවා විහිලු වගේ..

:       1       548

චමිල Monday, 18 May 2020 12:40 PM

මම ඕකට email එකක් දැම්මා... අපි හදිස්සියක් උනොත් මේ රටවල කවද සම්බන්ධ කර ගන්න පුළුවන් කියල. මාසයක් විතර තම පිළිතුරක් නෑ. අපි දුක් මහන්සියෙන් පවුල් වල අය දාලා මේ රටවලට ඇවිත් හම්බ කරන කියක් හරි කඩාගන්න දාපු එකක් විතරයි ඔය. අපිට ඕක නැතිව රටින් එන්න බැරිලු. එහෙම මෙ අය නීති හදල තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා පෙත්සමක් ගහමුද ?

:       0       60

NISHANTHA MALLAWA ARACHCHI Monday, 18 May 2020 12:55 PM

පුදුම කතාවක් යකෝ මෙච්චරකල් ගිය අයගේ ආව අයගේ රෙකොර්ඩ් නැති කාලකන්නි එයාපෝට් එකක්නේ. මැදපෙරදිග ඉන්න උන් ආව ගිය ඉන්න තැන කරන කියන දේ ඔක්කොම ඔවුන්ගේ සිස්ටම් වලින් දන්නවා. එකයි එකෙක්ටවත් හොර කරන්න බැරි ලංකාවට එන කල්ලතෝනි ඉන්දියන් - බංගලි - මාලදිවයින් චීන ඔක්කොම පරයෝ.... ආයේ ගියාද කියලවත් ඔය කියන විදිහට දන්නේ නැහැනේ... ඉතින් ත‍්‍රස්තවාදියෝ ඔක්කොම පදිංචි වෙනවා.. මෙ අයට සිසිටිවී හයි කරන්න යද්දී ඔක්කොම උන් වැඩ වර්ජන කරලා ඒවා එපා කිවුවේ උන්ගේ හොරකම් එළිවෙයි කියලා.. ඒ මදිවට මෙහෙම ජාතික අත්‍යාවශ්‍ය දේකදිවත් රෙකොර්ඩ් එකක් නැත්නම් ගහල පන්නන ඕන... වෙන කිසිම දෙයක් නැහැ ඔක්කොම... ලංකාවේ වැඩි වෙන්නේ ඕකයි... දන්නේ නැහැනේ ආගිය උන් ගැන..

:       0       105

sameera Monday, 18 May 2020 01:43 PM

කොරෝනා නිසා අසරණ වූ වෙලාවේ රට ඉන්න අයට කිව්වේ කොරෝනා බෝම්බ කියල. රටට අපිව පිළිකුල් කලා, තාමත් ආණ්ඩුවට කඩේ යන වෙබ්වලින් අපිට බනිනවා සුද්දන්ගේ පස්ස හෝදන හැත්ත කියල. රටට වැඩිම ආදායමක් ගෙනෙන්නේ අපි, අපි ආවෙත් තිබුන ආණ්ඩුවලට කිසිම බරක් නැතිව ඒජන්සි වලට ගෙවාගෙන. අවුරුදු 18 රට ඉන්නේ... එක රුපියලක් ආණ්ඩුවෙන් උදව් කරලා නැහැ. ඔක්කොම ඉවසන්න පුළුවන්. කොරෝනා ප්‍රස්නෙදී සලකපු විදිහ අන්තිම කැතයි...

:       0       721

de silva berlin Monday, 18 May 2020 03:13 PM

මට ලියන්න දෙයක් නැත , කලින් කමෙන්ට්ස් දමපු පාඨකයන් අවශ්‍ය සියලු දෙයම ලියා ඇත , නමුත් මෙම මේ ගොල්ල හදන්නේ මැදපෙරදිග මිනිස්සු රවටල විදේශ සේවා ආයතනයේ රක්ෂණය කරලා ලියාපදිංචි කර මුදල් ගරාගෙන , ඔවුන් අමාරුවේ වැටුනහම කිසිම උදවුවක් නොකර පසුගිය මාස දෙකේ කලා වගේ රටට පැමිණීමට බැරි වෙන විදිහට සිමා පනවල නිකන් ඉන්න , ජෙර්මනියේ , ජපානේ , කොරියාවේ සේවයට යන පුද්ගලයන්ගෙනුත් ගරාගන්න , මෙන්න මෙතැනදී තමා විදේශ සේවා එක ඇනගන්නේ. එම රටවල මානුෂික අයිතිවාසිකම් ඉතා ඉහලින් රකිනවා.

:       0       111

de silva Monday, 18 May 2020 03:23 PM

මේ ගොල්ල ලංකාවෙන් යන අපිව එහෙට ගන්න ඉස්සෙලා අනිවාර්යයෙන් නිරෝධනය කරන්න කියලා එම රටවලට බල කරනවා, මොවුන්ට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ලැබේවි , අපේ නිරෝධන කටයුතු අපි කරගන්නම් , ඔබල ඔබලාගේ රටේ වැඩටික කරගෙන යන්න කියලා.

:       0       52

de silva Tuesday, 19 May 2020 01:23 AM

ලංකාවට යන එන කොට අනිවාර්යයෙන්ම නමගම , ලිපිනය යන්නේ කොහේද යන විස්තර කොලයක් පුරවල අගමන් විගමන එකට දෙන්න ඕනේ , ඇත්තටම මේ ලියකියවිලි වලට කුමක්ද කරන්නේ ? හරිනම් රජය සතුව ඔය ඔක්කොම විස්තර පරිගණක ගතවෙලා තිබෙන්නේ ඕනේ , මට පෙනෙන විදිහට මේ ගොල්ල ඔක්කොම අවුල්කරගෙන. නැතිනම් මාර්තු 16 කියන්න ඕනේ නැහැනේ රට ගිහින් පැමිණි සියලු දෙන නැවත ලියාපදිංචි වෙන්න කියලා ?

:       0       0

Gamekolla Tuesday, 19 May 2020 04:24 AM

ලංකාවෙන් යන අයව නිරෝධනය කරන්න කියල වෙන රටවලින් ඉල්ලන්න ලංකාවෙ ලොක්කෝ චීන්නු ලංකාවට ආවාම නිකන්ම යන්න අරිනවා. අනේ අනේ මෙහෙම පාන්ඩුවක්!

:       0       1

සෑම් Tuesday, 19 May 2020 05:50 AM

කවුද මේ ආයතනයේ ඇමති?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 29 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 49 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 336 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 312 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1414 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 865 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site