IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි උද්ඝෝෂණයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර, කොටුව ජනාධිපති විද්‍යාලයට අලුතින් පත් කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලා එහි දෙමාපියන් හා ආදී ශිෂ්‍යයින් පිරිසක් අද (28) උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට ආරම්භ කළ උද්ඝෝෂණයක් නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
 

එම විද්‍යාලයේ අසල සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් පිරිස මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු කිරීමේදී පොලීසිය ඔවුන් පාර මැදින් ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දී එම තත්වය ඇති විය.
 
කෙසේ වෙතත් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත පැමිණී මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දරා විරෝධතාකරුවන් පිරිස ප්‍රධාන මාර්ගය මැදින් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ සදහා පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.
 
පසුව මාතර පොලිස් අධිකාරී 1 සුසිල් විජේගුණවර්ධන මහතා ද එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත පස් දෙනෙකුට මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත කැදවා ගෙන ගොස් සාකච්ඡාවක් ලබා දීමට එකඟතාවය පළ කළේය.
 


 



අදහස් (5)

විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි උද්ඝෝෂණයක්

SANTH N PERERA- Arachchikattuwa. Monday, 28 September 2020 07:36 AM

ඕවත් වැඩද මල්ලී ඕවත් වැඩද.?

:       0       2

eresh S kumara Monday, 28 September 2020 08:44 AM

මම හිතුවේ ගොඩගම පැත්තේ පාසලකට කියලා..

:       0       1

sampath Monday, 28 September 2020 09:51 AM

බොරු සහතික හදලා දාපු ළමයි ඔක්කොම ඉවත් කරන්න කියලා උද්ඝෝෂන කලොත් ඔය පාරේ ඉන්න අය ගෙදර නවතීවි.

:       0       5

fairoos Monday, 28 September 2020 01:09 PM

විදුහල්පති මාරුකරන්නත් 2/3 ඕනේ...

:       0       1

MataraHotNews Monday, 28 September 2020 03:00 PM

අලුතෙන් දාපු වයිස් ප්‍රින්සිපල් නිපුණගේ ගෝලයෙක්ලු. ඉතින් අපරාදේ උද්ඝෝෂණය කලේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1080 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 411 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 868 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 836 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 325 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 514 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site