(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම වාහන සේවා ස්ථානයක සේවය කළ 17 හැවිරිදි තරුණයෙකුට විදුලි සැර වැදී අද (24) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල කැකුළුවෙල පදිංචි සුජිත් අරුනංග නැමැති තරුණයෙකු බව පොලිසිය කියයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන තෙක් මෙම තරුණයා වාහන සේවා ස්ථානයේ සේවය කර ඇතැයි පොලිසිය කියයි.
වාහනයක් සේදීම සඳහා ජල පොම්පය අතට ගන්නවාත් සමඟම විදුලි සැර වැදී මෙම අනතුර සිදුවී තිබේ.
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මරණකරු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයා මරුට
සමන්ත Friday, 24 January 2020 09:45 PM
මා මෙම මරණය ගැන දැක බරපතල ලෙසම කණගාටුවට පත්වුනා. අපේ රටේ හදිසි මරණ බහුල ලෙස සිදුවෙන අතර ඒවාට කිසි කෙනෙක් වග කියනු ලැබීමක් දක්නට නැත. මෙම තරුණ ජීවිත මෙන්ම මහමග අනතුරට ලක්වී මියයන සියල්ලන්ම රටේ සම්පත්ය. වගකිවයුතු රජයකට (පක්ෂ නොවේ) මෙවැනි විපත් දිගින් දිගටම සිදුවද්දී අහක බලාගෙන සිටිය නොහැක. ලංගම බස් රථ පල්ලම් වලට පෙරලීමෙන් මිනිසුන් මැරෙද්දිද, මුහුණට මුහුණ හැප්පීමෙන් මිනිසුන් මැරෙද්දීද, දුමරිය පාරවල බල්ලන් බළලුන් මෙන් මිනිසුන් මිය යද්දීද අප අහක බලාගෙන සිටින්නේ නම් රටකට යන කලදසාව කුමක්ද යන ප්රශ්නය මට තිබේ. බොහෝ වාහන සර්විස් ස්ථාන වල මෙන්ම, වෙනත් වැඩපොළ වලද, දුම්රිය, බස්රිය සහ රථ වාහන ධාවනයේදීද බරපතල ලෙසම ආරක්ෂක පියවර උල්ලංගනය කරන්නේ එවැනි සේෆ්ටි නීති රීති නියමකර ලෙස හඳුන්වා නොදීමත්, ඒවා වෙනම මාධ්‍යගත ආයතනකින් පාලනය නොවීමත්, කම්කරු නීති රීති ලිහිල් වීමත් නිසාය. අල්ලස් දීමෙන් වන්දි නොගෙවා වරදකරුවන්ට පැනයාමට හැකිවීමද වළක්වන නීති රීති ගෙන ආයුතුය. මෙවැනි සෑම වැඩපොළ අනතුරකදීම වෛද්‍යවරුද, කම්කරු දෙපාර්තමේන්තු සහ කමිටු නිලධාරීන් සහ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කළ යුතුය.
රවින් Saturday, 25 January 2020 01:10 AM
මෙම තරුණයා තම විභාග ප්‍රතිඵල එනතුරු කුමන හෝ රැකියාවක් කිරීමට පුහුණුවීම අගය කළයුතු කරුණක්. නමුත් අපරට නීති පද්ධතිය අනුව නම් රැකියාවක් කළ නොහැක. කෙසේනමුදු මෙරට පවතින නොසැලකිලිමත් භාවය නිසා තරුණ ජිවිතයක් අහිමිවුණා. විදුලි පරිපත නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් හෝ නිසි දැනුමක් නොමැතිකම නිසාවෙන් මෙම මරණය වූවා යයි සිතිය හැකිය.