IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි

(රංජන් කස්තුරි)

විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට 150සීසී ධාරිතාවයට අඩු යතුරුපැදි මත පනවා තිබූ 90%ක නිෂ්පාදන බද්ද ඉවත් කිරීමටත් ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට අන්තර්ජාල සබඳතා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව යතුරුපැදි, කුඩා කැබ් රථ සහ කුඩා ලොරි රථවල මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇත.

එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.



අදහස් (15)

විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි

ravi Thursday, 17 August 2017 12:04 PM

ඕවට තමයි කියන්නේ ඡන්ද ගුණ්ඩු කියලා. රටට පේන්න ටික දවසක් ගණන් අඩු කරලා ඊට පස්සේ වැඩි කරයි. ඒවටත් එක්ක හරි යන්න දෙගුණ, තෙගුණ කරලා ඡන්දෙන් පස්සේ. ඕවට රැවටෙන කට්ටියත් ඇති. එ්ත් අපි නම් රැවටෙන්නෙ නැහැ.... ඔය වගේ ජෝක් වලට.

:       786       1437

athuraThursday, 17 August 2017 01:16 PM

අරහේ අරගොල්ලෝ කියනවා ඡන්දේ තියන්නේ නැහැ කියලා ඔබතුමා කියනවා මේ චන්ද ගුණ්ඩු කියලා. මේ රටේ මිනිස්සුන්ට කළත් වැරදියි, නොකළත් වැරදියි.

:       1000       833

මමThursday, 17 August 2017 07:02 PM

එජාපය මේ වන විට හදිසි මහා මැතිවරණයකට සූදනම්

:       1       4

Nuwan Thursday, 17 August 2017 01:23 PM

මොටර් බයිසිකල් වල මිල තවත් අඩු කරන්නේ ඇයි..? මේක වසංගතයක් වගේ... මහමග රිය අනතුරුවලින් වැඩි හරියක් මේවා නිසායි. කරුණාකරලා ආරක්‍ෂිත ජපන් වාහනවල බදු අඩුකරන්න ලොව පිළිගත් ආරක්‍ෂිත උපක්‍රම ඇති ජපන් වාහනයක නොමැරී ගමනක් යන්න අපට ඇති අයිතිය තහවුරු කරන්න.

:       48       604

srimala Thursday, 17 August 2017 02:16 PM

වැඩේ නම් පංකාදුයි. මිල බාගෙට අඩුවෙලා. නමුත් හෙට වෙනකොට යතුරුපැදි ගෙන්වන වෙළෙන්දොයි, කුඩා වාහන වෙළෙන්දොයි පාරවල් වහගෙන උද්ඝෝෂණයක් කරයිද?

:       0       32

Rane Thursday, 17 August 2017 03:28 PM

පෙට්‍රල්, ලයිට්, පරිගණක මිලත් ..අඩු කරනවද?

:       6       5

ROHAN Thursday, 17 August 2017 03:32 PM

ජපන් යතුරු පැදි වලට පමණි

:       0       44

lalith Thursday, 17 August 2017 03:40 PM

අන්තිම අවුරුදු දෙකනේ. අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ වැඩිම වුණොත් අවුරුදු දෙකක් පස්සට වුණු දේවල් විතරයි. ප්‍රේමදාස මහත්තයත් පාරවල්වල ගස් පැලවෙන්න ඇරලා අන්තිමට එව්වා.... හදපුවම දෙවියෙක් වගේ පෙනුනා. බඩගින්නේ සිටි මිනිහට තමයි අගේ වැටහෙන්නේ. එකනේ පහුගිය අවුරුදු දෙකේම බදු මිල වැඩිවෙන්න ඇරලා, අන්තර්ජාලේ බදු වැඩි කරලා, වාහන බදු වැඩි කරලා, කුණු ගොඩගැහෙන්න ඇරලා, දුක දැනෙන්න ඇරියේ. දැන් කාලේ හරි සද්දේ දාල බෙරේ ගහල තොවිලේ පටන්ගන්න. වෙන එකක් තියා ඡන්දෙට අත දිගහැරලා වියදම් කරන්න ඇතිවෙන්න සල්ලිත් හොයාගත්ත මහා බැංකුවෙන්. කරුමෙට ඒක ලීක් වුණ එකෙන් තමයි වැඩේ පත්තු වුණේ. ඒ මදිවට තව කෙනෙක් වරායේ පාඩුව ගනන් හදලා පෙන්නන්න පටන්ගත්තනේ. මිනිහ අනික් පැත්තට පනින්න කලින් නම කටුගාන්නත් වෙනවා. බොහොම මහන්සිවෙලා හොර රජා කියල ඇති කරපු මතයත් මිනිස්සු කරකවල ආපහු ගහන්න පටන් ගත්තා. තවත් බලන් හිටියොත් කෙලවෙනවා. පරම්පරාවම අායෙත් කොමිසමට ගෙනත් සද්දයක් දාලා, වැඩි කරපු බදු සේරම අඩු කරලා, එකපාරට බිම්මල් හිටවල පෙන්නලා, යන්තමට ආවා කල්ලිය මවල ඡන්ද පොළවල් වලට පොලිසිය දාල පටන්ගත්තොත්...... දිනන සැටි මම පෙන්වමි.

:       278       569

minipe Thursday, 17 August 2017 04:32 PM

ඕනෑම දෙයක මිල අඩු වීම සුබ පණිවිඩයක්. එත් විදේශ විනිමය දරා ගන්න බැරි තරමට රටින් පිටට ඇදෙනවා. යතුරු පැදි හා පැට්‍රොල් ආනයන සදහා. මේ එකක්කම වාහන තද බදය වැඩි වෙනවා.

:       14       1

Sanka Thursday, 17 August 2017 05:55 PM

ඔන්න දැන් හම්බන්තොට වරායෙන් ලැබුන චීන සල්ලි වලින් ජපන් බයිසිකල් ගෙනත්, ඉන්ටර්නෙට් බලලා ඉන්න පුලුවන් මාස 6ක් විතර. ඊට පස්සේ තව මොකක් හරි බදු දෙන්න හරි විකුනන්න හරි පුලුවන්.

:       32       203

wasantha Thursday, 17 August 2017 05:57 PM

ඡන්දය ලග, ඒක තමයි

:       52       235

chandana B Thursday, 17 August 2017 07:31 PM

සුදු වැන් වල බද්දත් අඩුවෙනවද?

:       0       6

tilak Friday, 18 August 2017 12:26 AM

නියමයි මංගල සමරවීර මහත්මයා. මේ සැරේ බජට් එකෙන් රත්තරන් වගේ ගණන් යන වාහන මිල අඩු කරන්න ක්‍රියා කරන්න. 2000 අවුරුද්දේ කාර් එකක් ලක්ෂ 25 ක් විතර වෙනවා . හොදටම වැඩි නේද .වෙන රටවල මේ වගේ වාහන තලන්න යවල .

:       0       58

Wimal Friday, 18 August 2017 03:48 AM

රු: 50,000/= කට එක්තරා කොටසකට පමණක් බයිසිකල් දුන්නාට වඩා මේක හොඳයි.පුලුවන් හැමෝටම ගන්න පුලුවන්.

:       23       0

hakida Friday, 18 August 2017 04:07 AM

උදේ - මෝටර් සයිකල් බද්ද 90%කින් අඩුවේ දවල් - මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ හවස - 150සීසී ධාරිතාවයට අඩු මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ රාත්‍රී - ජපානයෙන් ගෙන්වන ලද 150සීසී ධාරිතාවයට අඩු මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ උදේ බලා උඩපනින ලද හිතවතුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද තාවයක් පවත්වන්න හිතවතුනි.

:       1       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 316 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 895 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2321 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2588 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 757 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 314 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site