IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක සැසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී අද (17) පස්වරුවේ පැවැත්විණි.

“තිරසර ජාතික සංවර්ධනයේදී වෘත්තිකයන්ගේ කාර්යභාරය” යනුවෙන් මෙවර සැසිවාරයේ තේමාව නම් කර තිබේ.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු නිස්සංක පෙරේරා මහතා සමාරම්භක සැසියේ පිළිගැනීමේ කතාව කළේය.

ඉන් පසුව වාර්ෂික සමුළුව සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටින සමන් වරුසවිතාන මහතා සමාරම්භක සැසිය අමතමින් වාර්ෂික සම්මේලනයේ තේමාව පැහැදිලි කළේය.

එයින් අනතුරුව හිටපු සභාපති ආචාර්ය ලලිත් විජේතුංග මහතාගේ සේවය අගයමින් සම්මානයක් පිළිගැන්විණි.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ උපායමාර්ගික සහකරු වන සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු පෞද්ගලික සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරි සිමන් තාම් සමාරම්භක සැසිය ඇමතීය.

දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදී විවිධ ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ නේස්බි සාමිවරයාට මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සමරු තිළිණයක් පිළිගන්වනු ලැබිණි.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ද හොබවා ඇති නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක සැසියේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මෙහිදි සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ඉන් අනතුරුව නේස්බි සාමිවරයා සැසිවාරය ඇමතීය.

සමාරම්භක සැසිවාරය අවසන් කරමින් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඉංජිනේරු ශාන්ත සෙනරත් මහතා ස්තූති කතාව කළේය.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ හෙට (18) පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (1)

විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

Ratnamalala Tuesday, 17 September 2019 11:50 PM

අපරාදේ, අර ජනාධිපතිවරණයට ඉල්ලන විද්වතාටයි තැනදෙන්න තිබුනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 59 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 124 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 152 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 422 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 378 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1604 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site