IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විජයදාසයි සාගලයි ඇමතිකමින් ඉවත් කරන ලෙස චතුර ජනපතිගෙන් ඉල්ලයි

නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යධුරවලින් ඉවත් කරන ලෙස ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජනපතිගෙන් ඉල්ලා තිබේ.

දූෂණ හා වංචා කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී බලයට පැමිණි මෙම ආණ්ඩුවේ එම අමාත්‍යවරුන් දෙදෙනා පසුගිය වසර දෙක හමාර තුළ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට අසමත් වී ඇති නිසා මෙම ඉල්ලීම කර ඇතැයි කියැවේ.

 “පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශන 82ක් සම්බන්ධයෙන් වාර්තා වුණත් මේ වන තෙක් කිසිදු විමර්ශනයක් නිසි ලෙස අවසන් කර නැහැ.“ඒ මහතා පැවසීය.

 මෙය මහජනතාවගේ විශ්වාසය නැති වීමට හේතුවී ඇති නිසා සේනාරත්න මහතා සිවිල් සංවිධාන කිහිපයක් සමග මෙලෙස ජනපතිගෙන් ඉල්ලා තිබේ.

පසුගිය කැබිනට් සංශෝධනයේදී මෙම ඇමතිධුර වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණද එම වෙනස්කම් සිදු නොවීය.
කෙසේවෙතත් ඒ මහතා පවසනුයේ මේ සම්බන්ධයෙන් නැවතත් සුදුසු වේලාවක ජනපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.
 



අදහස් (18)

විජයදාසයි සාගලයි ඇමතිකමින් ඉවත් කරන ලෙස චතුර ජනපතිගෙන් ඉල්ලයි

ranga Monday, 29 May 2017 06:48 AM

ඒකත් හොඳයි... එතකොට තාත්තත් ඉවත් කරන්න ඉල්ලුවොත් හොඳායිද?

:       4       1145

krishantha Monday, 29 May 2017 07:00 AM

ඒක හොඳයි.. එහෙම කරන්න. කැබිනට් එකෙත් තව ඕනෙ කෙනෙක්ට ඉඩ තියනවා . මෙතුමාගේ වැඩේ ඉස්සර කලේ රණසිංහ මහත්තයා ...ඊට පස්සේ මර්වින් සිල්වා මහතා.. ඒ වගේම නිශාන්ත මුතුහෙට්ටිගම මහතාත් හොඳ දායකත්වයක් දුන්නා..

:       1       142

දිනේෂ් Monday, 29 May 2017 07:07 AM

චතුර මහත්තයො පොඩ්ඩකට ඔය වැඩ පස්සට දාමු නේද? දැන් මහජනතාවට උදව්කරන්න කාලය වෙන් කරන්න... ඇත්තටම ඔබතුමන්ලා මහජනතාවගේ සේවකයෝනේ..

:       3       20

ramaniMonday, 29 May 2017 07:25 AM

මහජන සේවය කොහොම වෙතත්... පහුගිය කාලේ තිබුණා මෙයා පාර්ලිමේන්තු යන්නෙත් නැහැ කියලා. පඩිය නම් ගන්නවා ඇති.

:       1       37

Ariyaratne Monday, 29 May 2017 07:12 AM

ඇත්තටම කිල්ලොටේ හුණු තිබිලම නැද්ද?

:       0       10

savanth Monday, 29 May 2017 07:24 AM

සාගල මහත්තයා ගැන නම් දන්නේ නැහැ. හැබැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කියලා තිබුණා එයා 1999දි නඩු දාල රාජිත මහත්තයාව මන්ත්‍රී තනතුරින් අයින් කෙරෙව්වා කියලා මොනවදෝ බෙහෙත් වර්ගයක් ගෙන්නපු සිද්ධියකට.... ඉතින් මේ අය එදා ඉඳලා විජයදාස මහත්තයත් එක්ක තරහලු. ඒ නිසා මේ හදන්නේ තරහ පිරිමහ ගන්නද...? අනික් අතින් එෆ්. සී. අයි. ඩි. යන්නේ නැතුව මාරුව දාන ඇමතිවරු ටික නම් කරානම් ගොඩම තමයි.

:       1       235

Bandara Monday, 29 May 2017 07:30 AM

ඔබතුමාගේ තාත්තා සෞඛ්‍ය ඇමති තමයි. ඒ වුණාට, 1964 වර්ෂයට පසු ලක් ඉතිහාසයේ වාර්තාවුණු වැඩිම ඩෙංගු රොගීන් ගණන සහ ඩෙංගු මරණ ගණන වාර්තා කරමින් 2016 වසරේ ඩෙංගු රෝගීන් බොහෝගණනක් (55154 ක් පමණ) වාර්තා වෙලා තියෙනවා. ඩෙංගු මරණත් එම වසරේ වාර්තා වුණා. නමුත් මේ අවුරුද්දේ පළමු මාස තුන ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 27 898 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු මරණ 53 ක් වාර්තා වී තියෙනවා. ඒ අතින් බැලුවහම ඔබතුමාගේ පියතුමාත් ඇමතිකම කරන්න සුදුසු නැහැ නේද ..?

:       0       193

ravin Monday, 29 May 2017 07:55 AM

ඇයි නීතිය පිටපස්සේ පන්නනවාද? ඔය අයින් කරන්න කියන දෙන්නම නීතියේ ආධිපත්‍යය සුරකිමු කියන විෂයට සම්බන්ධයි නේද?

:       0       16

chathurakataMonday, 29 May 2017 08:48 AM

ඒකනේ ඒගොල්ලන්ව ඉවත් කරන්නේ. රාජිත මහත්තයාට එෆ්. සී. අයි. ඩි. එන්න කියන එකමයි වැඩේ. අනික මටත් ඇමතිකමක් දෙන්නේ නැද්ද? අපි ආණ්ඩු හැදුවේ නිකන්ද?

:       0       0

nimallalitha Monday, 29 May 2017 08:10 AM

දත් දොස්තර මහතාගේ දැන් වත්කම කීයද?... කියලා සොයා බලන්න කියල ජනපතිගෙන් ඉල්ලන්න පුංචි හාමු මහත්තයාට බැරිද?

:       0       43

shan Monday, 29 May 2017 08:26 AM

මේ අයව පත්කළ අයටයි, තියාගත්තු අයටයි නිසි පියවරක් නම් ගන්න වෙනවා.

:       0       71

දිලුම් Monday, 29 May 2017 08:55 AM

කට වහගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්න... කරුමේ තමයි මේ රටට පඩිසන් දීලා තියෙන්නේ...

:       0       2

Senarath Monday, 29 May 2017 09:06 AM

මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න යම්කිසි වැඩක් කිරීමේ හැකියාව ඇති...ඒ වගේම දූෂණයෙන් තොර, ඇත්ත කතාකරන එකම ඇමති කියන්න පුළුවන් විජේදාස මහතා....

:       0       0

Appuhami Monday, 29 May 2017 09:15 AM

ඩෙංගු මඬින්න බැරි අයත් අයින් කරන්න කියලා කිව්වානම් හරිනේ...

:       0       3

kapila Monday, 29 May 2017 10:11 AM

පාලකයින්ටයි, නිලියන්ටයි ඡන්දෙ දෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ විතරද?

:       0       3

dias Monday, 29 May 2017 10:52 AM

ඉවත් කල යුතු අය අතර පොහොට්ටුවේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එ.ජා.ප.යේත්, අනෙකුත් පක්ෂවලත් තව 15 ක් විතර ඉන්නවා. ඕක තමයි කිව්ව අඩුම ගාන....

:       0       0

siri Tuesday, 30 May 2017 08:00 AM

මීට කලිනුත් මේ සදහා මම ලීව.මම යෝජනකරන්නේ පළමුව තමුන්ගේ පිය.දෙවනුව තමුන්.කැමති නම් පල කරන්න.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 30 May 2017 11:15 AM

"ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ" කියන්නේ ඕවට තමා ! අවුරුදු දෙකහමාරක් තිස්සේ, එකම "හොරෙක්, වංචා කාරයෙක් හෝ තක්කඩියෙක්" අල්ලා රජයේ බෝඩිමට යවලා තිබේද ? වංචා සහගතව රටින් පිටකර, විදේශ බැංකුවල තැන්පත් කරලා තිබෙනවා කියන ඩොලර්, යුරෝ, පවුම්, යෙන් ආදියෙන් සත පහක් හෝ මෙරටට ආපසු ගෙන්වා තිබේද ? මේ යහපාලන රජයේ ආයු කාලය තිබෙන්නේ තව වසර දෙකහමාරක් බව ජනපතිතුමාටත්, අගමැති තුමාටත් අමතක වී තිබෙනවා වගෙයි !!!!! ! ඊට පස්සේ උන් කරපු ඔක්කොම හොරකම් ගංවතුරට ගහන් යනවා ඇති !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 5 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 101 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 203 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 364 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 338 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 355 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site