IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විජයදාස අධිකරණ ඇමතිකමට සුදුසු නැතැයි අජිත් කියයි

(හර්ෂණ තුෂාර සිල්වා)

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා  අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු හදවතේ නැති අයකුට අධිකරණ අමාත්‍යධුරය දැරීමට නොහැකි බවද ඒ මහතා කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා එම කරුණු කීවේය.

“මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු  10කුත් මාස 2ක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණා. එය නොවිය යුත්තක්. ඒ ක්‍රමය හොඳයි කියන අමාත්‍යවරයකුට අධිකරණ අමාත්‍යධුරය දරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ. “

“අද මුළු පක්ෂය ඒකමතික තීරණයක ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මතයක ඉන්නවා. සඳුඳා වෙද්දි හොඳ තොරතුරක් ඒවි. අපි අපේ සටන නවත්වන්නේ නැහැ. මෙය පුද්ගලයකුට එරෙහිව කරන සටනක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් නෙවෙයි.“

“මෙය මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක්. සුදුසු පුද්ගලයන්, යුක්තිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදුවිය යුතු බවට කැක්කුමක් තිබෙන පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

 



අදහස් (27)

විජයදාස අධිකරණ ඇමතිකමට සුදුසු නැතැයි අජිත් කියයි

raveendra Thursday, 17 August 2017 12:05 PM

ඔව් මේ උන්නැහේ කියන කතාව හරියට හරි මෙයා තමා හොඳම සහ ඉතා සුදුසුම හාදයා. නමුත් පොඩිම පොඩි ගැටළුවකුත් තියෙනවා. අර බැඳුම්කර හොර නඩේගේ හොරකම ගැන වාර්තාවේ මේ උන්නැහේ නේද සටහන් ලියල තිබුණේ සුදුහුණු පාරක් ගාලා? මට ගීතයක වචන ටිකක් මතකයට එනවා. දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා... වසන් කරනවිට මුනේ ලියවෙනවා... ලක්මව පාමුල අවංකයයි කියලා.. නැවතත් ලක්මව රවටනවා....

:       1070       3028

රොමේෂ් Thursday, 17 August 2017 01:02 PM

බැඳුම්කර සිදුවීම පිළිබඳව පොතක් ලියපු නීතිඥයාත් සුදුසුකම් ලාභින් අතර පෙරමුණේ සිටිනවා. ඊළඟ අධිකරණ ඇමති ෆූට් නෝට් කල්ලියෙන් කෙනෙක් නොවුනොත් තමයි පුදුමේ. විජේදාස කරන්නේ මොකක්ද කියන එක කාටත් වැටහෙනවා. එයා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත් එකක්. නමුත් මේ කෙනානම් හැරෙන්නේ බැඳුම්කර නඩුව කියන පොල් පැලේ කා විනාශ කරන්න තමයි. ෆූට් නෝට් දාලා බැරිවෙච්ච දේ වෙන ක්‍රමයකින් කරන්න හදන තක්කඩි වෑයමක්....

:       228       432

ramaniFriday, 18 August 2017 12:40 AM

ෆුට්නෝට් පෙරේරා අධිකරණ ඇමති වෙන්නද හදන්නේ.

:       0       228

විජේසූරිය Thursday, 17 August 2017 12:15 PM

ඔබ ප්‍රමාද වැඩියි ...

:       47       32

vimuThursday, 17 August 2017 12:27 PM

ප්‍රමාද වැඩි නැත. දැනටත් කාලය ඇත. සද්භාවයෙන් කල යුතු වේ.

:       86       206

සෙනෙවි Thursday, 17 August 2017 12:34 PM

ඔව් ඒකට සුදුසු ෆුට් නෝට් කල්ලියේ කෙනෙක් වත්ද?

:       106       366

sudes Thursday, 17 August 2017 12:54 PM

මාර පොරක් තමයි කියන්නේ අධිකරණ ඇමති හොඳ නැහැ කියලා. මගේ තනි ඇහැට ඇඬෙනවා මේවා දැකලා.

:       179       387

lalith Thursday, 17 August 2017 12:59 PM

තව ටිකක් සද්දෙට කිව්වේ නැතිනම් අර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හදවතේ දරාගෙන මහබැංකුවේ සල්ලි වලට විදපු ලොක්ක ඔහෙලට මීළඟ ඡන්දෙට ටිකට් එක දෙන එකක් නැහැ.

:       249       432

mr.footnote Thursday, 17 August 2017 12:59 PM

මෙයාව දාමු. ෆුට් නෝට් එකක් දාලම අධිකරණයට ලියුම් යවන්න පුළුවන්නේ.

:       111       332

Senarath Thursday, 17 August 2017 12:59 PM

විජේදාස මහතා දේශපාලනයට එන්නත් කලින් ඉතාම දක්ෂ නීතිවෙදියෙක් විදියට නමක් දිනා සිටි කෙනෙක්. ඒ වගේම ඒ ක්ෂේත්‍රය පිළිබඳ හොඳම උගතෙක්. ඒ වගේම හොරවැඩ, ජරාවැඩ කරලා නම කතාකරගෙනත් නැහැ. කියන්න තියෙනදේ කෙලින් කියනවා. මෙච්චර සුදුසුම කෙනා කොහොමද නුසුදුසු වෙන්නේ. මොනව හරි හැඟුණු කාරණයක් තියෙනවා. මට හිතෙන්නේ මේ රජයේ හොරු බයයි. තමුන්ටත් ආර්.කේ. ගේ ඉරණම ලැබේවි කියලා...

:       542       1163

husen-riyadFriday, 18 August 2017 06:14 AM

සෙනරත්. වගේම බොහෝ අය තාම ළිංමන්ඩි තර්කයෙයි ඉන්නේ.

:       23       2

Thilina Thursday, 17 August 2017 02:24 PM

මෙයා තමයි සුදුසුම කෙනා.. මහා බැංකුවේ කිසිම වංචාවක් වුනේ නැහැ කියලා... මෙයයි අර කඩුවෙල සුජී දෙන්නම එකතුවෙලා සපථ කළා නේද ..? නිකන් මිනිස්සුන්ව අන්දන්න එපා.. ජනාධිපතිට, අගමැතිට පුළුවන්නේ අධිකරණ ඇමැති වැරදිනම් අයින් කරන්න මේ විකාර නොකර ....

:       60       357

raveendra Thursday, 17 August 2017 03:41 PM

ෆුට්නෝට් මයා වෙත, මේ හාදයට ෆුට් නොට් ඕතර් කියලා කියමු එතකොට පොඩි රෙස්පට් එකකකුත් තියනවා නොවැ. ඔස්තාර්ලා කියන්නේ එසේමෙසේ අය නොවේ.

:       72       164

ravi Thursday, 17 August 2017 05:16 PM

සුදුසු කෙනෙක් කිව්වනම් තව කමක් නැහැ කියන්න පුලුවන්.

:       14       151

Sanka Thursday, 17 August 2017 05:45 PM

නීතිපති දෙපාර්තමෙන්තුව සහා අධිකරණ සේවා කොමිසම ස්වාධීන ආයතන බව නීතිඥයකු වන මෙම ඇමතිවරයා දැන ගත යුතුය. එම ආයතන වල කටයුතු සඳහා අධිකරණ ඇමතිවරයාට බලපෑම් කිරීමට හැකිනමි ස්වාධීන අධිකරණයක් ඇතිබව පවසන්නේ කෙලෙසද?

:       112       270

de silva berlin Thursday, 17 August 2017 05:58 PM

ලංකාවේ එක මහේස්ත්‍රාත් අධිකරණයක ඉන්නේ එක මහේස්ත්‍රාත්වරයෙක් පෙරකදෝරුවෝ පනහක් විතර ඉන්නවා , දිනකට මිනිස්සු 200-500 විතර එනවා නඩු හබ වලට උසාවියට , දිනකට නඩු 100-200 විතර තිබෙනවා අහන්න , මේ නඩු වලින් 70% 80 % විතර කල් දමනවා , එතකොට නඩු ගොඩ ගැසෙනවා මිසක් විසදෙන්නේ නැහැ , දියුණු රටවල එක උසාවියක නඩුකාරයෝ 10-15 විතර ඉන්නවා ,කුඩා නඩු ශාලා 10-15 විතර තිබෙනවා මේ වගේ මිනිස්සු 500 විතර උදේ ඉඳන් සවස් වෙනකන් උසාවියේ රස්තියාදු වෙන්නේ නැහැ , නඩුවට දිනයක් සහ වෙලාවක් දෙනවා එතකොට විත්තිකාරයා පැමිණිලිකාරයා දෙපැත්තේ පෙරකදෝරු මහත්වරු සමග නියමිත නඩු ශාලාවට යන්න ඕනේ එක නඩුවකට කාලය පැයක් විතර වෙන්කරලා තිබෙනවා , එතකොට නඩු ඉක්මනට විසදෙනවා , මිනිස්සු උදේ ඉඳන් හවස් වෙනකම් රස්තියාදු වෙන්නේ නැති නිසා ශ්‍රමය ඉතුරු වෙනවා , මේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක නොකරන්නේ මොකද ?

:       0       87

raveendraFriday, 18 August 2017 01:58 AM

ඔබගේ අදහසට ගරුකරන අතර එයනිවරදී බවත් අප රටේ එවන් තත්වයකට ගෙනෙම පිලිබදව සිතීමටවත් පාලකයන්ට අවශ්‍ය නැත මක්නිසාදයත් රට එකතැන පල්වෙන තරමට " නිවට, දීන " පලාකයන්හට අපගේ මුදල් හදල් හොරා කෑමට පහසුය.අප විස්වාසකරනවා ලෝකයේ කාලය නිකරුනේ කාදමන එකම ජාතිය ලාංකිකයන් බව.ගමනක් බිමනක් යාමට එලියට අවොත් "දවසම පාරේය". තම වැඩකට රජයේ කාර්යාලයකට ගිය රටවැසියා එලියට එන්නේ එහි සියලුම නිලධාරීන්ගේ "මෑණියන්දහට පින් අනුමෝදම් " කරමිනි. මේවා නිවට හිවල් ඌරු පාලකයාට ජයමගුල්ය.

:       111       75

saman - uae Thursday, 17 August 2017 06:10 PM

නඩු ඉක්මන් කරන්න ඕන කියන එක එදා ඉඳලම තිබුණු කාරණයක් . එකපාරටම ඒක විජයදාස රාජපක්ෂට එරෙහිවීමට හේතුවක් කර ගත්තේ කොහොමද.

:       152       1152

Naradha Thursday, 17 August 2017 07:03 PM

ඇමතිවරු මොනවා කීවත් අද රටේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10 ක් ගතවීම මහජනයාට නම් මහා ප්‍රශ්නයක්. මා සිතන හැටියට මීට ප්‍රධාන හේතුව නම් පෙරකදොරුවන් අද නඩු වවාගෙන කෑමයි.

:       0       4

siri Thursday, 17 August 2017 08:42 PM

මේ මනුස්සයට තියෙන්නේ හීනමානය.මෙය හිතාගෙන ඇති මමයි අධිකරණ ඇමැතිකමට සුදුස්ස කියල.පක්ෂයවත්,පක්ෂයේ මතයවත් නෙමේ හදවතේ තියෙන්න ඕනේ.රට සහ රටේ ජනතාවයි හදවතේ තියෙන්න ඕනේ.මොහු වගේ බාලාංශ වැඩකරන අයට ජනතාව පිළිතුරු දිය යුතුයි.රටේ සම්පත් විකුනනකොට මොවුන් ඇත දෙකම උස්සනවා.ඒවාට විරුද්ද අදහස් දක්වන අයට පන්න පන්න ගහනවා.මේ තත්වය රටේ අබග්‍යයි.

:       1       87

raveendraFriday, 18 August 2017 07:44 AM

සිරි මයා වෙත , ඔබ සුදුසු වචනය සුදුස්සාට බාවිතාකර ඇත. මොහුට තිබෙන්නේ හීනමානය නොව අධි හීනමානයකි.මෙවන් අය මහජන නියෝජිතයන් වීම එමරටේ අනාගතය කෙබදු වේද????

:       0       4

sisira Friday, 18 August 2017 01:22 AM

මෙයා මොන ඉලව්වකටවත් සුදුසු නැත්තෙක් බව මුළු රටම දන්නවා .

:       0       78

ජනිත Friday, 18 August 2017 03:01 AM

පෙරේරා ගිරවකු හා ඔලුව උදුම්ම ගත්තක සේ මහ උජාරුවට කයිවාරු ගසන්නෙක් බව පෙනීයයි. කරපු දේකුත් නෑ... බොරුවට කයිය.... අප්පිරියයි

:       1       97

mahesh Friday, 18 August 2017 03:23 AM

ඔව්. මෙය බයවෙලා ඉන්නේ බැදුම්කර කොමිසමේදී ඊළගට මෙයාගේ වැඩ ටික එළිවෙයි කියල එකයි අදිකරණ ඇමති අයින් කරන්න හදන්නේ ඊට කලින්.... මොකද මෙය බදිම්කර අලෙවියෙන් රජයට හෝ මහා බන්කිවට කිසිදු පාඩුවක් උනෙත් නැහැ, අක්‍රමිකතාවක් වෙලත් නැහැ කියල TV වලයි පර්ලිමෙන්තුවෙයි ක ගැහුවේ මොනවා අරන්ද දන්නේ නැහැනේ.

:       1       100

saman Friday, 18 August 2017 04:56 AM

ටොමි පෙරේරා ඇහැ ගහගෙන ඉන්න පාට පෙන්න තියනවා විජේදාස මහතාගේ තනතුරට

:       1       36

Dota Friday, 18 August 2017 05:53 AM

කෙලින් කතා කරන්න පුළුවන් මනුස්සයෙක්. ඔබ තුමාට ජයවේවා

:       4       0

Nihal Friday, 18 August 2017 10:43 AM

රවී දන්නේ නෑ.. නියමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 493 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1874 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1432 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 805 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1976 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site