IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )

අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතා පිළිබද වැඩිදුර  විභාගය ඔක්තෝබර් 16 දිනට කල් තැබීමට අද (18) අභියාචනාධිකරණය නියම  කළේය.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු නියෝගය  ලබන ඔක්තෝබර්  17 වන දා  දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය   තීන්දු කළේය.

උතුරු පළාත් මහ ඇමතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කූමුදුනු වික‍්‍රමසිංහ සහ  ජනක් ද සිල්වා මහත්ම මහත්මින් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග කෙරිණි.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත  අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව  ඉකුත් ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත්,   ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට  අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා ඉකුත් අගෝස්තු 08 වැනිදා නොතීසි නිකුත් කළ අතර ඒ අනුව ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා සහ ඇතුළු අමාත්‍යවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.



අදහස් (1)

විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය කල් යයි

Hafeel Tuesday, 18 September 2018 02:00 PM

මේ පළාත් සභා ක්‍රමය ගෙනාවෙත් උතුරු පළාත් සඳහා. නමුත් අර්බුද, කැපිල්ල, පලිගැනීම්. ඉතින් තව දුරටත් මොනවටද පළාත් සභාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 0 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 98 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 879 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 928 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 639 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 777 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site