( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද ( 10) නිවේදනය කරන ලදී.
කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය අද(10) නඩු විභාග කටයුතු සඳහා සහභාගී නොවීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 31 වනදා දක්වා කල් තබන බව විනිසුරු ජනක් ද සිල්වා නිවේදනය කළේය.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල තුළින් ඩෙනීෂ්වරන් මහතා කියා සිටින්නේ උතුරු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන් පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා විසින් ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.
එම තහනම් නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් තමන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ බවද ඩෙනිෂ්වරන් මහතා පවසයි.
එම අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම නීති විරෝධී යැයි සඳහන් කරමින් විග්නේෂ්වරන් මහතාගේ පාර්ශවයේ නීතිඥවරු මූලික විරෝධතා මතු කළහ.
එම මූලික විරෝධතා පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බවයි අභියාචනාධිකරණය අද නිවේදනය කළේය.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විග්නේෂ්වරන්ගේ නඩු තීන්දුව කල්යයි
සෙනෙවි Monday, 10 December 2018 09:36 AM
අධිකරණයට කාර්යක්ෂම බුද්ධිමත් විනිසුරුවන් පත් කරන්නේ නම් ඉක්මනින්ම නඩු ගසා තීරණ ගත හැකියි
sugath Monday, 10 December 2018 11:18 PM
විජයකලාගේ නඩුවටත් ඕකමනේ වුනේ.
Bandula. Tuesday, 11 December 2018 05:35 AM
හැමතැනකම මුළු රටේම "බාලගිරිය අද නොවේ හෙට."