රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.
මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපිය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතිණි.
එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළාතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.
එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය ගනුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් විය යුතු බවයි.
පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි
රවින් Thursday, 08 November 2018 09:57 AM
බලාගෙන ගියහම ඔක්කොම දේශපාලුවෝ එකයි...
Indika Thursday, 08 November 2018 10:02 AM
එතුමා කතා කරන්නේ හරියට වෙන රටක කෙනෙක් වගේ හිතාගෙන. දෙපැත්තම හොඳින් තියාගෙන උතුරේ මහජනතාවට වැඩක් කරගන්නේ ඩග්ලස් විතරයි.
Nuwan Thursday, 08 November 2018 11:45 AM
අපේ ලංකාවෙනුත් ඉවත් වෙලා යන්නකෝ අපු තමිල් නඩුවටම.
sanath Friday, 09 November 2018 06:25 AM
හිටියා කියලා රටට වැඩක් නැහැ
Bandula. Friday, 09 November 2018 07:07 AM
අනේ හිටියත් කාටවත් සතපහකට වැඩක් නැහැනේ.. නරකද දැන් විශ්‍රාම ගත්තොත්? තවත් ත්‍රස්තවාදයක් බිහි නොකර...