IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විගඩ සණස බැංකුවේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 8 ට රටින් පිටවීම තහනම්

(ආනන්ද ඉ. ජයකොඩි)

විගඩ සණස බැංකුවේ තැන්පත්කොට තිබූ රුපියල් ලක්‍ෂ 3687ක මුදලක් අස්ථාන ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව රහස් පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අත්තනගල්ල මහේස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය අද (21) එම සමිතියේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජික සමාජිකාවන් අට දෙනෙකුට විදේශගත වීම තහනම් කිරීමට නියෝග කළාය.

සභාපති  සමීර සේනානායක, ශ්‍යාමිකා දිසානායක, ජගත් කුමාර, ධම්මිකා නන්දනී, ශානිකා කුමාරි, කේ. ජයසූරිය, ඩබ්ලිව්.ඒ. ශ‍්‍රියානි හා රම්‍යා නන්දනී යන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අට දෙනොට එසේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි විදේශ ගත වීම තහනම් කෙරිණි.

නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද නියම කෙරිණි.

විගඩ සණස සමිතියට අයත් සණස බැංකුවේ තැන්පත්කරුවන් විසින් තැන්පත් කොට ඇති රුපියල් ලක්‍ෂ තුන්දහස් හයසිය අසූහතක මුදලක් අස්ථාන ගත වී ඇති බවට ගම්පහ සමූපකාර කොමසාරිස් රුවනි විජේවික‍්‍රම මහත්මිය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය පරීක්‍ෂණ  පවත්වා ගෙන යයි.

එම පැමිණිල්ලට අනුව රහස් පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එසේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අට දෙනොට රටින් පිටවීම තහනම් කළාය.

නැවත කැඳවීමේ දිනයක් ලබානොදුන් අතර වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ප‍්‍රගතිය වාර්තා කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.

 

 



අදහස් (2)

විගඩ සණස බැංකුවේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 8 ට රටින් පිටවීම තහනම්

Lahiru Tuesday, 22 January 2019 03:23 AM

විගොඩ සනස සභාපතිගේ මුහුණු පොත බැලුවහම හිතා ගන්ඩ පුළුවන්

:       0       1

සමීර Tuesday, 22 January 2019 09:44 AM

බැංකුවේ සල්ලි නැත්නම් ගෙවන්නේ කොහොමද ?බොරුවට දඟලලා වැඩක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 255 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 951 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2384 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1630 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 957 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2211 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site