IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 114 ක් ඉවතට


 (නාලක සංජීව දහනායක)

කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයේ ගොඩනැඟිලි ඉතාම අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි ජීවත්වන පවුල් 114කට අයත් 700ක් පමණ පිරිස වහාම ඉවත් කර ඔවුන් සුරක්‍ෂිත ස්ථාන කරා යොමුකරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය හා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජීත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත අද (25) උපදෙස් දුන්නේය.

             

මෙම ගොඩනැඟිලි අනාරක්‍ෂිත තත්ත්වයක පවතින බවට  2012 වසරේදී ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ද විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

             

වෑකන්ද නිවාස යෝජනා ක‍්‍රමයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව ඊයේ (25) ආපදා කළමනාකරණ  අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

       

1974 වර්ෂයේ ඉදිකර තිබෙන මෙම නිවාස යෝජනා ක‍්‍රමයේ මේ වනවිට පවුල් 114 ක් ජීවත් වන අතර ඊට අමතරව තවත් පවුල් 36ක් පමන අනවසරයෙන් පදිංචිව සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි. 

         

නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන පිරිස වෙනුවෙන් තාවකාලික වාසස්ථාන ලබාදීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් හැකි ඉක්මනින් ඔවුන්ට ස්ථීර නිවාස ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

   

කොළඹ දිස්ත‍්‍රික් ලේකම්, නිවාස, ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.  
      



අදහස් (2)

වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 114 ක් ඉවතට

Raveendra Wednesday, 25 April 2018 11:46 AM

අම්මේ.. මලයව දැක්ක කල්.. කොහේදෑ "අන්තරස්දාන" වෙලා හිටියේ...?

:       0       15

sumith Thursday, 26 April 2018 03:21 AM

කන් ගැට්ට එක්ක පොඩි අඩියක් ගහල දිගු නින්දක් යන්න ඇති රවීන්ද්‍ර

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 0 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 850 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 328 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1229 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 791 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 736 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site