IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැස්සෙන් දිස්ත්‍රික් 6 ක පවුල් 1152 ක් අවතැන්

(ඩයනා උදයංගනී)
          පසුගිය දින කිහිපයේදී බලපෑ වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 6ක පවුල් 302කට අයත්, 1152 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


          කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල, නුවරඑළිය, මාතලේ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වී ඇත.


          මේ හේතුවෙන් නිවාස 17කට පූර්ණ හානි සිදුව ඇති අතර 42කට අර්ධ හානි සිදුව තිබේ.


      සුළං තත්ත්වය නිසා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව, අඹන්පොළ, ගිරිබාව, මහව, ඇහැටුවැව, පොල්ගහවෙල, අලව්ව, වීරඹුගෙදර, මාස්පොත, නාරම්මල, කුරුණෑගල, පඬුවස්නුවර, කුලියාපිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 233කට අයත් 872 දෙනෙකු පීඩාවට පත්ව ඇත.


          එම දිස්ත‍්‍රික්කයේ නිවාස 16ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 217කට අර්ධ හානි සිදුව තිබේ.
          නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මතුව ඇති නායයෑම් අවදානමක් හේතුවෙන් පවුල් 53 කට අයත් 231 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


          මේ අතර ඇද හැලූණු මධ්‍යම කඳුකරයට ඇද හැලූණු මහ වැසි හේතුවෙන් ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර කැනියොන්, නෝර්ට්න් බි‍්‍රජ්, මස්කෙලිය, පොල්ගොල්ල, කොත්මලේ සහ ලක්‍ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.


          මීට අමතරව කොළඹ හැටන් සහ මහනුවර මාර්ගවලට පස් කඳු කඩාවැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
 

 
 
 
 
 
 



අදහස් (0)

වැස්සෙන් දිස්ත්‍රික් 6 ක පවුල් 1152 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 264 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 661 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 560 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1385 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2845 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1852 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site