IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැස්සට කැඩුණු පාලම එකරැයින් හදයි

(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් විසින් පියවර ගනු ලැබීය.

බී 75 ප්‍රධාන මාර්ගයේ මාණිප්පායි කුසුමන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මෙම පාලම අඩි 30 ක් දිගින් හා අඩි 15 ක පළලකින් යුක්ත වූ අතර  පාලම ඊයේ (06) සවස වැසි ජලයට කඩාගෙන යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණි.

මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ආඥාපති 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවට හා 16 වන ස්වේච්ඡා ගැමුණු බලෑනියට හැකි ඉක්මණින් පාලම යථා තත්වයට පත් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය.

එහිදී ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වීමටත් පෙරම පාලම නැවත සාදා යථා තත්වයට පත් කළ අතර මේ වන විට එහි ගමනාගමන කටයුතුද යථා තත්වයට පත්ව ඇති බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පැවසීය.



අදහස් (5)

වැස්සට කැඩුණු පාලම එකරැයින් හදයි

Ara Saturday, 07 December 2019 05:09 AM

මෙන්න මේක තමයි කියන්නේ හමුදාව කියන්නේ මොන වගේ කුසලතාවයක් තියෙන අයද කියන එක... එ්ක තමයි මේ ගොල්ලෝ සංවර්ධන වැඩවලට යොදා ගන්නේ... මේක සමහරක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ... හමුදාවක් කියන්නේ තව එක්තරා රටක් වගේ එකක්..

:       125       480

දසුන් Saturday, 07 December 2019 07:19 AM

කෙතෙක් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්...

:       0       301

sam Saturday, 07 December 2019 09:20 AM

බොහොම හොඳයි ළමයිනේ... ඔබලා කරන උතුම් කාර්යයන් උතුරේ ජනතාව හොඳටම දන්නවා. නමුත් ජාතිවාදී දේශපාලුවෝ ඔවුන්ගේ ඡන්ද බලේ අඩුවෙයි කියලා, ඔයාලා කරන උතුම් කාරියන් ගැන නිහඬයි.

:       0       371

jayath Sunday, 08 December 2019 01:23 AM

මගේ ප්‍රණාමය. මෙන්න වැඩ. අපි ඉස්සර කාලේ වගේ නිකන් හිටන් හිටියනම් මේ වගේ දේවල් බොරු. දැන් කව්රුත් වැඩකරනවා. සමහරවිට බයට වෙන්න ඇති. ඒ උනත් කාරී නැහැ රට හැදෙනවානම්.

:       0       0

de silva Sunday, 08 December 2019 03:30 AM

ජතිවාදී දේශපාලුවෝ කියන දේවල් ගැන තැකීමක් නොකර අපි දිගින් දිගටම අපේ සේවය කරගෙන යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 645 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 290 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 640 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 100 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 75 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 753 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site