දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ යැයි කාලගුණ අනාවැකි සඳහන් කරයි.
විශේෂයෙන් නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී සිට තව දුරටත් වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල,පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකිය. බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ඇති විය හැකි අතර , කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොටදිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
එමෙන්ම වයඹ,උතුර සහ උතුරු-මැද පලාත්වල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැස්ස තවත් වැඩිවන ලකුණු
බන්දුල Sunday, 08 December 2019 12:35 PM
අලුත් පාලකයෙක් ආවා විතරයි. මොකද මේ සොබාදහමත් ප්‍රචණ්ඩ වෙලා..?