(ප්‍රියානි මංගලිකා සහ පුෂ්පකුමාර ජයරත්න)
දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කර ඇති බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
මියගොස් ඇත්තේ නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල්, රත්නායක නැමති දෙදරු පියෙකි.
කොබෙයිගනේ දැදුරුඔය වැලි ජාවාරම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයට යට කරන ලද එම නිලධාරීයා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි. වැටලීමට ගිය සෙසු නිලධාරීන්ටද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සහ අදාල ටිපර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකාර රියැදුරාට එරෙහිව නීති විරෝධී වැලි ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක්ම පවතින බවද පොලිසිය කියයි.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල් ටිපර් රථයට යටකර මරාදමලා
Anton Austria Sunday, 29 November 2020 02:44 AM
කරපු කෙනාවත් යටකරලා මරලා දාන්න. තියන්න එපා ඔය වගේ පව්කාරයින්.. පොලිස්පතිතුමනි, කරුණාකරලා වෙඩිතියන්න අණකරන්න. නැත්තම් හදන්න බෑ ඒ අයව..
kalam Sunday, 29 November 2020 09:12 AM
මෙවැනි අවස්ථාවල ජනතාව පොලිසිය වෙනුවෙන් ඉදිරියට එන්න ඕනෑ. රජයට බලකරන්න ඕනෑ මෙවැනි හොරුන්ව අල්ලලා උපරිම දඬුවම් දෙන්න. එහෙම වෙන්නේ නැතිනම් පොලිසියට තියෙන්නේ තමන්ගේ පඩිය අරගෙන රටේ ඕන හොරකමක් උනාදෙන් කියලා නිකන් ඉන්නයි. අපේ රටේ පාලන ක්‍රමය එන්න එන්නම නොදියුණු රටක් බවට අපේ රට පත්කරමින් ඉන්නවා.
pakeer Sunday, 29 November 2020 10:01 AM
මේ වගේ අයව එක්කන් යන්න ඕනේ ගොඩදාපු වැලි පෙන්නන්න. එතකොට අනික් මේ වගේ අයත් පාඩමක් ඉගෙන ගන්නවා. දඬුවම් දෙන්න ඕනේ සමාජය හැදෙන්න.
Kule Sunday, 29 November 2020 10:33 AM
මෙවැනි ජාවාරම් කරුවන් නමගිය අපරාධ කරුවන්ට වඩා දරුණුයි. නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුයි.
rocky Sunday, 29 November 2020 10:54 PM
ඔහුට විරුද්ධව තිබෙන පරණ නඩු නම් දේශපාලන පළිගැනීම් වශයෙන් හිටපු අාණ්ඩුවෙන් පවරපු ආණ්ඩුවෙන් පවරපු බොරු නඩු වෙන්න ඇති...
Perera Monday, 30 November 2020 04:40 AM
ඔය විදිහේ වැඩ කරන්න ජාවාරම් කාරයින්ට දේශපාලන සවියක් තියෙන බවක් පෙනෙනවා.
johan Monday, 30 November 2020 07:53 AM
ටිපර් එකේ මනුස්සයාට චණ්ඩි පාට් දාලා පොලිස් බලය පෙන්නන්න ගිය නිසා යට කරන්න ඇති කියලා හිතෙන්නේ මට විතරද?