IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැල්ලම්පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය භාර පොලිස් අධිකාරී විදුර ජයසිංහ සහ වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන මහත්වරු අනෙක් නිලධාරීන් දෙදෙනා බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු එම තඹ කම්හලේ සේවය කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලිසියේ හා කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ සිදුකළ මෙහෙයුමකදීය.

එයින් සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසියේ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් ඇප ලබා දීම සිදුවී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.



අදහස් (20)

වැල්ලම්පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

sarath Friday, 10 May 2019 01:17 AM

රටට ආදරේ කරන බොහොමයක් පොලිස් නිලධාරින් අතර ඉන්න අතලොස්සක් දෙනා මුස්ලිම් අයගෙන් මුදල් අරගෙන මෙවැනි අකටයුතුකම් වලට ඉඩ දෙන එක ප්‍රසිද්ධ රහසක්. අකුරණ පැත්තේ ගියොත් බලාගන්න පුළුවන් පොලිස් නිලධාරින් ඉදිරියේම රටේ නීතිය උල්ලංගනය කරන හැටි. එහෙම කරලා අහු උනොත් ඉස්සරවෙලාම එල්ලන්න ඕනේ ඔවුන්.

:       1       2241

ගල්කටස් Friday, 10 May 2019 05:00 AM

ඕකට සම්බන්ධ අල්ලස් නැත්නම් ⁣සෘජු දේශපාලන බලපෑමක් විය යුතුයි. නැතිනම් ඔය තරම්ම නොසැලකිලමත් පොලිස් කොස්තාපල් වරයෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවේ නැත.

:       0       860

Chanak los angeles Friday, 10 May 2019 05:36 AM

ලංකාවේ පොලිසියේ ඉන්න කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ .......

:       143       624

කඩු එක්ක ලෙබ්බේ Friday, 10 May 2019 05:45 AM

දිගන සිදුවීමේ දී සිංහල තරුණයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයී. එහිදී දවස් එකසිය ගණන් සමහර අය අත්අඩංගුවේ පසුවුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා විශේෂ සැලකීමක් මේ අයට දක්වනවා කියලා .කොහොමද ඒක ..!

:       35       880

උපුල Friday, 10 May 2019 06:27 AM

අශ්වයා ගියපසු ඉස්තාලයේ දොර වහල වැඩක් තියෙනවද? පොලීසිය ප්‍රශ්නකරලා ඔවුන්ට දඬුවම්කලාට ගිය එවුන් අල්ලන්න පුලුවන්ද? මින් ජනතාවට වන අභාග්‍ය බලපෑම දේශපාලුවන්ට වැඩක් තියේවිද, ගණනකටවත් ගනීද, කුමක් කිරීමට හැකියාවක් තිබේද?

:       0       111

smith Friday, 10 May 2019 06:32 AM

ඔය කට්ටියගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා බලන්න....

:       0       317

padula Friday, 10 May 2019 06:42 AM

කලින්නුත් මාවනැල්ලේ සිද්ධියෙන් නිදහස් කරපු කෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධයි කිව්වා නේද. ඒ වගේ ආයිත් කොහේහරි බෝම්බයක් පුපුරවගත්තහම කියන්න මේ නිදහස් කර නමදෙනා ඒකට සම්බන්දයි කියලා. දැන් හොයාගන්න කඩු, කිනිසි පෙන්නන්නේ නැත්තේ මිනිස්සු බයවෙලා ළමයින්ව පාසල් යවන්නේ නැතිනිසානේ, තව කඩු තියෙන්නේ පල්ලි වල වල් කපන්නයි, ගැහැණු ළමයින්වයි ආරකෂා කරන්නනේ. ලංකාවේ වගේ අනුවණ දේශපාලුවන්ට යටවෙලා නීතියයි, ජන මාධ්‍යයි උන්ට ඕනේ විදිහට හසුරවන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. තවත් සිද්ධියක් උනහම කියන්න එකෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ඒ දේ නොවෙන්න කටයුතු කරනවා කියලා.

:       0       195

AsankaFriday, 10 May 2019 08:07 AM

මෙච්චර අසාධාරණයක් කරද්දිත් ඉවසන ජාතියක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. අන්න එයයි බුදුදහමින් අපි ලැබූ පෝෂණය...

:       0       188

ආනන්දFriday, 10 May 2019 12:15 PM

ඒ වුනාට අනේ... ඔයාල‍ා හිත රිඳවාගන්න එපා කියලා මුස්ලිම් නායකයො ඉස්සරහ වැලපෙනවා... ජනාධිපති. එතකොට අපියි වැරදි..

:       0       128

duFriday, 10 May 2019 12:25 PM

ඔබ නිවැරදියි. ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය මුස්ලිම්වරු ආක්‍රමණය කර විනාශ කලේ රහතන්වහන්සේලා 10000 ක් එහි වැඩ සිටින විටයි. උන්වහසේලා ඒ අවස්ථාවේ මරණානුස්මෘතිය වැඩූ බව ලිඛිතයි. සියලු දෙනා සමූලඝාතනය කළා.

:       1       147

AdiriFriday, 10 May 2019 07:12 PM

ඒ බුදු දහම නෙමේ , ජාතික නායකයන් එකතුවක් නැති කමයි.

:       0       0

ranjith Friday, 10 May 2019 01:28 PM

පොලිස් නිලදාරීන් ගැන පරීක්ෂා කරන්න ඒ වුනාට නිදහස් කරපු මේ අපරාදකාරයෝ නැවත විධිමත්ව උසාවි ඉදිරිපත් කරලා දඩුවම් දෙන්න. මෙහෙම ලිහිල් බවක් තිබුනොත් අපි පාරේ බැහැලා යන්නේ කොහොමද? නිලදාරී මහත්තුරු ජනතාව අද පත්වෙලා තියෙන තත්වේ ගැන ගොඩක් හිතන්න

:       0       50

NuwanSaturday, 11 May 2019 10:32 AM

ඔහොම නලවලා බැහැ.. හමුදාවේ විනයාරක්ෂක හමුදාව වගේ පොලිසියේත් ඒකකයක් හදන්න ඕනෑ. පොලිස් හොරු අල්ලන්න. අල්ලලා දාන්න.

:       0       13

nali Friday, 10 May 2019 06:17 PM

හිතට හරි දුකයි...! මෙහෙම අවස්ථාවකදීත් ඔය වගේ නම් සාමාන්‍ය අවස්ථාවල කොහොම ඇතිද? අර කිව්වා වගේ මුන්ගේ වත්කම් සොයා බලන්නම ඕනේ...

:       0       0

Ruwan Saturday, 11 May 2019 09:05 AM

මතකනේ බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී. නඩුවට කට්ටිය දිව්ව දිවිල්ල? එතකොට මේ නඩුවලට ලොක්කෝ පෙනීසිටින්නේ නැද්ද? අන්තිමට කාව හරි මට්ටු කරලා ඔය නීතිඥ, පොලිස් මහත්වරු බේරේවි. රටේ නීතිය සිද්ධවෙන්නෙත් එ්කේ අයිති ගමරාලගේ වැඩ වගේමයි.

:       0       23

සෙනෙවි Saturday, 11 May 2019 01:21 PM

නඩුකාරයාගෙන්ද ප්‍රශ්න කළ යුතුයි

:       0       0

Ruwan Saturday, 11 May 2019 01:47 PM

ඉදිරියටවත් අත්අඩංගුවට ගන්න අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තා නම් මේ කිසිම බොරුවක් කරන්න වෙන්නේ නැහැනේ...

:       0       0

kriss Saturday, 11 May 2019 02:26 PM

රටේ පාලනය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. මේවායින් පෙනෙන්නේ රට ගැන, රටේ මිනිසුන් ගැන පාලකයන් තුළ කිසිඳු හැඟීමක් නැති බවයි...

:       0       0

Heshan Saturday, 11 May 2019 06:21 PM

මේ සිද්දිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත්වරයාත් වගකීම බාරගත යුතුයි. පොලිසිය මොනවා කිව්වත් එයාට තිබුනා නීතිපති උපදෙස් ලබාගන්න නිදහස් කරන්න පෙර.

:       9       9

dickie bird Monday, 13 May 2019 05:59 AM

පොලිසිය විසින් මෙම උදවියන් 9 දෙනා වහාම අත්අඩංගුවට ගත යුතුයි. වගකිව යුතු නිලධාරීන් සහ මහේස්ත්‍රාත් වහාම මාරුකර වැඩ අත්හිටුවන්න පරීක්ෂණය අවසන් වෙන තුරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 224 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 193 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 400 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 263 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 213 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 497 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site