IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

(බිඟුන් මේනක ගමගේ)

වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත.

දේශපාලන පලිගැනීමක් ලෙස තමා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවට සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසම වෙනුවන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී කුලරත්න මහතා විසින් යොමුකරන ලද ලිපියක් මගින් මෙම නියෝගය කර තිබේ.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලයේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙර මැතිවරණ කොමිසමෙන් විමසිය යුතු යැයි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත යොමුකරන්නැයි ද කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරියට වැඩිදුරටත් නියෝග කර ඇත.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ සැමරුම් උත්සවයක් දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීමට එරෙහිවීම නිසා තනතුරෙන් අස්වන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා තමාට බලපෑම් කළේ යැයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබිණි.

අනුරාධපුරයේ දී පසුගිය 1 වැනිදා පැවැත් වූ ජාතික වැඩිහිටි දින උත්සවයට පුද්ගලයන් 25,000 ක් සහභාගි කරවාගෙන ඔවුන්ට ඇඳ ඇතිරිලි 25,000 ක් බෙදා දෙන ලෙසත් ඇමැතිවරයාට අයත් ආයතනයකින් එම ඇඳ ඇතිරිලි මිලදී ගන්නා ලෙසත් ඔහු තමාට බලපෑම් කළේ යැයි ද උඩවත්ත මහතා එහි සඳහන් කර ඇත.

තමා ඊට විරුද්ධ වූ බැවින් එම මිලදී ගැනීම් කිරීමට නොහැකි වූ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අදාළ උත්සවය සඳහා වේදිකාව සැකසීමට ඇමැතිවරයා ඔහුගේ හිතවතකුට අවස්ථාව දුන්නේ යැයි ද මෙසේ වේදිකාව සැකැසීමට වෙනත් පාර්ශ්වයකට අවස්ථාව දුන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා රුපියල් ලක්ෂ 33ක අවම මිලකට එම කාර්ය කිරීමට සකස් කළ සැලැසුම් ඇමැතිවරයා විසින් අවලංගු කරනු ලැබීමෙන් පසුව යැයි ද පසුව එම වේදිකාව සඳහා රුපියල් ලක්ෂ 45ක් ගෙවන්නැයි ඇමැතිවරයා තමාට නියෝග කළ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිභාහිරව මුදල් ගෙවීමක් බැවින් එම නියෝගය ද ප්‍රතික්ෂේප කිරීමට තමාට සිදුවී යැයි ද උඩවත්ත මහතා ඔහුගේ පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ මුදල් ගෙවීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් ලබාගන්නා හැටියට ඇමැතිවරයා තමාට නියෝග කළේ යැයි ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාවෙන් නැවත අයකර ගන්නා මුදලින් එවැනි මුදල් වෙන් කිරීමකට අවසර දීම නීති විරෝධී බව කියමින් එම සියලු නියෝග ප්‍රතික්ෂේප කළ බැවින් තමාට තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ඇමැතිවරයා බල කළේ යැයි ද උඩවත්ත මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

අමාත්‍යංශ ලේකම්වරිය ලිඛිතව එම නියෝගය කළහොත් අස්වීමට සූදානම් යැයි ඇමැතිවරයාට පැවසූ බවත් ඉන්පසුව තමා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව හැඟී ගියෙන් මැතිවරණ කාලයේ එවැන්නකට යත්න දැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සලකා කොමිසමට පැමිණිලි කළ බවත් සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසීමක දී සමන් උඩවත්ත මහතා පැවසුවේ මැතිවරණ කොමිෂමේ නියෝගය අනුව තමා තවදුරටත් තනතුරේ රාජකාරි කිරීමට සූදානම් බවය.

මේ පිළිබඳව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් හා අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මියගෙන් විමසීමට උත්සාහ කළ ද ඔවුහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූහ.

 



අදහස් (5)

වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

sam Friday, 18 October 2019 04:53 AM

මේ සජිත්වත් රනිල්වත් එපා කියලා ජනාධිපතිකමට ඉල්ලන්න හදපු කෙනෙක් නේද? මේගොල්ලන් බලයට එන්නේ රටට ආදරේ නිසාම තමයි. අපි දන්නා තරමට සමුර්ධිය දෙන්නේ තමන්ට ගොට්ට අල්ලන අයට විතරයි.

:       0       94

චමිල ජයසිංහ Friday, 18 October 2019 05:59 AM

රටේ ගම්මිරිස් මිල පහල වැටීමට දයා ගමගේ හේතුවක් ය.

:       0       83

nalani Friday, 18 October 2019 06:04 AM

සජිත් මැතිදුනි, හැමෝම බලාසිටිනුයේ ඔබතුම කෙරෙහියි . ඔය ටි එන් ඒ ජරා යෝජනා දිහා බලන්නවත් එපා. රනිල්ගේ ගැටවලට අහුවෙන්න එපා. ඕවට එකග වුනොත් පාක්ෂිකයන් අප හැරයාවී.

:       165       199

Deepal Nirosh Friday, 18 October 2019 10:15 AM

වෙන මොනවද ඉතින් මේ යහ පාලනය මිසක්.

:       0       2

Kasun Friday, 18 October 2019 01:31 PM

නීති ගරුක නිලධාරීන් දේශපාලන අතකොලු කරගැනීම සාධාරණ සමාජයේ මිනිසුන් පිළිකුල් කරනවා. රටක් දියුණු කරන්න පටු පරමාර්ථ වලින් බෑ. කොහොම උනත් හොඳ නිලධාරීයෙක් නිසා මහජන මුදල් ටිකක් හරි ඉතිරි වුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 227 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 978 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site