IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වැඩබලන විදේශ ලේකම් විපක්ෂ මන්ත්‍රීන්ගේ දැඩි දෝෂදර්ශනයට

මෙරට අධිකරණයේ විභාගවන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකුට කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුට සහ මහාධිකරණ විනිසුරුවරුන්ට කර ඇති දැනුම්දීම වහාම නතර කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර වහාම එය නතර කිරීමට පියවර ගන්නා බවය.

දිනේෂ් ගුණවර්ධන මහතා:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2සී වගන්තිය යටතේ අධිකරණයට මැදිහත්වීම වරදක්. කිසියම් පුද්ගලයකු විනිශ්චය කාරවරයකුට හෝ විනිශ්චයට භාජනය වන කරුණකට බාධා කිරීම වරදක්.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අහමඞ් ජබාර් නමැත්තා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරියට ලිපියක් ලියා තිබෙනවා. එහි තුන්වන පිටුවේ ලියා ඇති දෙයින් අධිකරණයේ කටයුතුවලට බලපෑමක් කර තිබෙනවා.

අගවිනිසුරුත් ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියත් මහාධිකරණයේ විනිසුරුවරුනුත් මෙරටට පැමිණ සිටින විදේශීය නියෝජිතයකු හමුවිය යුතු යැයි එමගින් දන්වා තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කළ යුතුයි. අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ වැඩ බලන ලේකම්වරයකු මෙවැනි ලිපියක් යවනවා නම් එය වැරදියි.

කතානායක කරු ජයසූරිය මහතා:-
මා ඒ ගැන වහාම දැනුවත් කරන්නම්.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා:-
මෙතැනදී විශේෂ නඩු කීපයක් නම් කර තිබෙනවා. රොෂාන් චානකගේ මරණය, වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ විරෝධතාව රතු පස්වල සිද්ධිය සහ අධිකරණ අමාත්‍යාංශය යටතේ සිදුවූ වෙනත් සිද්ධි ඊට ඇතුළත් වෙනවා.

මේවා ගැන ප්‍රශ්න කිරීමට ඉඩදීම අධිකරණයේ ස්වාධීනත්වයට විශාල බාධාවක්. කතානායකතුමා වශයෙන් ඔබ තුමා අදම මෙය නතර කිරීමට කටයුතු කරන්න.

චන්දිම වීරක්කොඩි මහතා:- මේ ලේකම්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ටත් මේ ගැන පිටපතක් යවනවා මෙය සාධාරණ වැඩක්ද?

ආචාර්ය විජයදාස රාජපක්‍ස මහතා:-
අධිකරණයේ තිබෙන නඩු තුනක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත කැඳවා මුණ ගැස්වීමට සැලැස්වීමට ඇමතිවරුන් සම්බන්ධද? එසේ නම් අධිකරණයට අපහාස කිරීමේ වරද ඔවුන් කර තිබෙනවා. ඒ නිසා මීට පහසුකම් සැපයූ ඇමැතිවරු ලේකම්වරු අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට අපට සිදු වෙනවා.

විමල් වීරවංශ මහතා:- විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරයා මේ පාවිච්චි කරන්නේ ඔහුට නැති බලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුද්දාට කරුණු කියන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාටයි මහාධිකරණයේ විනිසුරුන්ටයි කියන්න මොහුට තිබෙන බලය කුමක්ද? මේ නිලධාරියා හෙට පාර්ලිමේන්තුව හමුවට කැඳවන්න. මහජන නියෝජිතයෝ  හැටියට අපට මේ ගැන ප්‍රශ්න කරන්න ඕනෑ.

කතානායක කරු ජයසූරිය මහතා:- මෙය නතර කරන ලෙස මා දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා.



අදහස් (5)

වැඩබලන විදේශ ලේකම් විපක්ෂ මන්ත්‍රීන්ගේ දැඩි දෝෂදර්ශනයට

Sunil Wednesday, 24 July 2019 06:17 AM

නීතිය ගැන අබමල් රේණුවක දැනීමක්වත් නැති අයෙක්ද වැඩ බලන ලේකම් තනතුරට පත්කරලා තියෙන්නේ...... මෙයාට විනය පරීක්ෂණයක් කර සුදුසු දඩුවමක් ලබා දෙන්න......

:       1       35

sarath perth Wednesday, 24 July 2019 09:10 AM

තව ටික කලකින් ලංකාවට සිදුවීමට යන දේ ගැන පෙරනිමිත්තකි. අහෝ දුකකි.

:       0       9

SAM Wednesday, 24 July 2019 09:14 AM

ඔය ලේකම්ට තියන්නේ ඌරු මොලයක්ද?.

:       0       27

රවින් Wednesday, 24 July 2019 09:33 AM

මේ මොන යකෙක්ද? ලංකාවේ විනිසුරුවරයින් කිසිකෙනෙකුට උත්තර දෙන්නේ? ලෝකයේ තියෙන කොයි රටේද විනිසුරුවන් තව කාටවත් උත්තර බඳින්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් නොදන්නා කෙනෙක්ද මේ ලේකම්? මෙයා හිතේ තියාගෙන ඉන්නේ මේක යටත් විජිතයක් කියලාද? ලංකාව කියන්නේ නිදහස් ස්වෛරී රාජ්‍යක් කියලාවත් නොදන්නා කෙනෙක්ද අමාත්‍යංශ ලේකම් තනතුර දරන්නේ? ඔය කියන එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නේද අර කුරුණෑගල දොස්තර ගැනත් හොයන්න ගියේ? ඉස්ස ඉස්සෙල්ලම ඔය කියන ලේකම්ගේ හා පවුලේ සම්බන්ධතා සොයලා බැලුවොත් හින්දයි වගේ...

:       0       30

Prabha Wednesday, 24 July 2019 10:52 AM

හරි නම් පාලකයෙක් නැති වුණාම ඔහොම තමයි. හරි කෙළින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් අපේ රටට අවශ්‍ය කර තිබේ.

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 395 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 134 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 123 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 112 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3668 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1672 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site